පැහැපත් දීප්තිමත් සමක් ලබා ගන්න නම් මේ Skin care routine එක දිනපතා follow කරන්න.

0
8534

කවුරුත් කැමැතියි තමන්ගේ සම ලස්සනට පවත්වාගෙන යන්න. ලප කැලැල් වලින් තොර පැහැදිලි පැහැපත් සමක් කියන්නේ තරුණියකගේ හීනයක්. කොහොමද එහෙම සමක් ලබාගන්නේ?

ඉතින් අද මේ කියන්නේ යන්නේ මේකප් දාන්න ඕන නැති, ලස්සන ,නීරෝගී සමක් පවත්වාගෙන යන්න නම් Skin care routine එකක් කරන්නේ කොහොමද කියලා.ඇත්ත වශයෙන්ම මේක අපේ දෛනික වැඩ කටයුතු වල අනිවාර්යය කොටසක් කරගන්න ඕනම දෙයක්.

මොකද්ද මේ ස්කින් කෙයා රූටින් ( Skin Care Routine ) එකක් කියන්නේ ?

මේක දෛනික ක්‍රියාවලියක්.ඒ කියන්නෙ අපි දිනපතා අපේ සමට කල යුතු සත්කාර ක්‍රියාවලියක්.
මෙහිදී අපිට උදෑසනට වෙනම සහ රාත්‍රියට වෙනම වශයෙන් ස්කින් කෙයා රූටින් එකක් පවත්වාගෙන යන්න පුලුවන්.

ස්කින් කෙයා රූටින් එකක වැදගත්කම මොකද්ද?

අපේ සම හොඳ තත්වයකින් පවත්වාගෙන යන්න අපිට ස්කින් කෙයා රූටින් එකක් ගොඩක් වැදගත් වෙනවා.මෙයින් අපිට වාසි රැසක් අත් කරගන්න පුලුවන්

  • කුරුලෑ ඇතිවීම වැලැක්වීම
  • ලප කැලැල් අවම කිරීම
  • සම වියලීම අවම කිරීම
  • සමේ ඇතිවන රැළි වලට ප්‍රතිකාර කිරීම
  • සම වඩාත් හොඳ පෙනුමකින් , දීප්තිමත්ව පවත්වාගෙන යාමට හැකි වීම
  • සමට ප්‍රබෝධමත් බවක් ලබා දීම
  • සම වියපත් වීම වැලැක්වීම
  • යහපත් මානසික සෞඛ්‍ය තත්වයක් ඇතිවීම

ස්කින් කෙයා රූටින් ( Skin Care Routine ) එකක් කරන්න කලින් අපි අපේ සම හඳුනාගැනීම (Skin Type ) සහ ඊට ගැලපෙන ආකාරයේ රූටින් එකක් තෝරාගැනීම කලයුතු වෙනවා.

මොනවද මේ Skin types ?

සමේ මූලික වර්ග හතරක් තියනවා

  1. සාමාන්‍ය සම ( normal skin )
  2. වියළි සම ( dry skin )
  3. තෙල් සහිත සම ( oily skin )
  4. සංයෝජන සම ( combination skin )

කොහොමද අපි අපේ සම වර්ගය ( Skin type ) හොයාගන්නේ ?

ඔබේ සම තදින් දැනෙනවා නම්, ඔබේ සම වියළි සමක් ලෙස හඳුවන්න පුලුවන් . ඔබේ නාසය සහ නළලෙහි කැපී පෙනෙන බැබළීමක් තිබේ නම්, ඔබේ සම බොහෝ දුරට සාමාන්‍ය හෝ සංයෝජන සමක් විය හැකියි. ඔබේ නළල හා නාසයට අමතරව ඔබේ කම්මුල් වලත් දිලිසීමක් තිබේ නම්,උදෑසන අවදි වන විට ඔබේ නාසය දෙපැත්තේ අධික තෙල් සහිත ස්වභාවයක් තිබේ නම් ඔබට බොහෝ විට තෙල් සහිත සමක් තියනවා කියලා හඳුන්වන්න පුලුවන්.

කියවන්න :  ඇඳුම් අඳින එකත් කලාවක්!

මේ විදියට ඔබේ ස්කින් ටයිප් ( Skin type ) එක තෝරාගැනීමෙන් පස්සෙ ඔබට ඔබේ ස්කින් කෙයා රූටින් එක ගොඩනගා ගන්න පුලුවන්.
මෙහි අදියර සඳහා ඔබේ skin type එකට ගැලපෙන නිශ්පාදන හෝ ස්වභාවික දේවල් තෝරාගෙන භාවිතා කිරීම ඉතා වැදගත්.

කොහොමද ස්කින් කෙයා රූටින් එකක් කරන්නේ?

ස්කින් කෙයා රූටින් එකක ප්‍රධාන පියවර මොනවද කියලා අපි මුලින්ම විමසා බලමු. මේ පියවර වලට අමතරව ඔබට ඔබේ සම අනුව, සමෙහි ඇති ගැටලු අනුව තවත් පියවර එකතු කරගන්න පුලුවන්

මුලින්ම ඔබේ දෑත් සබන් යොදා හොදින් පිරිසිදු කරගන්න. දෑත් වල ඇති විශබීජ සමෙහි තැවරීම සහ සමට ඇතුලුවීම මෙයින් වලක්වනවා.

