පෝෂණ ගුණය රැකෙන ලෙස නිවැරදිව ආහාර පිළියෙල කරගන්නා ක්‍රම.

පෝෂණ ගුණය රැකෙන පරිදි නිවැරදිව ආහාර පිළියෙල කර ගැනීම යනු එක්තරා අභියෝගයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.අප ආහාර ලබා ගන්නේ බඩ පිරීමට පමණක් නොව අපට එදිනෙදා අවශ්‍ය පෝෂක සංඝටක ද ලබා ගැනීම සඳහායි.ඉතින් එම කාර්යය ඉටු වීම සඳහා අදාල පෝෂණය රැකගනිමින් ආහාර පිසීම කළ යුතු වෙනවා.

ආහාර වලින් ප්‍රධාන කාර්යයන් කිහිපයක් සිදු කරනවා.

1.ශක්තිය ලබාදීම – කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර ,මේදය සහිත ආහාර මගින් මේ කාරණය ඉටු වෙනවා.
2.ශරීරය වර්ධනය කිරීම – මේ සඳහා ප්‍රෝටීන් සහිත ආහාර ගත යුතුයි.
3.රෝග වලින් ආරක්ෂා කිරීම -විටමින් සහ ඛනිජ ලවණ වලින් මේ කාර්යය ඉටු වනවා
ඉතින් පෝෂණ ගුණය රැක ගනිමින් ආහාර පිළියෙල කිරීමේදී අප සැලකිලිමත් විය යුතු වන්නේ ඉහත ගුණාංග ශරීරයට නිසි පරිදි ලැබෙන පරිදි ආහාර පිළියෙල කිරීමයි.

ආහාර වට්ටෝරු සැකසීමේදී පවුලක සිටින සාමාජික සංඛ්‍යාව සහ ඔවුනගේ පෝෂණ අවශ්‍යතාවය පිළිබඳ සැලකිලිමත් වීම හරිම වැදගත්.

පෝෂණය රැකගනිමින් ආහාර පිළියෙල කරන ආකාරය

1.අධික උෂ්ණත්ව පෝෂණ ගුණයට හානි සිදු කළ හැකියි .
මැල්ලුම් ආදිය මැලවීමේ දී මඳ ගින්නේ ඉතාමත් ඉක්මනින් මලවා ගැනීමෙන් පෝෂණ ගුණය රැක ගන්නට පුළුවන්.ඒ වගේම අමුවෙන් ආහාරයට ගත හැකි සෑම කොළ වර්ගයක්ම සලාද ලෙස ආහාර ගැනීමෙන් පෝෂණ ගුණය රැකෙනවා.ඒ වගේම pressure cooker ආදිය භාවිතා කිරීමේ දී ආහාරයේ පෝෂණ ගුණය විනාශ වෙන්නට පුළුවන්.

2.ආහාර වර්ග කිහිපයක් එකට එකතු කර පිස ගැනීමෙන් පෝෂණය වැඩි ආහාරයක් පිළියෙල කර ගන්නටත් පුළුවන්.අධික උෂ්ණත්වයේ පිස නොගැනීමට මෙහිදී වගබලා ගත යුතුයි .

3.අව්වේ වියළා කල් තබා ගත හැකි ආහාර එසේ කිරීමෙන් පෝෂණ ගුණය රැක ගන්නට පුළුවන්.සමහරු ඉක්මනින් වේලා ගැනීම සඳහා අවන් කිරිම වැනි දේවල් සිදුකළත් එහිදී පෝෂණයට සිදුවිය හැකි හානිය වැඩියි .

4.කඩල ,කවුපි ,පරිප්පු ආදී ධාන්‍ය වර්ග පිසීමට පෙර හොඳින් පොඟවා ගැනීමෙන් අනවශ්‍ය තරම් කාලයක් පිසිය යුතු වන්නේ නැහැ.

5.ආහාර පිසීමේදී එහි වර්ණය වෙනස් නොවන ලෙස පිසීමෙන් පෝෂණය රැකගන්නට පුළුවන්.

6.අමුවෙන් ආහාරයට ගත හැකි සෑම ආහාරයක්ම හඳුනාගැනීම හරිම වැදගත් .

7.පරිප්පු සමඟ නිවිති ආදී කොළ වර්ග එකට පිසීමේදී ව්‍යංජනය ළිපෙන් ආසන්නයේ කොළ වර්ග එකතු කිරීමෙන් එහි පෝෂණය විනාශ නොවී රැක ගන්නට පුළුවන් .

8.ආහාර නිෂ්පාදනයේ දී දමන රසායනික පොහොර මගින් ආහාරයේ ගුණාත්මක බව අඩු කරනවා .ඉතින් නිතරම මිලදී ගැනීමේදී එවැනි ආහාර අවම කිරීම ගැන සැලකිලිමත් වීම හරිම වැදගත්.

9.අර්තාපල් සහ බොහෝ එළවළු වර්ග කැපීමට පෙර හොඳින් සෝදා ගැනීම වැදගත් .කැපීමෙන් පසු සේදීමේ දී එහි පෝෂණය විනාශ වනවා.

10.මයියොක්කා ආදිය පිළියෙල කිරීමේදී ආවරණයක් රහිතව පිසීම වගේම වතුර පෙරා ඉවත් කරගත යුතුයි.

11.එක්වරක් ගැඹුරු තෙලේ බැදීම සඳහා යොදා ගත් තෙල් නැවත භාවිතා කිරීම සුදුසු නැහැ .අධික උෂ්ණත්වයක රත් කිරීමේදී පෝෂණ ගුණය විනාශ වී පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය ඒ තුළ ඇති වන නිසා.

12.අවම උෂ්ණත්වය දී හෝ ආහාර බොහෝ වේලාවක් පිසීම සුදුසු වන්නේ නැහැ.

13.පිසීම සදහා තෝරා ගැනීමට පෙර ආහාරයේ ඇති නැවුම් බව පරික්ෂා කිරීම හරිම වැදගත්.

Related Articles

Don't Miss


Latest Articles