Colour කරලා ඩැමේජ් වුණු කොණ්ඩයට සත්කාර.

කොණ්ඩය කලර් කරනකොට අපි අනුගමනය කරන්න ඕන නිවැරදි කාරණා ගැන අපි මීට කලින් කතා කළා ඔබට මතක ඇති.

http://smartlady.lk/article/7383

එහෙම ලස්සනට කලර් කරන කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුලුවන්.එහෙම ඩැමේජ් වුණොත් කළ හැකි සත්කාර ගැන තමයි අපි අද කතා කරන්නේ..

හෙයාර් කලර් එක හොඳින් පවත්වාගන්න කරන්න පුලුවන් මොනවාද?

  • hair tonic වර්ගයක් භාවිතා කරන්න.
  • ඔබේ වර්ණ ගැන්වූ කෙස් කළඹේ වර්ණය හොඳින් පවත්වා ගැනීම සඳහා හිරු එලියට නිරාවරණය වීම වලකින්න.
  • colour enhancing shampo වර්ගයක් භාවිතා කරන්න. ඒ මගින් කෙස් කලඹට වඩා හොඳ පෙනුමක් ලබා ගන්නට හැකි වේවි.
  • වර්ණ ගැන්වීමකින් පසු hair dryer හෝ hair iron භාවිතා කිරීමෙන් වලකින්න. එසේ කිරීමෙන් කොණ්ඩයේ වර්ණය වෙනස් වෙන්නට පුළුවන්.
  • මාසයකට වරක් වත් සැලෝන් එකකට ගිහින් කන්ඩිෂනර් සත්කාරයක් කරවා ගන්න.
  • සිලිකන් කන්ඩිෂනර් හෝ ඔබට ගැලපෙන සීරම් වර්ගයක් භාවිතා කරන්න.

කලර් හෙයාර් එක ඩැමේජ් වීමට හේතු.

  • ක්ලෝරීන් වතුර ස්නානය කිරීම.
  • අධික හිරු එළියට නිරාවරණය වීම.
  • නොගැළපෙන ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතය.

කොණ්ඩය ඩැමේජ් නම් කළ හැකි ස්වභාවික සත්කාර.

රෝස වතුර සත්කාරය

රෝස පෙති මඳ උණු වතුර ටික වෙලාවක් තියලා ඒ වතුර අරගෙන ෂැම්පු එක්ක කවලම් කරලා ස්නානය කිරීමෙන් හිසකෙස් සුමුදු සහ දිලිසෙන සුළු බවක් ලබා ගන්න පුළුවන්.

කන්ඩිෂනර් එකක් ලෙස රෝස වතුර පාවිච්චි කිරීමෙන් හිසකෙස් වලට දීප්තිමත් බවක් සහ මනා සුවඳක් ලබාගන්නට හැකියාව ලැබෙනවා.
ඩැමේජ් වෙච්ච හිසකෙස් සඳහා රෝස වතුර කෝප්පයකට විටමින් ඊ සහ ජොජෝබා තෙල් බිංදු කිහිපයක් එකතු කරලා හොඳින් කවලම් කරලා තෙත කොණ්ඩයෙන් සිටියදී ගල්වා මසාජ් කර විනාඩි දහයක් විතර ඉඳලා සෝදා හරින්න පුළුවන්.

අල තලපය

අල ගෙඩි දෙකක් විතර තම්බලා අරගෙන ඒවායේ පොත්ත ඉවත් කරලා හොඳින් තලන්න.
ඊට පස්සේ මේ තලපයක් වගේ ආලේපය හිසකෙස් වල හොඳින් ගල්වන්න.
හිසකෙස් මූලයේත් ඉතා හොඳින් ගෑවෙන සේ ආලේප කරන්නට අමතක කරන්න එපා.
පැයක් විතර මෙහෙම ඉඳලා සෝදා හරින්න.

කෝමාරිකා

කෝමාරිකා යුෂවලට දෙහි යුෂ දමා විනාඩි විස්සක් පමණ තිබෙන්නට හරින්න.
එයට පොල්තෙල් සහ පොල්කිරි මිශ්‍ර කර හිසේ ආලේප කරන්න.

යෝගට්

යෝගට් සමඟ බිත්තරයක් මිශ්‍ර කරලා හිසෙහි විනාඩි විස්සක් පමණ ආලේප කර තිබෙන සෝදා හරින්නට පුළුවන්. 

මේ සියල්ල සමඟ ඔබ අමතක නොකළ යුතු කාරණාව තමයි, ලස්සන කොණ්ඩයක් නීරෝගීව පවත්වා ගන්න හොඳ පෝෂ්‍යදායක ආහාර අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන් විටමින් A ඔබේ හිස කෙස් වලට අවශ්‍ය තෙත් ස්වභාවය ලබා දී, කෙස් කලඹට ප්‍රාණවත් පෙනුමක් ලබා දෙනවා. විටමින් A වැඩිපුර ලබා ගත හැකි මාර්ගයන් වන්නේ මාළු, නිවිති, කැරට් සහ බතල වැනි ආහාර වලිනුයි.

ඉතින් හොඳ පෝෂණය , හොඳට වතුර බීම කොණ්ඩයකට හරිම වැදගත්.මේ නිසා කොණ්ඩයට අවශ්‍ය පෝෂණය ලැබෙන ආහාර ලබා ගනිමින් ප්‍රමාණවත් අයුරින් ජලය ලබා ගනිමින් අභ්‍යන්තරයෙන්ම කොණ්ඩයට පෝෂණය ලබා දීම ඉතාම වැදගත්.

Related Articles

Don't Miss


Latest Articles