සම පිරිසිදු කරගැනීම

මෙහිදී ඔබේ සමට ගැලපෙන ෆේස් වොශ් (face wash) එකක් හෝ ක්ලෙන්සර් එකක් (cleanser) පාවිච්චි කරන්න පුලුවන්. ෆේස් වොශ් එකකින් සම හොඳින් පිරිසිදු කරන අතර ක්ලෙන්සර් කිරීම මඟින් සම පිරිසිදු කරනවා වගේම සමට තෙතමනයත් ලබා දෙමින් පෝශණය කරනවා. මින් එකක් හෝ දෙකම ඔබට උදෑසනට සහ රාත්‍රියට භාවිත කල යුතු වෙනවා.

සම පිරිසිදු කරගත හැකි ස්වාභාවික ද්‍රව්‍ය

  • නැවුම් කිරි
  • ඕට්ස්
  • මී පැණි
  • ලෙමන්
  • පිරිසිදු පොල් තෙල්
  • රෝස වතුර

ස්ක්‍රබ් කිරීම

ස්ක්‍රබ් කිරීම දිනපතා කල යුතු නෑ.නමුත් සතියකට දෙතුන් වතාවක් කිරීම කල යුතුයි. මෙයින් සමෙහි ඇති මැරුණු සෛල හොඳින් ඉවත් කරනවා.

කියවන්න :  වැලමිට හා දනහිස් අඳුරු පැහැ වීම වළක්වා ගන්න නිවසේ දී මේ දේවල් කරන්න

ස්ක්‍රබ් කරගත හැකි ස්වභාවික ක්‍රම

  • දුඹුරු සීනි සහ සුදු පොල් තෙල්
  • කෝපි කුඩු සහ නැවුම් කිරි
  • ඕට්ස් සහ යෝගට්
  • ඕට්ස් සහ මී පැණි

ටෝනර් කිරීම

ස්ක්‍රබ් කිරීමේදි විවෘත වෙන සමෙහි සිදුරු නැවත වසා දැමීම මෙහිදි සිදුවෙන නිසා මෙය කිරීම අනිවාර්යය වෙනවා. නැතිනම් කුණු දූවිලි ඔබේ සමට ඇතුලු වෙන්න පුලුවන්

ස්වාභාවික ටෝනර් වර්ග

  • අයිස් වතුර
  • රෝස වතුර
  • පිපිඤ්ඤා වතුර

Moisturiser එකක් භාවිතා කිරීම

ඔබේ සම පෝශණය කිරීම සහ වියලීම වැලැක්වීම මෙහිදි සිදුවනවා. එම නිසා ඔබෙ skin type එකට ගැලපෙන ආකාරයේ මොයිස්චර්රයිසර් එකක් භාවිතා කරන එක වැදගත්.
ඔබ එළිමහනට නොයන්නේ නම් කෝමාරිකා ජෙල් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්. මොයිස්චර්රයිසර් එකක් යොදා සම මෘදුව උඩු අතට සම්බාහනය කල යුතු වෙනවා

සන් ක්‍රීම් එකක් භාවිත කිරිම

මෙම ස්කින් කෙයා රූටින් එකෙන් පසුව ඔබ එළිමහනට යනවා නම් sun cream එකක් භාවිතා කිරිම අනිවාර්යය කරගන්න.හිරු කිරණින් ඔබේ සමට ඇතිවිය හැකි අහිතකර තත්ව මින් වලක්වනවා.

ස්කින් කෙයා රූටින් එකක ප්‍රධාන අදියර කීපය මේවා වන අතර මේ සඳහා ඔබේ සමට හිතකර වෙන තවත් අදියර ඔබ කැමති ආකාරයට එකතු කරගන්න පුලුවන්. විටමින් සී සීරම් එකක් භාවිතා කිරීම ,උදෑසන හෝ රාත්‍රියේදි සතියකට තුන් වතාවක් පමණ ෆේස් මාස්ක් ( face mask ) එකක් භාවිතා කිරීම ,රාත්‍රියේදි under eye cream එකක් භාවිතා කිරීමත් ඔබට කල හැකියි.

කෙසේ උනත් මේ සියලු සත්කාර වලට කලින් ඔබ භාවිතා කරන්න යන නිශ්පාදන හෝ ස්වභාවික ද්‍රව්‍ය වලින් ඔබට කුමක් හෝ ආසාත්මිකතාවක් ඇතිවීමට හැකියාවක් ඇතිදැයි පරික්ශා කර බැලීමට සැලකිලිමත් වන්න.

නාට්‍ය පිටපත් රචිකාවක ලෙස රේඩියෝ නාලිකාවක සේවය කර ඇත.ටෙලිනාට්‍යය කිහිපයකට තේමා ගීත රචනයෙන් දායක වී ඇත.වෘත්තියෙන් ගී පද රචිකාවක් ලෙස කටයුතු කරයි.
3.1 7 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments