ඇත්තටම පිරිමි ආකර්ෂණය වෙන්නේ මොන වගේ කාන්තාවන්ටද?

සමහර වෙලාවට බ්‍රේකප් එකකදී, දික්කසාදයකදී ඔබට හිතිලා ඇති සම්බන්ධතාව බිඳෙන්න ඔබේ වැරැද්ද ඔබේ අඩුපාඩුවක් බලපෑවද කියලා.ඔබ ඔහුට අවශ්‍ය විදියේ ගැහැනියක් නොවුණේ කොහොමද කියලා ඔබ හිතනව ඇති.
ලස්සන සහ උගත් ගෑනු හොයන පිරිමි වැඩි බව හිතුවට,මිල මුදල් ඇති ගැහැනුන්ට පිරිමි ආකර්ෂණය වැඩි බව හිතුවාට,සරාගී වීම පිරිමියෙක් ආකර්ෂණය කර ගන්න එකම කාරණාව බව හිතුවට ඇත්තටම පිරිමි කැමති මේ වගේ ගති ගුණ ඇති ගැහැනුන්ට කියලා ඔබට හිතිලාම නැද්ද?

මේ කාරණා ඔබ තුළ තියනවා නම් ඔහු ඔබට ආදරය කරන එක වළක්වන්න බැරි වෙයි.

ආදරණීය බව

පිරිමියෙක් ඔබට ආසක්ත වෙන්න ප්‍රධානම හේතුව තමයි ආදරණීය ගුණාංග ඇති ගැහැනියක වීම.ඔබ ඔහු වෙනුවෙන් කරන කුඩා දෙයක පවා නිතරම ආදරය දැවටිලා තියනවා නම්, ඔහුට කතා කරන්නේ ආදරයෙන් නම් ඔහු ඔබට පෙරලා ආදරය නොකර ඉන්නේ නෑ.

අවංක වීම

රහස් පිරුණු ගැහැනියෙකුට පිරිමියෙක් කැමති වෙන්නේ නෑ.ඔබේ Private space එක එලෙසම තබා ගැනීම අතිශය වැදගත් තමයි.ඒත් ඔබට ඔහුගෙන් වසන් කරන්න කිසිම දෙයක් නැතිනම් ඔහු සමඟ ඔබේ ඕනෑම දෙයක් ශෙයාර් කර ගන්නඅ පුලුවන් නම් ඔහු ඔබට අකමැති වෙන්නේ නෑ.

අහංකාර නොවීම

ඔබ ඔහුට වඩා උගත් විය හැකියි.වැඩි වැටුප් ගන්නවා හෝ පාරම්පරිකව දේපල හිමි කෙනෙක් විය හැකියි. නමුත් ඒවායින් උඩඟු වී සැමියා පහත් කරන්නට යාම හොඳ දෙයක් නෙවෙයි.තමන්ගේ සමාන අසමානකම් ගළපා ගමින් ගමනක් යන සහකාරියක් තමයි පිරිමින් ප්‍රිය කරන්නේ.

නාස්තිකාර නොවීම

ලෝබ ගැහැනියකට වගේම දැඩිව නාස්තියට ලොල් ගැහැනියකටත් පිරිමියෙකුගේ හිත ගන්න බෑ.ඔබ අරපිරිමැස්මෙන් යුතුව අනාගතයට ඉතිරි කරන ඒත් ලෝබකම් නොකරන කෙනෙක් නම් ඔහු ඔබට ආසක්ත වීම වළක්වන්නත් බෑ.

උගත් වීම

මේ කියන්නේ ඔබට උපාධි කිහිපයක් තිබීම ම පමණක් නෙවෙයි.ඔබට හොඳ සමාජ දැනුමක් තියෙන්න ඕනෑ.ඒ වගේම ඔබට යම් ගැටලුවකට බුද්ධිමත්ව මුහුණ දෙන්න නුවණක් තියෙන්නත් ඕනෑ.ඉතා ළඳබොළඳ වෙන,ෆේස්බුක් මත හුරතල් කතා ලියන ගැහැනුන්ට පිරිමින් ඇලුම් කරන්නේ නෑ.උයන්න පුලුවන් වීමම තරුණයෙක්ගෙ හිත ගන්න කාරණාවක් නෙවෙයි.නමුත් ඔබ ඔබේ හැකියාව අනුව උයන කෑමකට ඔහුගේ ආදරය දිනා ගන්න ඉඩ නැතිවාම නෙවෙයි.

හොඳ විලාසිතා රසයක් තිබීම

ෆැෂන් සෙන්ස් එකත් අද කාලේ තරුණයෙක් ආසක්ත කර ගන්න ගැහැනු ළමයෙක්ට තිබිය යුතුම දෙයක්.ඔබ බෝල්ට් ඇණ සහ කිරි හොදි වගේ නොගැලපෙන විලාසිතා කරනවා නම් ඔබේ පෙනුමට ඉන් වෙන්නේ හානියක්.කොණ්ඩය දිග ගවුම් අඳින කෙල්ලන්, කොටට අඳින ටැටූ ගහන කෙල්ලන් විදියට එක එක රස තියෙන තරුණයන් ඉන්න බව සමාජ මාධ්‍ය වල තිබුණත් සැබෑවටම තරුණයෙක් ප්‍රිය කරන්නේ ලස්සනට ඉන්න තරුණියකට.
ඒ නිසා ඔහුගෙත් අදහස් අරගෙන ඔබේ විලාසිතා කරන්න.

පිරිමින් කැමති මෙවැනි ගැහැනියකට කියලා මොඩල් එකක් ඔබට කියන්න ඇත්තටම අපිට බැහැ.ඉහත ලියා තැබූ පරිදි හොඳ ගතිගුණ එක මිටට ගත් තරුණියකට ඕනෑම තරුණයෙක් ඇලුම් කරන්නට ඉඩ ඇති බව පමණක් කියන්න පුලුවන්.ඒ නිසා කොල්ලෙක් හොයන්නේ මේ වගේ කෙල්ලක් කියලා සමාජ මාධ්‍යවල පළවෙන විසිළු සහගත කාරණා කියවලා ඔබ ඔබව කණපිට ගහගන්න එපා.

ඇත්තටම කළ යුතු වන්නේ ඔබ ඔබ ආකාරයෙන් පවතින අතරේ ඔබේ යහපත් ගති ගුණ වර්ධනය කර ගන්න එක ව්තරයි.

Related Articles

Don't Miss


Latest Articles