දඟ පොඩ්ඩා එක තැනක තියන්න පුංචි සෙල්ලම් කිහිපයක්

ඔබ ඉතා කාර්යබහුල අවස්ථාවකදී ඔබේ දරුවා නූලක්වගේ දිගටම පස්සෙන් එනවානම් කරන්න තිබෙන හොඳමදේ තමයි තරමක වේලාවක නිරතවිය හැකි, කරන්න පහසු ක්‍රියාකාරකමක යෙදෙන්නට සැලැස්වීම. ඔබවගේම ඔහු/ඇයත් විශේෂ කාර්යයයක යෙදෙනවායැයි දරුවාට හැඟෙන්නට සැලැස්වීමෙන් පහසුවෙන්ම දරුවාගේ අවධානය ඔබෙන් තරමක් දුරස්කරගත හැකිවේවි. දරුවාට සතුට ගෙන දෙන්න වගේම යමක් ඉගෙන ගන්නත් මෙවැනි ක්‍රියාකාරකම්වලින් අවස්තාව සැලසේ.

මේ එවැනි අදහස් කිහිපයක් :

  • Cereal, pasta වැනි ආහාර ද්‍රව්‍යයක් එක් බඳුනකින් තවත් බඳනකට දැමීම හෝ වර්ණය අනුව වෙන් කිරීම
  • කඩදාසියකට ස්ටිකර් පිළිවෙලකට අලවන්න ලබාදීම
  • මල්ලක දැමූ කුඩා වස්තූන් / සෙල්ලම් බඩු  මිශ්‍රකර නැවත නිසි පරිදිදීම
  • මිශ්‍ර වී ඇති කුඩා එළවළු මල්ලක තෝරන්නටදීම
  • පසුම්බියක ඇති පැරණි මුදල්/ විවිධ කාසි වෙන්කරන්නටදීම
  • පරණ දුරකතනයක බොත්තම් ඔබන්න දීම
  • හිස් පෙට්ටි කහිපයක් ලබාදී විවිධ ගොඩනැගිලි ස්වරූප නිර්මාණය කරන්නටදීම
  • ජල බඳුනකට විවිධ වස්තූන් අතහැර, ගිලෙන සහ පාවෙන වස්තූන් නිරීක්ෂණය කරන්නටදීම
  • ප්ලාස්ටික් කෝප්පවලින්  කුළුණක් ගොඩනගන්නදීම
  • බැලුමකට ජලය පුරවා සෙල්ලම් කරන්නටදීඹ
  • ඡායාරූප ඇල්බමයක්, පින්තූර පොතක්, සිතියම් පොතක් බලන්නට ලබාදීම
  • එක් බඳුනක සිට සිට තවත් බඳුනකට ජලය මාරුකරන්නටදීම
  • බැලූම් බෝලයක් මත චිත්‍ර අඳින්නට දීම

ගිලින්නට නොහැකි විාල ප්‍රමාණයේ භාණ්ඩ ලබාදීමට වගබලාගන්න. මේ කුමන ක්‍රියාකාරකමක දරුවා නිරතකෙරෙව්වත් යම් අධීක්ෂණයක් යටතේ තබාගන්න සැමවිටම මතක තබා ගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles