තරුණ පෙනුම හැමදාම රැක ගන්න නම් ඔබ සැලකිලිමත් විය යුතුම කරුණු

කාන්තාවන්ට තියෙන රූපලාවණ්‍ය ගැටලු අතරින් සම වියපත් වීම කියන්නේ ප්‍රධානතම ගැටලුවක්.සම වියපත් වීමට ඔබ නොහිතන විවිධාකාර හේතු බලපානවා. සම වියපත් වීම වළක්වා ගත හැකි ස්වාභාවික සත්කාර මොනවද කියලා අපි මේ ලිපියෙන් විමසා බලමු.

සම වියපත් වීමට හේතු මොනවද?

වයස

සම වියපත් වීමට ප්‍රධානතම හේතුවක් ලෙස කාන්තාවන් වයස් ගතවන විට සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් බලපානවා. මෙහිදී සම එල්ලා වැටීම සහ රැලි වැටීම සිදු වන්නට පුළුවන්

සම වියලීම

සමෙහි ඇති තෙතමනය ඉවත්වීම ඉවත් වීම සම වියලීමට ප්‍රධානතම හේතුවයි. ඔබ ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකිරීම නොකිරීමත් මෙයට හේතුවක්. සමෙහි තෙතමනය ආරක්ෂා කර ගැනීමට ජලය හොඳින් පානය කිරීම අත්‍යවශ්‍ය නිසා ශරීරයේ ජල ප්‍රමාණය අඩු වන විට සම වියළි ඉක්මනින් වියපත් වනවා

අධික සීතල

ඔබ ජීවත් වන්නේ අධික සීතල සහිත ප්‍රදේශයක නම් ඔබේ සම වියළීමේ ප්‍රමාණය වැඩි විය හැකිය. ඒ වගේම ඔබ නිතරම වායු සමීකරණය ට නිරාවරණය වන කෙනෙක් නම් එයත් ඔබේ සම වියලීමට හේතුවක්. මෙලෙස අදික සීතලට නිරාවරණය වන ඔබේ සම වියලීම නිසා ඉක්මනින් වයසට වඩා වයස්ගත පෙනුමක් ඔබට ලැබෙන්න පුලුවන් .

මෙලනින් වර්ණකය

සමෙහි මෙලනින් වර්ණකය අධික නම් එනම් අඳුරු පැහැ සමක් හිමි අයගේ සම වියපත් වීමේ සම්භාවිතාවය අඩුය. නමුත් මෙලනින් වර්ණකය අඩු අයගේ සම ඉක්මනින් වියපත් වීම දැකිය හැකිය. එයට හේතුව වන්නේ මෙලනින් යනු සම ආරක්ෂා කරන සැරයක් ලෙස ක්‍රියා කිරීමයි.

මානසික පීඩනය

ඔබ අධික කාර්යබහුල කෙනෙක් නම්, ඔබේ මනස අධික පීඩාකාරී බවකින් යුක්ත නම් ඔබේ සම වියළීමේ සම්භාවිතාවය වැඩි වනවා. මානසික පීඩනය සම වියලීම සහ ඔබේ ජීවිතයේ බොහෝ ගැටලුවලට හේතුවක් වන නිසා එයින් අත්මිදීමට ක්‍රියා කිරීමට ඔබ සැලකිලිමත් විය යුතුය. මන්ද මෙලෙස සම වියලීම සම වියපත් වීම සදහා ඍජුවම බලපාන නිසා ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් .

පෝෂණය නොලැබීම

ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන විට ඔබේ සම වියළෙනවා මෙන්ම ඔබ පෝෂදායි ආහාර සහ සමට අවශ්‍ය විටමින් වර්ග ලබා නොගන්නේනම් ඔබේ සම වියපත් වීමේ හැකියාව වැඩියි. එම නිසා නිරන්තරයෙන්ම නැවුම් එළවළු පලතුරු වගේම හොඳින් ජලය පානය කිරීමටත් ඔබ වගබලා ගත යුතුයි.

දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම

ඔබ නිතරම එළිමහනේ යන කෙනෙක් නම් නැතහොත් අව්වේ යන විට කිසියම් ආවරණයක් හෝ කුඩයක් භාවිතා නොකරන කෙනෙක්නම් එය ඔබේ සම වියලීමට ලොකු හේතුවක් වෙනවා. දැඩි හිරු රශ්මිය නිසා ඔබේ සමයේ තෙතමනය නැති වී සම වියළෙනවා.එවිට සම ඉක්මනින් වියපත් වෙනවා. එම නිසා ඔබ දැඩි හිරු රශ්මිය පවතින වෙලාවක එළිමහනට යනවනම් ඔබේ සමේ ආරක්ෂාව ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්න

සම වියපත් වීම වලක්වන ස්වාභාවික මාස්ක් එකක් හදන්නෙ කොහොමද?

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • ඔලිව් තෙල් මේස හැඳි 2
  • එළ කිරි මේස හැඳි 2 ( මේ වෙනුවට මීකිරි වුවත් භාවිතා කරන්නට පුළුවන්)
  • මී පැණි තේ හැඳි 2
  • බිත්තර සුදු මද 1
  • දෙහි බිංදු කීපයක්

mask එක හදන්නේ මෙහෙමයි

එළකිරි හෝ මී කිරි මී කිරි මේස හැදි 2 ට ඔලිව් තෙල් මේස හැදි 2 එකතු කරන්න.පසුව එයට මී පැණි තේ හැදි හැඳි දෙක ද බිත්තර සුදු මදය ද එකතු කර කාලෙට දෙහි බින්දු කිහිපයක් කිහිපයක් ද එකතු කර හොඳින් මිශ්‍ර කර mask එක සකස් කරගන්න.

Mask එක භාවිතා කරන්නේ මෙහෙමයි

මුලින්ම මුහුණ හොඳින් පිරිසිදු කරගෙන සකස් කරගත් mask එක මුහුණේ සහ ගෙලෙහි ආලේප කරන්න. mask එක ආලේප කිරීමේදී ඇස් වටා ප්‍රදේශයේ එය නොගල්වා ,ඇස් මතින් කෝමාරිකා කැබැල්ලක් තබන්නට ඔබට පුළුවන්.

විනාඩි හතලිහක් පමණ මාස්ක් එක මුහුණෙහි තිබෙන්නට හැර සීතල වතුරෙන් හොඳින් සෝදා ඉවත් කරන්න.

අවසානයට toner එකක් ආලේප කරන්න

ඉතින් මේ ස්භාවික mask එක පාවිච්චි කරල ඔබට සම වියපත් වීම වලකා ඔබේ තරුණ පෙනුම රැක ගන්න පුලුවන් , ඒ වගේම සමෙ වියලීමට හේතු වන කරුණු වලින් වැලකී සිටීමටද අමතක කරන්න එප. එය තුලින් සමේ වියපත් වීම වලකා ගන්න හේතුවන ප්‍රදාන සාදකයක්.

ඉතින් හැමදාමත් තරුණව ඉන්න කැමති සුන්දර ඔබට මේ කරුනු වැදගත් වේවි කියල අපි හිතනව.

Related Articles

Don't Miss


Latest Articles