උදෑසනට මුං ඇට කැඳ කෝප්පයක් බිව්වොත් ලැබෙන වාසි.

මුං ඇට කියන්නේ ශ්‍රී ලාංකීකයන්ගෙ මුලුතැන්ගෙවල් වල නොවරදින ආහාරයක්.මුං ඇට ව්‍යාංජනයක් ලෙස , තම්බා උදෑසන ආහාරයක් ලෙස ,කැවිලි වර්ග සකස් කිරීමට ,කැඳ සකස් කිරීමට වගේම ඇතැමුන් රූපලාවණ්‍ය කටයුතු සඳහාත් මේ මුං ඇට භාවිතා කරනවා. මුං ඇට වල පිශ්ටය අඩංගු වෙන්නේ ඉතාම අඩුවෙන් .එහි ප්‍රෝටීන් ,යකඩ වර්ග සහ විටමින් රැසක් අඩංගු වෙනවා.

අද අපි ඔබට කියන්න යන්නේ ඔබට සෞඛ්‍යමය වාසි රැසක් ගෙන දෙන මුං ඇට වල ගුණ සහ මුං ඇට වලින් රසවත්ව වගේම ලේසියෙන් කැඳ සකස් කරගන්නේ කොහොමද කියලා

මොනවද මුං ඇට වලින් තියන සෞඛ්‍යමය වාසි?

  • ශරීරයේ ඇති විස ඉවත් කරනවා
  • මුං ඇට යනු ඉතාම හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් නිසා නිර්මාංශ අයට මුං ඇට කියන්නෙ ඉතා හොඳ ආහාරයක්
  • ශරීරයේ ඇති අනවශ්‍ය මේද ඉවත් කර, කොලෙස්ටරෝල් සුව කරවනවා
  • රුධිර ගමනාගමනයට උපකාරී වීම මඟින් රුධිර පීඩනය ක්‍රමවත් කරවනවා
  • රුධිර නාලවල අවහිරතා අවම වීම නිසා අධි රුධිර පීඩනය වැළඳීම සිදු නොවන අතර හෘදයාබාධ අවදානමත් ආඝාත අවදානමත් අඩුවෙනවා.
  • මුංඇට ග්‍රෑම් 100ක තන්තු ග්‍රෑම් 16ක් පමණ අන්තර්ගත නිසා ඒවා ආහාරයට ගත්විට උදරය පිරී ඇති බවක් ඇඟවෙනවා. මේ නිසා වැඩිපුර ආහාර ගැනීම අවම කෙරෙනවා
  • මුත්‍රාශයේ ඇති වන රෝගී තත්වයන් රැසකට මුං ඇට කැඳ හොඳ ඔසුවක්.
  • මුං ඇට දියවැඩියා රෝගීන්ට හිතකරයි
  • මුං ඇට මඟින් ශරීරයේ සීනි පාලනය කරනවා.
  • පිළිකා රෝග සඳහා මුං ඇට හොඳ ඔසුවක්.එයට හේතු වන්නේ මුං ඇට වල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක ගුණයයි.
  • මුහුණේ ඇති වන කුරුලෑ ,සහ අඳුරු බව අඩු කර ගැනීමටත් මුං ඇට උපකාරී වන නිසා මුං ඇට පිටි රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කරනවා
  • මුං ඇට කැඳ පානය කිරීම මඟින් සිරුරේ ඇති ලප කැළැල් මකා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මුහුණේ ඇති වන කුරුලෑ නිසා මතු වන කැළැල් සුව කර ගන්න පුළුවන්.
  • සමේ ඇති වන රෝග සඳහා මෙය හොඳ ඔසුවක් වෙනවා.
  • මුං ඇට මඟින් ශරීරයට පෝෂණය ලබා දී, ශරීරය පිරිපුන් කරවනවා.
  • ගැස්ට්‍රයිටීස් හෙවත්, බඩේ දැවිල්ලට මුං ඇට කැඳ ඉතා හොඳ ඖෂධයක්.
  • මළ බද්ධය හෙවත් අර්ශස් සඳහාත් මුං ඇට ඉතා සුදුසුයි.මුං ඇට වල ඇති තන්තු නිසා මළ බද්ධය සුව වෙනවා.
  • ඔසප් වීමේදි ඇති වන ඇති වන වේදනාව සමනය කර ගන්නත් මුං ඇට කැඳ උපකාරී වෙනවා

කොහොමද මුං ඇට කැඳ හදන්නේ ?

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • තම්බා ගත් මුංඇට කෝප්ප 1
  • උකු පොල්කිරි කෝප්ප 3
  • හීනියට කපාගත් සුදුලූණු බික් 2
  • හීනියට කපාගත් රතුලූණු ගෙඩි 4
  • රස අනුව ලුණු

හදන්නේ මෙහෙමයි

  • මුලින්ම භාජනයක් ලිප තබා සියල්ල එකට මිශ්‍ර කරමින් පොල්කිරි රත්වෙනතුරු හොඳින් පිසගන්න
  • පසුව එම මිශ්‍රණය කාමර උෂ්ණත්වයට පැමිණි පසුව බ්ලෙන්ඩර් එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න
  • දැන් නැවතත් මිශ්‍රණය පෙර භාජනයටම දමා මදක් රත්කරගන්න

[psac_post_carousel show_date=”false” show_author=”false” taxonomy=”post_tag” cat_taxonomy=”category” tag_taxonomy=”post_tag” limit=”9″ category=”recipes”]

ප්‍රියාශා ඩයස්
Craft of spice and sweet

Related Articles

Don't Miss


Latest Articles