අතුරුපසට banana-fritters හදමු

ගෙදරට ආපු අමුත්තෙක්ට ඉක්මනටම පහසුවෙන් හදලදෙන්න පුළුවන් අතුරුපසක් තමයි banana-fritters. පොඩ්ඩා කෙසෙල් ගෙඩි කන්න අකමැති නම් මේ විදිහට හදලදෙන්න. ආසාවෙන් කන්න කැමතිවේවි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කෙසෙල් ගෙඩි 4 -5
  • පාන්පිටි කෝප්ප 1
  • බේකිං පවුඩර් තේ හැඳි 1 1/2
  • කුරුඳු පවුඩර් තේ හැඳි 1
  • සීනි කෝප්ප 1/4
  • ලුණු ස්වල්පයක්
  • යෝගට් 1
  • බිත්තර සුදුමද 1
  • බැදීමට තෙල්
  • අයිසිං සීනි ස්වල්පයක්

සාදන අයුරු:

කෙසෙල් ගෙඩි පොතුහැර අඟල් 1.5 කොටස්වලටට කපාගන්න. බඳුනක්ගෙන එයට පාන්පිටි, බේකිං පවුඩර්, සීනි, කුරුඳු සහ ලුණු දමා යෝගට් එක සහ බිත්තර සුදුමද ද එකතුකර ලී හැන්දකින් හොඳින් මිශ්‍රකරගන්න. තරමක් ගැඹුරු පෑන් එකක් ලිප තබා තෙල් එකතුකරගන්න. ගෑරප්පුවක් ආධාරයෙන් කපාගත් කෙසෙල් කැබලි සාදාගත් මිශ්‍රනයේ දවටාගන්න. තෙල්කර කරගන්නේ නැතිව fritters රන්පැහැවනතෙක් බැදගන්න. ටිෂූ පේපර්එකක් මතට දමා තෙල් බේරාගන්න. අවසානයට අයිසිං සීනි ස්වල්පයක් ඉස පිළිගන්වන්න.

අයිස්ක්‍රීම්, කැරමලයිස්ඩ් කජු, ස්ට්‍රෝබෙරි සහ චොක්ලට් සෝස් වැනි දෙයක් සමඟ පිළිගන්වන්න කදිමයි. රස්නෙ පිටින්ම පිළිගැන්වීම වඩාත් සුදුසුයි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles