මිල අධික රූපලාවණ්‍ය සත්කාර කරන්න කලින් බොහොම ලේසියෙන් හොයාගන්න පුලුවන් පලතුරකින් ලස්සන වෙන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියෙ නෑ නේද? එහෙනම් මේ ලිපිය ඔබ කියවන්නම ඕන එකක්.
අවුරුද්දේ ඕනෑම කාලයක ඔබට හරිම ලේසියෙන් හොයාගන්න පුලුවන් පලතුරක් තමයි ගස්ලබු කියන්නෙ.ඉතින් ගස්ලබු වලින් ලස්සන වෙන්න පුලුවන් ක්‍රම කීපයක් ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කියන්න හදන්නේ.නීරෝගි පැහැපත් සමක් ලබාගන්න ඔබට ගස්ලබු වලින් ගන්න පුලුවන් ප්‍රයෝජන මොනවද කියලා අපි දැන් බලමු
මොනවද මේ ගස්ලබු වලින් තියන ප්‍රයෝජන ?
ගස්ලබු වල තියන විටමින් A සමේ මැරුණු සෛල ඉවත් කරනවා
සමේ තෙතමනය පවත්වාගෙන යන්න උපකාරි වෙනවා
මුහුණේ තෙල් ගතිය පාලනය කරනවා
ගස්ලබු වල ඇති විටමින් සී මඟින් සම දීප්තිමත් කරනවා
සමේ ඇතිවන අවපැහැ ගැන්වීම් ඉවත් කරනවා
සම වියපත් වීම අවම කරනවා
කුරුලෑ නිසා ඇතිවුනු කැළැල් මකා දමනවා
මොනවද ගස්ලබු වලින් ලස්සන වෙන්න පුලුවන් ක්‍රම?
වියළි සමට ගස්ලබු සහ මී පැණි සත්කාරය


ඉඳුනු ගස්ලබු කැබැල්ලකට නැවුම් කිරි තේ හැඳි දෙකක් සහ මී පැණි ස්වල්පයක් එකතු කර පේස්ට් එකක් සාදා මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න. විනාඩි 15 කට පමණ පසු සීතල වතුරෙන් සෝදා හරින්න . මේ සත්කාර තුලින් සමේ වියලි බව අඩු කරගන්න ඔබට පුලුවන් .
තෙල් සහිත සමට ගස්ලබු සහ දොඩම් යුශ සත්කාරය


ඉදුනු ගස්ලබු කැබැල්ලකට දොඩම් හෝ ලෙමන් යුශ එකතු කර පේස්ට් එකක් සාදා මුහුණෙ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15 ක් හෝ 20 ක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න . සමේ තෙල් ස්බාවය අවම කරන්න මේ ප්‍රතිකාරයට පුලුවන් .
දීප්තිමත් සමකට ගස්ලබු සහ ලෙමන් යුශ සත්කාරය


ඉදුනු ගස්ලබු කැබැල්ලකට ලෙමන් යුශ සහ මී පැණි ස්වල්පයක් එකතු කර පේස්ට් එකක් සාදා මුහුණේ ආලේප කරන්න. විනාඩි දහයකට පසුව ඇල් ජලයෙන් සෝදා හරින්න. මේ ප්‍රතිකාරය මගින් ඔබේ සම දිනෙන් දින දීප්තිමත් කර ගන්න ඔබට පුලුවන් .
කුරුලෑ සහිත සමකට ගස්ලබු සහ සුදු හඳුන් සත්කාරය


ඉදුනු ගස්ලබු කැබැල්ලකට සුදු හඳුන් කුඩු තේ හැන්දක් සහ මී පැණි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න.එය විනාඩි 20 ක් පමණ මුහුණෙ තිබෙන්නට හැර සෝදා හරින්න . මේ සත්කාරය මගින් කුරුලෑ ලපකැලැල් අවම වේවි.
සමේ අඳුරු පැල්ලම් සඳහා ගස්ලබු සහ කිරි සත්කාරය


ඉදුනු ගස්ලබු කැබැල්ලකට නැවුම් කිරි තේ හැඳි දෙකක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15 – 20 ක් තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න
හිරු එළියෙන් අවපැහැ ගැන්වුනු සමට ගස්ලබු සහ තක්කාලි සත්කාරය


ඉදුනු ගස්ලබු කැබැල්ලක් සහ තක්කාලි කැබැල්ලක් හොඳින් මිශ්‍ර කර මුහුණෙ සහ බෙල්ලෙ ආලේප කර වියලුනු පසු සාමන්‍ය ජලයෙන් සෝදා හරින්න . මේ ප්‍රතිකාර තුලින් හිරු එලිය නිසා අවපැහැයට පත් වුන සමට දීප්තිමත් බවක් ලබා දෙනවා.
මෙම ෆේස් පැක් වලට අමතර ගස්ලබු ආහාරයට ගැනීම ,ගස්ලබු යුශ පානය කිරීම මඟිනුත් ඔබේ සම ලස්සනට පවත්වාගෙන යන්න ඔබට පුලුවන්.
ඒ වගේම ගස්ලබූ පොඩි කර පැලුණු යටිපතුල් වල ආලේප කිරිමෙන් ඒවා සුවපත් කරගන්නත් ඔබට හැකියාව තියනවා.
මේ සෑම සත්කාරයක්ම ඔබේ සමේ ඇති ගැටලු අනුව කල යුතු අතරම සත්කාර කිරීමට පෙර ඔබට ආසාත්මිකතා ඇත්දැයි පරික්ශා කිරීම අනිවාර්යය වෙනවා. ඒ වගේම මෙම සත්කාර අවසානයේදි මුහුණ ටෝනර් කිරීමත් වැදගත්. කෘතිම ආලෙපන වලට මුදල් වියදම් නොකර බොහොම පහසුවෙන් ඔබේ රූපලාවණ්‍ය ගැටලු වලට විසඳුම් ලබාගන්න එහෙනම් දැන් ඔබටත් පුලුවන්