එන්නත විදගත් අම්මලා නිසා වසංගතයෙන් දරුවන් රැකෙන්නේ මෙහෙමයි

මව්කිරි කියන්නේ මවක් ලෙස ඔබේ දරුවාට දිය හැකි වටිනාම ආහාරය. එය දෙවරක් නොව දස දහස් වරක් සිතා බැලුවද වෙනස් වෙන්නේ නැති කාරණාවක් .වර්තමානය වන විට නවීන විද්‍යාත්මක පරීක්ෂණ තුළිනුත් ඒ බව තහවුරු කර ගෙන තිබෙනවා.

අද අපි මේ ලිපියෙන් ඔබට කියන්න හදන්නේ විද්‍යාඥයින් විසින් තහවුරු කර ගෙන ඇති මව් කිරිවලින් ලැබෙන නවතම ප්‍රතිලාභයක් ගැනයි.

ලෝකයම වෙලාගෙන තිබෙන කොරෝනා වසංගතයෙන් ඔබේ දරුවා ආරක්ෂා වෙන්න මව්කිරි හේතුවක් වන බවට නවතම පරීක්ෂණ තුළින් තහවුරු වෙලා තියෙනවා.

ඒ COVID-19 එන්නත ලබා ගත් මව්වරුන්ගේ කිරිවල ප්‍රතිදේහ තිබෙන බවත් එමඟින් තම දරුවා තුළ කොවිඩ් 19 වයිරසයට එරෙහිව ප්‍රතිදේහ ගොඩ නැගෙන බවයි.

ඒ වගේම මව්කිරි දීම තුළින් ප්‍රතිදේහ සහ ආරක්ෂාව සැපයීම ඇතුළුව දරුවාගේ සෞඛ්‍ය සහ පැවැත්ම සහතික කිරීම සඳහා ඇති ඉතාමත් ඵලදායී හොදම ක්‍රමය බව ලෝක සෞඛ්‍ය සංවිධානයද අනුමත කර තිබෙනවා.

මව්කිරි දීම මව සහ දරුවාට බොහෝ වාසි ඇති අතර COVID-19 ආසාදනය වීමේදී හෝ මවට එන්නත ලබා දීමෙන් පසු එය නැවැත්වීම අවශ්‍ය නොවන බවයි එම සංවිධානය පවසන්නේ.

ඒ අනුව මවකට COVID-19 වැළඳුනද නිර්දේශිත ආරක්‍ෂක පියවරයන් අනුගමනය කරමින් මව්කිරි දීම අඛණ්ඩව සිදු කළ හැකි අතර් COVID-19 ඇති කරන වෛරසය මව්කිරි තුළින් මෙතෙක් සොයාගෙන නැහැ

ළදරුවන් ඉපදුණු විට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නොදියුණු වන අතර එමඟින් ආසාදනවලට තනිවම සටන් කිරීමට හැකියාවක් නැහැ.ඒ නිසාවෙන්ම මෙම අවදානමට ලක්විය හැකි කාලය තුළදී, කිරි දෙන මව්වරුන් තම දරුවන්ට හරි විදිහට මව්කිරි දිය යුතුයි.

එබැවින් ගර්භණී හා කිරි දෙන කාන්තාවන්ට කොවිඩ් එන්නත ලබා ගැනීම නිසා තමා මෙන්ම තම දරුවාත් දෙදෙනාම ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙනවා

කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීමට මෙන්ම මව් කිරි හරහා දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ රැසක් තිබෙනවා.මේ අවදානය ඒ පිළිබඳවයි.

දරුවන්ට මව්කිරි දීමේ වාසි

01) හොඳම පෝෂණ ගුණ ළදරුවාට ලැබෙන්නේ මවු කිරිවලින්.

අලුත උපන් බිළිඳාගේ පෝෂණ අවශ්‍යතා සියල්ල මුල් මාස 06 තුළ මව්කිරිවලින් සපිරෙනවා. ඒ නිසා වෙනත් ආහාර නොදී මවුකිරි පමණක් මේ මාස 06දී දෙන්න කියලා ඕනෑම වෛද්‍යවරයෙක් පවසන්නේ මේ නිසා. මාස 06න් පසු අවුරුද්දක්වත් යන තෙක් වෙනත් ආහාර පුරුදු කරන ගමන් මවුකිරි දීම දරුවාගේ නිසි ශරීර වර්ධනයට වගේම බුද්ධි වර්ධනයටත් වැදගත්.

02) රෝගවලට එරෙහි ප්‍රතිදේහ රැසකින් මව්කිරි පරිපූර්ණයි

කොලොස්ට්‍රුම් විශේෂයෙන්ම ප්‍රතිදේහ රැසකින් සමන්විතයි. එය මුල් සති කීපයේදී බිලිඳා ට බැක්ටීරියා සහ වෛරස රැසකින් ආරක්ෂාව සපයනවා .

