fbpx

දරුවෙකු පිලිබඳ සොඳුරු සිහින බොඳ කරන එන්ඩොමෙට්‍රියෝසිස්

දරුවෙකු කියන්නේ විවාහක සෑම කාන්තාවකගේම ආදරණිය බලාපොරොත්තුවක්ඉතින් සමහර අවස්තාවන් වලදී මේ ආදරණිය බලාපොරොත්තුව විවිධ හේතුන් නිසා කල් යනවාඉතින් ඉන් එක් අවස්තාවක් තමා එන්ඩොමෙට්‍රියෝසිස් කියන තත්වයඒ පිළිබඳව අප අද ටිකක් දැනුවත් වෙමු.

මොකද්ද මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ?

මෙය නිතර අසන්නට ලැබෙන රෝගයක්.ඒ වගේම කාන්තාවන් පිඩාවට පත් කරන රෝගයක්මෙහිදී මාසික ඔසප් ලෙය ලෙසින් ඉවත් වන ගර්භාෂ සිවිය සමඟ යෝනි මඟින් පිටතට එන රුධිරයට අමතරව ගර්භාෂයෙන් උදර කුහරය තුළට රුධිර වහනය වීමක් සිදුවනවාමේ වහනය වන රුධිරය ඩිම්බ කෝෂපැලෝපීය නාලඅන්ත්‍රමුත්‍රා මගෙහි ගුද මගෙහි ඇලීම මෙන්ම තැවරීමද සිදු වෙනවාමෙය ඉතා බරපතල තත්වයක්මෙසේ රුධිරය වහනය වන නිසා ප්‍රජනන අවයව ආශ්‍රිතව රුධිර කැට ඇතිවිමක්ද සිදු වෙනවා.

යම් කාන්තාවක් මේ රෝගයෙන් පෙළෙන බව දැනගන්නේ කොහොමද?

ස්කෑන් පරීක්ෂණ වාර්තාලැපරොස්කොපි තුලින් රෝගය පිලිබඳ සොයා ගන්න පුළුවන්මේ සඳහා වෛද්‍යවරයෙකුගේ මග පෙන්වීම අවශ්‍ය වනවා.

සාමාන්‍යයෙන් මෙවැනි රෝගියෙකුට ඇතිවන බාහිර රෝග ලක්ෂණ මොනවාද?

  • මඳ හෝ අධික ඔසප් වේදනාව.
  • ඔසප් ලෙය අධිකව පිටවීම හා රුධිරය කැට වශයෙන්ද පිටවීම.
  • මුත්‍රා ආසාධනමුත්‍රා සමඟ ලේ පිටවීම
  • ගුදය මඟින් ලේ පිටවීම සහ වේදනාව.
  • ලිංගිකව එක් වීමේදී වේදනාකාරී බව
  • කොන්දඋකුලකලවකෙන්ඩවැනි ප්‍රදේශවල වේදනාව ඇතිවීම.
  • හිසරදයක්ලාන්තයවැනි රෝග ලක්ෂණ රෝගයේ තීව්රතාවය අනුව වෙනස් විය හැකියි.

විවාහක,අවිවාහක දෙවර්ගයටම මෙම රෝග තත්වය ඇතිවිය හැකියි.එපමණක් නෙවෙයි.දරුවන් සිටින මවුවරුන්ටද ඇතිවිය හැකියි.මෙය වැළඳුන කාන්තාවන් වසර ගනනාවක් දරුවන් නොමැති වීමෙන් දුක් විඳිනවා.ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්නවා.

මේ රෝගයට ප්‍රතිකාර නොකළහොත් ඇතිවිය හැකි සංකුලතා බොහොමයක් තියෙනවාශල්‍යකර්මයකින් පැලෝපිය නාලඑක පැත්තක හෝ දෙපැත්තක ඩිම්බ කෝෂ ඉවත් කිරීමට සිදුවිය හැකියිඒ වගේම මේ රෝගය කල් ගත වීමෙන් ප්‍රජනන අවයව නරක් වී විනාශ වීම නිසා පිළිකා ආදියද ඇති වීමේ හැකියාව තියෙනවාඑවැනි අවස්ථාවකදී මුළු ප්‍රජනන පද්ධතියම ඉවත් කරන අවස්ථා බහුලව මුණගැසෙනවාඑම නිසා තාවකාලික පිළියම් වලින් වේදනාව යටපත් කරගැනීම නොකර නිවැරදි ප්‍රතිකාර වලට යොමු වීමෙන් රෝගය සුව කරගත කරගන්න පුළුවන්.

– චම්මි –

Related Articles

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error: