කාන්තා ඔබ තුළත් මේ ලක්ෂණ තිබෙනවාද ? සැලකිලිමත් වන්න

කාර්ය බහුල රැකියාවන් සහ අවිවේකී ජීවන රටාවන් නිසා බොහෝ දෙනාට බොහෝදෙනාට තමන්ගේ සෞඛ්‍ය ගැන හිතන්න තියෙන වෙලාව සීමිතයි .මේ නිසාම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම ගැන බොහෝ දෙනා උනන්දු වෙන්නේ අඩුවෙන් .නමුත් ශරීරයේ තැන්පත් වෙලා තියෙන අනවශ්‍ය මේදය බොහෝ ලෙඩ රෝග වලට හේතුවෙන්න පුළුවන් . තමන්ගේ උසට සරිලන බර තමන් පවත්වාගෙන යනවාද කියලා බොහෝ දෙනෙකුට අදහසක් නැහැ . තමන්ගේ ශරීරයේ අනවශ්‍ය විදියට බර වැඩි වෙලා කියලා කොහොමද දැනගන්නේ ? මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබේ ශරීරයේ බර වැඩි වී ඇති බව ඔබට කියන අනතුරු ඇඟවීම් ගැනයි 

ඔසප් චක්‍රය අවිධිමත් වීම 


ඔබේ ශරීරයේ අතිරික්ත බර, ඉන්සියුලින් ක්‍රියාකාරීත්වයට සෘජුවම බලපාන අතර එය ඉන්සියුලින් ප්‍රතිරෝධයට හේතු වේ. මේ සාධක නිසා ඔසප් චක්‍රයට බාධා ඇතිවී එය අක්‍රමවත් වේ .සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, ක්‍රියාශීලී ජීවන රටාවක් සහ ව්‍යායාම මගින් ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගැනීමට ඔබට හැකියාව ඇත . 

සමෙහි ගැටලු 

ශරීරයෙහි අධික බර නිසා හෝමෝන ගැටලු ඇතිවී සම අඳුරු වීම ,කුරුලෑ ලප කැළැල් ඇතිවීම හා සමෙහි විවිධ  තැන්වල අවපැහැ ගැන්වීම් ඇතිවීම සිදුවනවා .ඊට අමතරව ඔබ ගන්නා ආහාර වේලෙහි විටමින් ,ඛනිජ ලවණ සහ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නැති වීම  නිසාත් ඔබේ සමෙහි ගැටලු ඇති විය හැකිය. ඒ නිසා නිවැරදි සහ ඔබට ගැලපෙන ක්‍රම මගින් බර අඩුකර ගැනීම සහ වැරදි ආහාර රටාවක් අනුගමනය කිරීම මගින් මෙම ගැටළු මග හරවා ගත හැකිය 

පූර්ව දියවැඩියා රෝගියෙක් වීම


උදරයේ මේදය තැන්පත් වීම සිදුවන්නේ ඉන්සියුලින් ප්‍රතිරෝධය හේතුවෙනි .එසේ මේදය තැන්පත් වීම සහ ශරීරයේ මේද ප්‍රතිශතය වැඩි වීම ඔබව දියවැඩියා රෝගියෙකු බවට පත් කිරීමට ප්‍රධානතම හේතුවක් වේ . එම නිසා නිවැරැදි ආහාර රටාවක් අනුගමනය කිරීම මෙන්ම අධික සීනි භාවිතයෙන් වැළකීමට ද ඔබ වගබලා ගත යුතුය 

අධික කුසගින්න 


ඔබේ දෛනික ආහාර වේලට ඔබ වැඩි වශයෙන් සැකසූ ආහාර සහ පෝශ්‍ය පදාර්ථ, විටමින් අඩු ආහාර ලබා ගන්නවා නම් ඔබේ ශරීරය නිතරම කුසගින්නෙන් පෙළෙමින් පෝශණය හා ශක්තිය ලබාගැනීමට නිතරම උත්සාහ කරනවා .එසේම ශරීරයේ අධික බර හෝමෝන වලට බාධා කරන අතර ලෙප්ටින් නැමැති පූර්ණත්ව හෝමෝනය ක්‍රියාවිරහිත කරමින් ඔබට නිතරම කුසගිනි දනවයි . 

මානසික ආතතිය වැඩිවීම


තරබාරුකම සහ මානසික ආතතිය  අතර සෘජු සම්බන්ධතාවයක් පෙන්නුම් කරන බව බොහෝ අධ්‍යයන වලින් හෙලිවී ඇත . ඒ අනුව ශරීරයේ බර වැඩිවීම මානසික ආතතියට ගොදුරු වීමේ අවදානම වැඩි කරන නිසා ආහාර පාලනයට මෙන්ම ව්‍යායාම කිරීමට ද ඔබේ අවධානය යොමු කළ යුතුය 

අධික වෙහෙසක් දැනීම 

Business woman is depressed. She felt stressed and alone in the house.


ශාරීරිකව ක්‍රියාශීලී නොවීම , ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීම ,හෝමෝන වල වෙනස් කම් සහ නිසි ලෙස නින්දක් නොලැබීම යන කරුණු වලට හේතුවක් ලෙස තරබාරුකම දැක්විය හැකි අතර ඒ හේතුවෙන් නිතරම ඔබව අධික වෙහෙසට පත් වේ .

හිසකෙස් වැටීම

 
අධික තරබාරුව නිසා PCOD සහ තයිරොයිඩ් වැනි හෝමෝන ගැටලු  උග්‍රවිය හැකිය.එමගින් හිසකෙස් ගැලවී යාම සහ හිසකෙස් තුනී වීම සිදුවේ. ඇතැම්විට මෙය ශරීරයේ මේදය අධික වීම නිසා ඇතිවන මානසික ආතතිය හේතුවෙන් ද සිදු වීමට හැකියාව තිබෙනවා .

අධික තරබාරුකම කියන්නේ එතරම් හොඳ තත්ත්වයක් නොවන බව ඔබ දන්නවා . පසු කාලයේදී විවිධ ලෙඩ රෝග වලට ලක් වෙන්න පුලුවන් නිසා ඔබේ බර වැඩි වී ඇතැයි දැනුණු මොහොතේ සිටම එය අවශ්‍ය පරිදි අඩු කර ගැනීමට ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ. මේ සඳහා ව්‍යායාම ක්‍රම අනුගමනය කිරීම පමණක්ම ප්‍රමාණවත් වන්නේ නැහැ . ඉතාම හොඳ ආහාර රටාවකට හුරුවීමත් ඔබ අතින් අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් . මෙවැනි අනතුරු ඇඟවීම් ඔබටත් දැනෙනවනම් හැකි ඉක්මනින් ඔබේ ශරීරයේ බර පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේවි 

Related Articles

Don't Miss


Latest Articles