ආතරයිටිස් රෝගය පාලනය සඳහා සුදුසු ආහාර වර්ග.

ආතරයිටිස් කියන්නේ සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝග කාණ්ඩයට අයිති එක්තරා තත්ත්වයක්. සන්ධියක ඇති වෙන ඉදීමක්, රතුවීමක් හෝ වර්ණය වෙනස්වීමක්.ස්පර්ශ කරද්දී සාමාන්‍ය දේහ උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය ඉහළ බව වැටහීම, සන්ධිය චලනය කිරීමේදී ඇති වන තද ගතිය සහ වේදනාව නිසා සන්ධි ආශ්‍රිත රෝගයක් කියලා හඳුනා ගන්න පුලුවන්. එය ආතරයිටිස් ම බව දැන ගන්න රක්තවාතවේද සායනයකට ඇතුළත් වෙන්න ඕනෑ. පරීක්ෂණ වලින් පසු එය ආතරයිටිස් ද කියලා සනාථ කරගන්න පුලුවන්. නිට්ටාවටම සුව කළ නොහැකි ඒත් පාලනය කළ හැකි රෝගයක් නිසා ආතරයිටිස් සම්බන්ධයෙන් අපේ සැලකිලිමත් වීම හරි වැදගත්.

ඒ නිසා තමයි අද අපි ඔබට ආතරයිටිස් වලට ගුණදායක ආහාර ගැන කියන්නේ.

සැමන් වර්ග

සැමන්, මැකරල් සහ සාඩින් වර්ග වල ඔමේගා 3 අඩංගු වෙනවා.මේවායේ විටමින් D ද පවතිනවා.ආතරයිටිස් නිසා ඔබේ සන්ධි ආශ්‍රිතව හටගන්නා දැවිල්ල තත්ත්වය පාලනයට මේවායින් හොඳ පිටුවහලක් ලැබෙනවා.

සුදු ළූණු

ඔස්ටියෝආතරයිටිස් තත්ත්වය සහිත අයට සුදු ළූණු හරිම ගුණදායකයි. දැවිල්ල තත්ත්වය පාලනයට වගේම ඔබේ ප්‍රතිශක්තිකරණ මට්ටම වර්ධනයටත් සුදු ළූණු හේතු වෙනවා.

නිවිති.

නිවිති කොහොමත් බොහෝ ගුණදායක පලා වර්ගයක් බව ඔබ කොහොමත් දන්නා දෙයක්.ඇන්ටිඩයොසින් බහුලව ඇති නිවිති ඔබේ සන්ධි ආශ්‍රිත දැවිල්ල පාලනය කරන අතරම ඔස්ටියෝආතරයිටිස් මට්ටම මනාව පාලනයටත් උදව් වෙනවා.

බෙරි වර්ග

ලංකාවේ අපිට සපයා ගත හැකි බෙරි වර්ගය ස්ට්‍රෝබෙරි. ස්ට්‍රෝබෙරි වල පවතින ඇන්ටිඔක්ඩයිඩ් වලට ආතරයිටිස් සන්ධි පුරා සීඝ්‍රයෙන් පැතිරී යාම පාලනය කරන්න පුලුවන්. මේ නිසා ස්ට්‍රෝබෙරි ඔබේ ආහාර වේලට එකතු කරගැනීමෙන් ඔබට සහනයක් ලැබෙනවා නිසැකයි.

ඔලිව් ඔයිල්

රූමටයිඩ් ආතරයිටිස් තත්ව සහ ඔස්ටියෝආතරයිටිස් මට්ටම පාලනය කරමින් තබා ගන්න ඔලිව් තෙල් වලට හැකියාව තියෙනවා. පිරිසිදු ඔලිව් ඔයිල් ඔබේ ආහාර වේලට එකතු කරගැනීමෙන් දැවිල්ල මට්ටම පාලනය කරමින් ඔබට සහනයක් ලබා දෙනවා.

කිරි ආශ්‍රිත නිෂ්පාදන

චීස් , යෝගට් සහ කිරි වල විටමින් ඩී සහ කැල්සියම් බහුලයි. ඒ නිසා ඔබේ අස්ථි ශක්තිමත් වෙන්න එය හේතුවක්.ප්‍රතිශක්තිකරණය ද වර්ධනය කිරීම සිරුරේ අපහසුතාවලින් පෙළෙන ඔබට අමතර වාසියක්.

පැඟිරි පළතුරු

දොඩම්,දෙහි ආදිය ඔබේ ආහාර වේලට එකතු කරගන්න.විටමින් සී සහ තවත් විටමින් වර්ග බහුල මේවා ඔබේ රූමටයිඩ් ආතරයිටිස් තත්වයට සහනයක් රැගෙන එන්නට සමත් වෙනවා.

ඉඟුරු

ආතරයිටිස් කියන්නේ වරින් වර රෝග ලක්ෂණ මතු වන රෝගයක්.මේ තත්ත්වය මතු නොවී තබා ගන්නට ඉඟුරු හේතුවක්.ඉඟුරු දැමූ තේ එකක් හෝ දිනපතා ලබා ගැනීම ගුණදායක වන්නේ ඒ නිසා.

Related Articles

Don't Miss


Latest Articles