03) සෞඛ්‍ය සම්පන්න ලෙස බර වැඩිවීමට උපකාරී වීම

මහත පුංචි පැටව් හුරුබුහුටි වගේ පෙනුනට අද වෛද්‍යවරුන් කියන විදියට නම් ළමා තරබාරුකම ලෙඩ ගොඩකට අත වැනීමක්. ඒ නිසා අවුරුද්දක් පමණ යන තෙක් මවුකිරිවලට මුල් තැන දීමෙන් නිරෝගී බර වර්ධනයක් දරුවාගෙන් දැක ගන්නට පුළුවන්.

04) මව්කිරි දක්ෂ බුද්ධිමත් දරුවෙකු බිහිකරයි

මව්කිරිවල සංයුතිය බුද්ධි වර්ධනයට ඉහල දායකත්වයක් දක්වනවා වගේම මේ මුල් මාස කීපයේ සිදුවන ශීග්‍ර බුද්ධි වර්ධනය මුළු ජීවිත කාලයටම බලපාන්නක්. අනෙක් අතට මව සමග ලංව ගත කරන මේ කාලය අනාගතයේදී හොඳ පෞරුෂයකින් පිරි අයෙකු නිර්මාණය වන්නත් වැදගත්.

මව්කිරි දීම මව සහ දරුවාට බොහෝ වාසි ඇති අතර COVID-19 ආසාදනය වීමේදී හෝ මවට එන්නත ලබා දීමෙන් පසු එය නැවැත්වීම අවශ්‍ය නොවන බවයි එම සංවිධානය පවසන්නේ.

ඒ අනුව මවකට COVID-19 වැළඳුනද නිර්දේශිත ආරක්‍ෂක පියවරයන් අනුගමනය කරමින් මව්කිරි දීම අඛණ්ඩව සිදු කළ හැකි අතර් COVID-19 ඇති කරන වෛරසය මව්කිරි තුළින් මෙතෙක් සොයාගෙන නැහැ

ළදරුවන් ඉපදුණු විට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නොදියුණු වන අතර එමඟින් ආසාදනවලට තනිවම සටන් කිරීමට හැකියාවක් නැහැ.ඒ නිසාවෙන්ම මෙම අවදානමට ලක්විය හැකි කාලය තුළදී, කිරි දෙන මව්වරුන් තම දරුවන්ට හරි විදිහට මව්කිරි දිය යුතුයි.

එබැවින් ගර්භණී හා කිරි දෙන කාන්තාවන්ට කොවිඩ් එන්නත ලබා ගැනීම නිසා තමා මෙන්ම තම දරුවාත් දෙදෙනාම ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙනවා

කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීමට මෙන්ම මව් කිරි හරහා දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ රැසක් තිබෙනවා.මේ අවදානය ඒ පිළිබඳවයි.

දරුවන්ට මව්කිරි දීමේ වාසි

01) හොඳම පෝෂණ ගුණ ළදරුවාට ලැබෙන්නේ මවු කිරිවලින්.

අලුත උපන් බිළිඳාගේ පෝෂණ අවශ්‍යතා සියල්ල මුල් මාස 06 තුළ මව්කිරිවලින් සපිරෙනවා. ඒ නිසා වෙනත් ආහාර නොදී මවුකිරි පමණක් මේ මාස 06දී දෙන්න කියලා ඕනෑම වෛද්‍යවරයෙක් පවසන්නේ මේ නිසා. මාස 06න් පසු අවුරුද්දක්වත් යන තෙක් වෙනත් ආහාර පුරුදු කරන ගමන් මවුකිරි දීම දරුවාගේ නිසි ශරීර වර්ධනයට වගේම බුද්ධි වර්ධනයටත් වැදගත්.

02) රෝගවලට එරෙහි ප්‍රතිදේහ රැසකින් මව්කිරි පරිපූර්ණයි

කොලොස්ට්‍රුම් විශේෂයෙන්ම ප්‍රතිදේහ රැසකින් සමන්විතයි. එය මුල් සති කීපයේදී බිලිඳා ට බැක්ටීරියා සහ වෛරස රැසකින් ආරක්ෂාව සපයනවා .

03) සෞඛ්‍ය සම්පන්න ලෙස බර වැඩිවීමට උපකාරී වීම

මහත පුංචි පැටව් හුරුබුහුටි වගේ පෙනුනට අද වෛද්‍යවරුන් කියන විදියට නම් ළමා තරබාරුකම ලෙඩ ගොඩකට අත වැනීමක්. ඒ නිසා අවුරුද්දක් පමණ යන තෙක් මවුකිරිවලට මුල් තැන දීමෙන් නිරෝගී බර වර්ධනයක් දරුවාගෙන් දැක ගන්නට පුළුවන්.

04) මව්කිරි දක්ෂ බුද්ධිමත් දරුවෙකු බිහිකරයි

මව්කිරිවල සංයුතිය බුද්ධි වර්ධනයට ඉහල දායකත්වයක් දක්වනවා වගේම මේ මුල් මාස කීපයේ සිදුවන ශීග්‍ර බුද්ධි වර්ධනය මුළු ජීවිත කාලයටම බලපාන්නක්. අනෙක් අතට මව සමග ලංව ගත කරන මේ කාලය අනාගතයේදී හොඳ පෞරුෂයකින් පිරි අයෙකු නිර්මාණය වන්නත් වැදගත්

Related Articles

Don't Miss


Latest Articles