නැති වෙලාවට ගන්න වැඩිපුර තියෙන එළවලු පලතුරු කල්තියාගමු

සමහර ආහාර එක කාලයකදී බහුලව තියෙනවා.වාරය සහ අවාරය කියලයි අපි මෙය හඳුන්වන්නේඅවාරයේදී ආහාරවල මිල ඉතාමත්ම ඉහලට යනවාඒ පමණක් නොවෙයි සොයාගැනීමටත් ඉතාමත්ම අපහසුයි.නමුත් බහුලව ඇති වාරයේදී කල්තබා ගතහොත් අවාරයේදී ආහාරයට ගැනීමට අමතරව මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙසත් ආහාර කල්තබා ගැනීමෙන් වාසි සැලසෙනවා .

ආහාර නරක් වෙන්නේ ඇයි?

ආහාර නරක්වීමට බලපාන ප්‍රධානම හේතුව වන්නේ ඒ තුළ අඩංගු තෙතමනයයි.වායු ගෝලයේ ඇති පුස්,දිලීර සහ බැක්ටීරියාවන් එම ආහාර ද්‍රව්‍ය මත වැඩෙමින් ඒවායේ අඩංගු පෝෂණය මත යැපෙමින් සිය වර්ගයා බෝ කිරීම අරඹනවාඊට අමතරව ආහාර නරක්වීම සඳහා පරිසරයේ උෂ්ණත්වයද ආහාරයේ පී.එච්අගයද බලපානවාබැක්ටීරියා 4.0 -7.5 දක්වාපුස් 1.5 – 8.5 දක්වා පරාසයක් ආහාර නරක්වීම කෙරෙහි බලපානවා. ආහාර කල් තබා ගැනීමට නම් මෙම ක්ෂුද්‍ර ජිවින්ගේ පැවැත්මට බාධා කරන පී.එච්.අගය පරාසය වෙනස් කල යුතු වෙනවා.

ආහාර සංරක්ෂණය සඳහා පහත සඳහන් ක්‍රම යොදාගන්න පුළුවන්!

  • ආහාර විජලනය {වේලීම } සිදු කිරීම.
  • ලුණු දැමීම සහ අච්චාරු සැදීම
  • ශිත කිරීම හෝ අධි ශිත කිරීම
  • බෝතල් කිරීම හෝ ටින් කිරීම
  • ජෑම් හෝ ජෙලි හෝ මාමලෙඩ් සැදීම.
  • කෝඩියල් සැදීම
  • දුම් ගැසීම
  • ඉටි ආලේපනය
  • රසායනික ද්‍රව්‍ය එක් කිරීම
  • විකිරණය
  • විජලනය

මෙහිදී ආහාරයේ ඇති ජලය ඉවත් කිරීම සිදුකරනවා. ඒ නිසා ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නතරවීම නිසා නරක් වෙන්නේ නැහැ.

ශිත කිරීම

ශිත කිරීම නිසා ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධන වේගය අඩාල වෙනවා.නමුත් දිගු කාලයක් තබා ගැනීමට අපහසුයි.

බෝතල් සහ ටින් කිරීම

ආහාර ද්‍රව්‍ය වීදුරුබෝතල් හෝ ටින් වලට දමා ක්ෂුද්‍ර ජීවින් විනාශ කිරීමට ජීවානුහරණය කිරීමයි.

ජෑම්,ජෙලි ,මාමලෙඩ්,හා කෝඩියල් සෑදීමද ආහාර කල් තබා ගැනීමේ ජනප්‍රිය ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්.ඒ සඳහා හොඳින් ඉදුණු පලතුරු අවශ්‍ය වනවා.ඒ වාගේම තුනී ඉටි ආලේපනයක් මඟින් අපනයනය කරන පලතුරු දිගු කාලයක් තබා ගන්න පුළුවන්.

නවීනම ක්‍රමය වන්නේ විකිරණ යොදා ගැනීමයි.මේ මඟින් ආහාරයේ ඇති බැක්ටීරියා සහ දිලීර වලට වර්ධනයට ඉඩක් ලැබෙන්නේ නැහැ.මෙහිදී ආහාරයේ ස්වාභාවය වෙනස් නොවී රස සහ සුවඳ එලෙසින්ම ආරාක්ෂා වනවා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles