නොනගතය කියන්නේ වැඩ කරන්න,කෑම කන්න හොඳ නැති වෙලාවක් ද?

නොනගතය කියන්නේ අලුත් අවුරුදු චාරිත්‍ර තුළ සමහරු හරිම කැමති සමහරු අකමැති කාලයක්.හැම වැඩක්ම නවතා දමලා ඉන්න ඕනෑ මේ වෙලාව ගැන බොහෝ අය ගණනකට ගන්නේ නෑ.

ඒත් ඇත්තටම අපි නොනගතයේ වැඩ කරන්න, කෑම කන්න, උයන්න පිහින්න සුදුසු ද? මේ ගැන ජෝතිශ්‍යවේදිනි එන් සංගක්කාර මහත්මිය කියන්නේ මෙන්න මෙහෙමයි.

නොනගතය යනු සිංහල අලුත් අවුරුද්දේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමනය වන කාලයයි.නොනගතය කියන්නේ නැකතක් නෑ කියන වෙලාව ලෙසත් හඳුන්වන්න පුලුවන්.මේ මොහොතේ සුබ කිරණ ග්‍රහයන්ගෙන් නිකුත් වෙන්නේ නෑ.සමහර විට මේ වෙලාවට අසුබ කිරණ නිකුත් වෙන්නත් පුලුවන්.”මහන්න ගිහින් ඉඳිකටු ඇන ගැනීම, උයන්න ගිහින් තෙල් ඉහිරවා ගැනීම” වගේ දේවල් ගැන නොනගත කාලයේ සමහරු පැමිණිලි කරන්නේ මේ සංක්‍රාන්ති වෙලාවේ සිදු වෙන අහිතකර කිරණ බලපෑමක් නිසා විය හැකියි.

ඒ නිසා ඒ මොහොතේ සියළු වැඩ අතහැර ඉඳීම තමයි ඇත්තටම ගැලපෙන්නේ. ගැමි සමාජයේ මේ වෙලාවට පන්සල් ගිහින් මල් පහන් පූජා කරලා පින්දහම් කරන සිරිතක් තියනවා.අන්න ඒ නිසා මේ නොනගත වෙලාවෙදි හැම වැඩක්ම අත් ඇරලා සංක්‍රාන්ති කාලය ගෙවීම යහපත්.කෑම ගැනීම නවත්තන්නම බැරිමනම් ලිප දල්වා කෑම පිසීමෙන්වත් වැලකෙන්න මතක තියා ගන්න.හැබැයි නොනගතය වෙලාවට කලින් කාබී සියලු වැඩ අතහැරීම තමයි නිවැරදිම ක්‍රියාව වෙන්නේ.

කොහොමනමුත් අපි අවුරුදු චාරිත්‍ර කරනවා නම් නොනගත චාරිත්‍රයත් ඉටු කිරීම වැදගත්.අවුරුද්දක් පුරා වෙහෙස මහන්සි වී හැල්මේ ගමනක යෙදෙන අපිට මේ මොහොත ටිකක් මහන්සි නිවා ගන්න හොඳ වෙලාවක් නේද? ඒ නිසා නොනගතය තියෙන පැය කිහිපයේ වැඩ අත් හරින්න.හොඳ හුස්මක් අරන් පවුලේ අය එක්ක කතාබහ කරන්න, පන්සල් යන්න.

නැකැත් නැති වෙලාව හෙවත් නොනගතය අපේ ජීවිතවල වෙහෙස නිවා ගන්න යොදා ගන්න ඒ විදියට අපිට පුලුවන්

තොරතුරු සැපයීම – ජෝතිශ්‍යවේදිනී එන් සංගක්කාර

Related Articles

Don't Miss


Latest Articles