කියවන්න පොතක් – බාණ කුසුම්

බාණ කුසුම් ලියැවෙන්නේ යුග දෙකක් හරහා.සිත්තර පරම්පරාවකට අයත් නිබ්බුතා නම් තරුණිය වටා මෙහි ප්‍රථම භාගය ලියැවෙනවා. රූමත් සරාගී නිබ්බුතා දහ අටවැනි සියවසට අයත් තරුණියක්.ආචාරී කුලයට අයත් ඇය ගොවිගම කුලයේ රන් බණ්ඩා සමඟ විවාහ වීම නිසා සැමියාගේ තාඩන පීඩන වලට ලක් වන්නියක්.දරුවන් නැතිකමින් ද පීඩා විඳින ඇය ඉතා සංවේදි ලිංගික ගැටලුවක් සහිත තැනැත්තියක වනවා. මේ නිසාම ඇගේ විවාහය බිඳ වැටෙනවා.

මේ ගැටළුව ගැන ලාංකීය නවකතා කාරියක විසින් ලියා තැබීම ඉතා සාධනීය කාරණාවක් බව නිරතුරුව ගැහැනු අයගේ සංවේදී ගැටළු ගැන කතා කරන ස්මාර්ට්ලේඩි අපි කියන්නේ ප්‍රසංසාවෙන්. මෙය බහුතර ගැටලුවක් නෙවෙයි.නමුත් සුළුතරයක් හෝ පීඩා විඳින දෙයක් ගැන සමාජයට පණිවිඩයක් දෙන්නට නිර්මාණයකට හැකියි.

ඒත් නිබ්බුතාට පිටගම් කාරයෙක් මුණ ගැසෙනවා. එතනින් පසු සැබෑවටම ඇයට ලැබෙන්නේ ප්‍රීතියක් ද ශෝකයක් ද?

කතාවේ දෙවැනි භාගය අයත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු නොවී ඉන් මිදෙන්නට තැත් දරන තාන්යා සහ බිම්සරා වැනි ගැහැනුන්ට.විසි එක්වැනි සියවසේ ජීවත් වන තාන්යා නිබ්බුතා පීඩා විඳි ගැටලුවම ඇති ගැහැනියක්.නමුත් ඇයට ධෛර්යමත් වන්නට මිතුරන් උදව් දෙනවා.

සංවේදී ලිංගික ගැටලුවක් ගැන වගේම සමලිංගික සම්බන්ධතා ගැනත් බාණ කුසුම් ඔස්සේ කතාවට ලක් කෙරෙනවා.එය සාමාන්‍ය තත්ත්වයක් මිස සමාජයෙන් නින්දා විඳිය යුතු තත්ත්වයක් නොවන බව බාණ කුසුම් ඔබට යළි යළිත් මතක් කරනවා.

මිනිසුන් විවිධ බවත් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා සහ මිනිසුන්ගේ ලිංගික රුචි අරුචිකම් විවිධ බවත් අප පිළි ගත යුතුමයි.මිනිසුන්ට නිදහස තිබිය යුතු අතර මිනිස් ආශාවන් දෙස අපුලකින් බලන සමාජය අවසන් විය යුතු බව බාණ කුසුම් කියවා අහවර වෙද්දී ඔබට වැටහෙන බව අපට විශ්වාසයි.

සියවස් දෙකහමාරක් පුරා පාරම්පරිකව උරුම වන දැවමුවා ස්ත්‍රී ප්‍රතිමාව හරහා අනන්‍යතාවය සොයා යන තරුණියක් ද එහි ගුප්ත නිමැවුම් කරුවා ද , ඔහුට පෙම්බැඳි තරුණිය ද බාණ කුසුම් හරහා හමු වන්න.

මිනුම් දඬු නැතිව මිනිස්කම විඳින්න.

සූරිය ප්‍රකාශනයක් වූ බාණ කුසුම් කත්‍යානා අමරසිංහ මහත්මියගේ සිව්වැනි ස්වතන්ත්‍ර නවකතාවයි.

Related Articles

Don't Miss


Latest Articles