කෝපි බොන්න ආස ඔයාට වටින tips ටිකක්

දෙසැම්බර් සීතලට වගේම වහින වෙලාවටත් කෝපි කෝප්පයක් බොන්න තිබුණනන් හොඳයි කියල හිතෙනව නේද?

ඔබ දෙසැම්බර් සීතලට වහින වෙලාවට විතරක්ම නෙමෙයි නිතරම කෝපි බොන්න කැමති කෙනෙක් වෙන්නත් පුළුවන්.

ඔන්න ඉතිං ඔබ ඒ කවුරු වුනත් රසවත් කෝපි කෝප්පයක් හදාගන්න ඔබ දැනගෙනම ඉන්න ඕන පුංචි පුංචි ක්‍රම කීපයක් කියල දෙන්නයි අපි අද බලාපොරොත්තු වෙන්නෙ. 

කෝපි කුඩුද ? කෝපි ඇටද ? 

Coffee beans and ground coffee

අලුතින්ම කුඩු කරපු කෝපි කුඩු වල කලින් කුඩු කරල තියෙන කෝපි කුඩු වලට වඩා හොඳ සහ ප්‍රබල කෝපි රසක් තියෙනව. ඒව ස්වභාවික ඇන්ටිඔක්සිඩන්ට් වලින් සහ ෆ්ලූවොනයිඩ් වලිනුත් සංතෘප්ත වෙනවා. 

ඒ වගේම කෝපි ඇට වලිනුත් කලින් කුඩු කරල තියපු කෝපි වලට වඩා හොඳ රසක් ගන්න පුළුවන්. විවෘත කරල තියෙන කෝපි ඇට බෑගයක හොඳ කෝපි රස සහ සුවඳ සති දෙකක් විතර කාලයක් සහ විවෘත කරල තියෙන කෝපි කුඩු බෑගයක රස සහ සුවඳ සතියක් විතර පවතින්නෙත් ඒ නිසයි.  

ඒ නිසා කෝපි බොන වෙලාවෙදි කුඩු කරගත් කෝපි කුඩු භාවිතා කරන්නත් කුඩු කරන ලද කෝපි කුඩු බෑගයක් විවෘත කරල සතියක් ඇතුළත භාවිතා කරන්නත් පුළුවන් නම් වඩා හොඳයි. 

ඒ වගේම කෝපි ඇට වඩා හොඳ රසක් සහ සුවඳක් ඔබා ලබාදෙනව.

ශීතකරණයේ තියන්න එපා

කෝපි කුඩු හෝ කෝපි ඇට බෑගය ශීතකරණයේ ගබඩා කරල තැබීමෙන් එය තෙතමනයට නිතරම නිරාවරණය වීම සිදුවෙනව. ඒ වගේම ශීතකරණයේ ගබඩා කරල තියෙන අනෙක් ආහාර වල සුවඳත් එයට උරාගන්නව.

ඒ නිසාසාමාන්‍ය කාමර ඌෂ්ණත්වයේ කළුවර ස්ථානයක කෝපි ගබඩා කරල තියන්න අමතක කරන්න එපා. 

පොඩි ප්‍රමාණවලින් මිලදී ගන්න

කෝපි වල සුවඳ සහ රස කාලයත් එක්ක අඩුවෙලා යන නිසා ලොකු ප්‍රමාණයේ කෝපි බෑග් විවෘත කරල තබල නැවත නැවත භාවිතයට ගන්න එපා. 

ටිකෙන් ටික මුල් කෝපි වල තිබ්බ රස සහ සුවඳ අඩුවෙන බව ඔබට දැනේවී. 

ඒ නිසා කුඩා ප්‍රමාණවල බෑග් විවෘත කර සතියක් පමණ ඇතුළත ප්‍රයෝජනයට අරන් අවසන් කරන්න. 

කෝපි විතරක් උණුසුම් වෙලා මදි

ඉතාලි අවන්හල් වල කෝපි කෝප්ප කෝපි හදන මැෂින් උඩ ගබඩා කරල තියන්නෙ ඇයි කියල ඔබ දන්නවද ? 

ඒ කෝපි කෝප්පය උණුසුම් වීම අවශ්‍ය නිසයි. උණුසුම් කෝපි කෝප්පයක පිළියෙල කරන කෝපි වල උණුසුම වැඩි වෙලාවක් රඳා පවතිනව. 

ඔබ නිවසෙදී කෝපි පිළියෙල කරද්දි කෝපි කෝප්පයට උණුවතුර ටිකක් දාල පොඩි වෙලාවක් තියල වතුර ඉවත් කරොත් කෝප්පය උණුසුම් වෙනව. 

ඒ වගේම කිරි හෝ ක්‍රීම් යොදනවනම් රත් කරල යොදන්න ඔබට පුළුවන්. 

විවිධ කෝපි රසවල් අත්හදා බලන්න

කෝපි පිළියෙල කරද්දි අඬු කෝප්ප එකක ප්‍රමාණයේ කෝපි කෝප්පයක් හදාගන්න කෝපි කුඩු තේ හැඳි එකක් යෙදීම තමයි සම්මත පිළිගැනීම.

නමුත්, ඔබට ගැළපෙන විදිහට කෝපි ප්‍රමාණය අඩු වැඩි කරල වගේම කිරි, කුරුඳු කුඩු, මින්ට් වගේ කොළ වර්ග, වේලාවගත් දොඩම් ඇපල් වගේ පළතුරු පෙති වගේ දේවලුත් ත් එකතු කරල විවිධ කෝපි රසවල් අත්හදා බලන්න ඔබට පුළුවන්. 

රස වෙන්න ඕන වතුර 

හොඳ වතුර වලින් හොඳ කෝපිත් නරක වතුර වලින් නරක කෝපිත් ලැබෙනව කියල තමයි සම්මත පිළිගැනීම.

ඒ නිසා හොඳ කෝපි කෝප්පයක රසය දැනෙන්න නම් කෝපි පිළියෙල කරන්න නම් ක්ලෝරීන් මිශ්‍ර ජලය හෝ මඩ වගේ අපද්‍රව්‍ය කලවම් වුන ජලය කෝපි හදන්න භාවිත නොකර ඉන්න තරමට හොඳ කෝපි කෝප්පයක රස බලන්න ඔබට පුළුවන් වෙනව. 

දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග, පාකින්සන් වැනි රෝග ඇතිවීමේ අවධානම අඩු කරමින්, අක්මාවේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරමින්, පිළිකා ඇතිකරන සෛල හා සටන් කිරීමට ඔබේ DNA වල ශක්තිමත් බව වැඩිකරන්න වගේම මානසික පීඩනය අඩුකර ප්‍රබෝධමත් බව ඇති කරන්නත් කෝපි වලට හැකියාව තියෙනව.

ඉතිං හොඳ කෝපි කෝප්පයක් නොබී කොහොමද නේද? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles