ගෙදර දොර ගැටළු විසඳා ගැනීමට PDCA ක්‍රමය අනුගමනය කරන්න

එදිනෙදා ගෙදර දොරදී අපට බොහොමයක් ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා.ඉතින් ඒ ගැටළු වලට සාර්ථක විසඳුම් නොලැබුණොත් ඒවා අපව මහත් සේ පීඩාකාරී තැනකට ගෙනයාමට තරම් ශක්තිමත් වෙන්න පුළුවන්.ඉතින් ගෙදර දොර කළමනා මිලදී ගැනීමේ සිට සියලුම කටයුතු වලට යොදා ගත හැකි තාක්ෂණයක් පිළිබඳවයි අප ඔබව දැනුවත් කරන්න යන්නේ. එය හඳුන්වන්නේ PDCA ක්‍රමවේදය නමින්.

මේ ක්‍රම වේදය උග් ස්වාට් මහතා ඉදිරිපත් කලේ බෙල් ආයතනයේ ගැටළුවක් විසඳීම සඳහාපසුව එය මනාව ඔප දමා නිසි පිළිවෙලකට ලෝකයට රැගෙන ආවේ එඩ්වර්ඩ් ඩේමින්ඔහුට ගරු කිරීමක් ලෙසට මේ ක්‍රම වේදය ඩෙමින් චක්‍රය ලෙසත් හැඳින්වෙනවාඅපේ එදිනෙදා කටයුතු මේ ක්‍රම වේදය යටතේ ඉතාමත් පිළිවෙලට සකසා ගැනීමට ඉඩ හසර අප වෙත ලැබී තියෙනවා.

ඩෙමින් චක්‍රය සැලසුම් කරණයක්‍රියාත්මක කිරීමවිශ්ලේෂණය කිරීමනැවත ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන කොටස් හතරකින් යුතු වෙනවා.

සැලසුම් කරන්න

මොන දේටත් හොඳ සැලසුමක් ඕනෑමයිසැලැස්ම සකස් කරගැනීම සඳහා 5W2H ක්‍රමය යොදා ගන්න පුළුවන්.

  • What කුමක් සිදු කරනවාද
  • why එය සිදුකරන්නේ ඇයි
  • when එය සිදු කරන්නේ කවදාද
  • where එය සිදු කරන්නේ කොහේද
  • who එය සිදු කරන්නේ කවුරුද
  • how එය සිදු කරන්නේ කෙසේද
  • how often කොපමණ වාර ගනනක්ද

ක්‍රියාත්මක කරන්න

අද කරන්න ඕනා දේ අදම කරන්න ඕනාහෙටට කල් දාන්න එපාසැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක වන බවට වග බලාගන්න.

විශ්ලේෂණය කරන්න

අපි කවුරුත් කැමතියි ඵලදායි ගෘහණියක වීමටඉතින් සැලැස්ම සකස් කර ක්‍රියාත්මක කිරීමේදී එය නිසි ලෙස ක්‍රියාත්මක වනවාද යන්න ගැනත් වඩාත් සැලකිලිමත් වෙන්න ඕනාබලාපොරොත්තු වුන දේ නිසි අයුරින් ඉටු වුනාදක්‍රියාත්මක වනවාදවැය වන මුදලට සරිලන ලෙස බලාපොරොත්තු වූ දේ ලැබෙනවාද යන්න දැන ගැනීම සඳහා විශ්ලේෂණය කල යුතු වෙනවා.

  • දත්ත රැස් කරන්න
  • විශ්ලේෂණයේදී දත්ත එක්රාශි කර ගැනීම ඉතාම වැදගත්ලබා ගත් දත්තයන්ගෙන් සැලසුමේ සාර්ථක අසාර්ථක බව දැනගන්න පුළුවන්.
  • විශ්ලේෂණයෙන් නිවැරදි තීන්දු ගන්න.
  • ඔබේ දරුවාට කිසියම් ගුරුවරයෙකු අවශ්‍ය යයි සිතන්නඉහත චක්‍රය මේ සඳහා ආරෝපණය කර නිවැරදිව අදාළ ගැටලුවට වඩාත් නිවැරදිම විසඳුම සොයා ගන්න පුළුවන්.

ඉතින් ඔන්න ගැටළු ආවට මීට පස්සේ බය වෙන්න දෙයක් නෑඩෙමින් චක්‍රය අපේ උදව්වට ඉන්නවාඒ වගේම නිවසත් එක්තරා දුරකට ආයතනයක් නිසා දක්ෂ කළමනාකාරිත්වයක් තිබුනොත් කටයුතු මනාව පහසුවෙන් පවත්වා ගන්න පුළුවන් කියලත් අමතක කරන්න එපා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles