ජීවිතේ සාර්ථක කරගත් කාන්තාවක් වෙන්න ඔබ කළ යුතුම දේවල්

සාර්ථක වීම පිළිබඳව අප කවුරුත් සිහින දකිනවා.නමුත් සිහිනයේ යථාවක් කරගන්නේ එම සිහිනය දකින අයගෙන් ඉතාමත් සුළු ප්‍රතිශතයක් පමණයි.ඒ ඇයි කියා සෙවීම වගේම සිහින අත්පත්කරගන්නා මාර්ගයක ගමන් කිරීමට එන්න! තනිවම නෙවෙයි ! ඔබට ඔබ ඉන්නවා!

1.ඕන දේවල් ඕනම තමා

පුංචි ළමයෙක් දිහා හොඳින් බලන්න.තමන් ආස දේවල් අත්පත් කර ගන්නා තුරු ඒවා ලබා ගැනීම සඳහා ඔවුන් විවිධ දේවල් කරනවා.අඬනවා වැලපෙනවා කෑගසනවා.මේ කියන්නේ ඔබටත් එසේ කරන්න නෙවෙයි.පොඩි ළමයෙක් වගේ බිම පෙරලෙන්නත් නෙවෙයි.මේ සියල්ලම මනසින් කලයුතු දේවල්.ඔබ ට අවශ්‍ය මොනවාද ඒ දේවල් ලැබෙනතුරු ඔබ සමගම අරගල කරන්න.

2.ලොකු සිහින හොඳින් පේනවා.

ඕනම දෙයක් ලොකු වන තරමට එය කැපී පෙනෙනවා වැඩියි.ඉතින් ඔබේ සිහින අරමුණු වලටත් මේ දේවල් අදාලයි.එය අනෙක් අයට වඩා විශාල ලොකු එකක් වන තරමට ඒ පසු පස ලුහු බැඳීමට ඇති ඔබේ ආසාව ද සුවිසල් එකක් වේවි.

3.කැමති දේවල් විතරක් කරන්න

ඔබ අකැමති දේවල් කිරීමෙන් කවදාවත් සාර්ථකත්වය ලබාගන්නට හැකි වන්නේ නැහැ.අකමැත්ත ම,විවිධ ආකාරයේ නෙගෙටිව් බලපෑමක් ඔබට ලබාදෙනවා.

4.ජීවිතේ ඔබේ අරමුණු මොනවාද ?

බොහෝ අයට සාර්ථක වීමට අවශ්‍යයි.ඒත් මොනවායින්ද ?මොකකින්ද? කොහොමද ? මේ කිසිවක් ඔවුන් දන්නෙ නැහැ ?
ඉතින් මුලින්ම හොඳ වෙලාවක් අරගෙන ඔබේ අරමුණු මොනවද කියලා හොදින් විශ්ලේෂණය කර ගැනීම හරිම වැදගත්.පස්සෙන් දුවන්න හරි පුද්ගලයව දැනගෙන ඉන්න ඕනනෙ.

5.සැලසුම් කිහිපයක් ඕන වෙන්න පුළුවන්.

බොහෝ අය අසාර්ථක වීමට ලොකුම හේතුවක් වන්නේ එකම එක සැලසුමක් ඔස්සේ ක්‍රියාත්මක වී එය සාර්ථක නොවන විට අත්හැර දැමීම නිසා.මතක තියාගන්න අසීරුතම කඳු මුදුනට යන්නත් පාරවල් රැසක් තියෙනවා.එක පාරකින් පමණක් යන්ට උත්සහ කරලා යන්න බැහැ කියලා අතහැර දමන අය අනෙක් පාරවල් පිළිබඳ සොයා බලන්නේ නැහැ.

6.ඉගෙන ගන්න.

ඉගෙන ගන්නෙ ඔබේ අරමුණු හඹා යන්නට ඉණිමං තැනිය හැකි දේවල් ඉගෙන ගැනීම හරිම වැදගත් .හිතන්න ඔබ ගිරිදුර්ගයක් තරණය කරමින් සිටිනවා.ඔබේ දැනුම,ශක්‍යතා ඔබේ ගමනට බෙහෙවින් ඉවහල් වනවා නේද ?

7.සතුටින් ඉන්න

සතුට ජීවිතයේ ඉහළම තැනකට ඔබට යන්න අවශ්‍ය ශක්තිය සපයනවා.සිහිනයේ කෙළවර දකිනවා වගේම එහි මුල ඔබ ළඟ තිබෙනවා.ඒ සතුට විඳිමින් ඇවිද යන්න.

8.සාර්ථක මිනිසුන් ගැන විපරම් කරන්න.

මේකත් ලොකු උත්තේජනයක් වෙනවා.එයා මෙහෙමයි සාර්ථක වුණේ මෙන්න මේ විදියට කළේ කියලා බොහෝ අය පවසනවා.ඉතින් පොඩ්ඩක් ගමනේ වේගය අඩු වුණ මොහොතක ඉස්සරහට යන්නට මේ දේවල් හරිම වැදගත්.

මේ සියල්ලම අතරින් ඔයා ලඟ ඉන්න අර පුංචි ළමයව අමතක කරන්න එපා.මතක තියාගන්න!තමන් ආසම දේවල් ඉල්ලා ඔහු තවමත් හඬමින් සිටින බව !

Related Articles

Don't Miss


Latest Articles