පුංචි බබාව ගෙදර අනතුරුවලින් පරිස්සම් කරගමු

කිරි කැටියා ටිකෙන් ටික ලොකු වෙනකොට අලුත් දෙමාපියන්ට අනිවාර්යයයෙන්ම මුහුණදෙන්න වෙන ප්‍රධානතම ගැටළුවක් තමයි baby-proofing. ගෙදරක් මේ විදිහට ළදරුවාට ගැලපෙන ලෙස ආරක්ෂාකිරීම තරමක් වියදම්කාරී කටයුත්තක්. වෙනම මුදල් විශාල ප්‍රමාණයක් වියදම් නොකර ඔබේ නිවසත් මේ විදිහට අඩු වියදමින් baby-proof කරගනිමු-

මේසයේ තියුණු දාරවලට Foam pipe/tubing

Foam-pipe-insulation-on-sharp-edges

දණගාන, ඇවිදින පොඩිත්තව අනිවාර්යයෙන්ම මේසවල තියුණු දාරවලින් බේරාගැනීම තරමක් අසීරු ක්‍රියාවක්. Soft foam භාවිතාකරල මෙම තියුණු දාර ආවරණය කළොත් අනතුරු බෙහෙවින් අවමකරගත හැකිවේවි.

මේසයේ මුල්ලට tennis බෝල

Tennis-ball-for-baby-proofing

මෙස මුළුවල ඔළුට හැප්පීම ළදරුවන් අතර වැඩියෙන්ම සිදුවෙන අනතුරක්. හොඳම විසඳුම තමයි මෙම භයානක මුළු ටෙනිස් බෝල යොදා ආවරණය කිරීම.

කබඩ් වහන්න බූල් බෑන්ඩ්

Hair-tie-the-cupboards

කුතුහලයෙන් පිරි පොඩිත්තා කබඩ් ඇරල එක එක දේවල් කටේ දාගන්න එක හරිම ලේසියෙන් නවත්තගන්න පුළුවන් කබඩ් පියන්වලට බූල් බෑන්ඩ් එකක් දැමීමෙන්.

දොරවල් ලොක් කරගන්නවට door muff

No-sew-door-muff

දොරවල් ලොක්කර ගැනීම, දොරවල්වලට ඇඟිළි හසුකර ගැනීම, දොර මහ හඬින් වසා අනිත් පොඩිත්තන්ව ඇහැරවීම ආදී සියලු ප්‍රශ්න මේ විදිහට ඉවතලන රෙදිවලින් සකසාගත් muff (කුඩා බෑන්ඩ් එකක්) සකසාගත්තොත් විසඳාගැනීමට හැකිවේවි.

තොටිල්ලයි කිරිදතුයි පරිස්සම් කරගන්න

Homemade-teething-guard

දත් එන කාලෙදි ළදරුවන් ඕනෑම දෙයක් හපන්න පටන්ගන්නවා. විශේෂයෙන්ම cribඑක හපන්න පටන්ගන්නෙ හරිම උන්දුවෙන්.  මේ විදිහට රෙදිවලින් ආවරණයක් සකසගත්තොත් කිරි දතුයි තොටිල්ලයි බේරගන්න පුළුවන් වේවි.

ගෙදර තිබෙන දේවල්වලින්ම ලේසියෙන්ම පොඩිත්තව ගෙදර අනතුරුවලින් පරිස්සම්කරගනන මේ ක්‍රමවලින් ඔබට හැකිවේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles