කෝවිඩ් වසංගත කාලයේදී ඉගෙන ගැනීමේ අභියෝගය ජය ගන්නේ මෙහෙමයි.

බොහෝ දෙමාපියන් ට තියෙන ලොකුම ප්‍රශ්නය තමා මේ වසංගත කාලයේ දී දරුවන්ගේ ඉගෙනීම අඩාල විය හැකි බවට තිබෙන බිය.ඇත්තටම එය සාධාරණ බියක් වන්නේ ඉගෙනීම අනාගත ආයෝජනයක් වන නිසා.නමුත් ඕනෑම තත්ත්වයකදී අපිට සිදු වෙනවා අදාල තත්ත්වය ඉක්මවා උපක්‍රමශීලීව ජීවිතය ජයගන්න.ඉතින් මේ එවැනි අවස්ථාවක්.කෝවිඩ් වසංගත කාලයේදී බියෙන් සැකෙන් තොරව,ආත්ම විශ්වාසයෙන් යුතුව ඔබේ දරුවාට ඉගෙනීමට මඟ පෙන්වන්නේ මෙතන මේ විදියටයි.

අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නිවසේ කුඩා ඉඩක් වෙන් කරන්න.

ඔබේ නිවස ඉතාමත් කුඩා එකක් විය හැකියි.විශාල එකක් ද විය හැකියි.නමුත් මේ කිනම් ආකාරයේ තැනක හෝ දරුවා වෙනුවෙන් ඉගෙනුම් ස්ථානයක් නිර්මාණය කිරීම අපට කරන්නට පුළුවන්.කුඩා මේසයක් සමග ඔහුගේ ඇයගේ ඉගෙනීමට අවශ්‍ය උපකරණ වගේම හැකිතරම් නිශ්ශබ්ද පරිසරයක් සකස් කර දීම දෙමාපියන් ලෙසින් අපේ යුතුකමක් වෙනවා.

අගයන්න.

ගුරුවරුන් සමග සහ මිතුරන් සමඟ සමීප සම්බන්ධතා අඩු දරුවා ගේ ළඟම හිතවතා වගේම මග පෙන්වන්නා, ගුරුතුමිය වැනි භූමිකා රාශියක් ඉටුකිරීමට ඔබට සිදුවෙනවා.ඉතින් මේ සෑම භූමිකාවක දීම දරුවා ඉහළින් අගය කිරීම අනිවාර්යයෙන්ම විය යුතු වෙනවා.ඉන් ඔහුට හෝ ඇයට ලැබෙන දිරිගැන්වීම නිසා සතුටින් අධ්‍යාපන කටයුතුවල නිරත වනු ඇති.

බැක්ටීරියා රෝග කාරක විනාශ කරන අභ්‍යාස පොත් සහ පෑන් ලබා දෙන්න.

දරුවාගේ ආරක්ෂාව ගැන නිරතුරුව කරදර වෙන ඔබ හිතුමතේ මිලදී ගැනීම් නොකරන බව අප දන්නවා.නමුත් දැන් ඒ ගැන බියක් ඇතිකර ගත යුතු වන්නේ නැහැ.ඇට්ලස් සමාගම මේ සඳහා විසඳුමක් රැගෙන ඇවිත් තිබෙනවා.ලංකාවේ පළමු බැක්ටීරියා නාශක අභ්‍යාස පොත් සහ පෑන් දැන් වෙළෙඳ පොළේ තිබෙනවා.ඉතින් බියකින් සැකයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඒවා ලබා ගන්නට ඔබට වාසනාව උදාවී තිබෙනවා.
අභ්‍යාස පොත් වල පිට කවරයේ වානිෂ් ස්ථරයේ සහ පිටු වල අඩංගු සුවිශේෂී බැක්ටීරියා නාශක සංයෝගය එහි පෘෂ්ඨය මතුපිට ගැටෙන බැක්ටීරියා පැය 24ක් ඇතුළත 99.9%ක් විනාශ කර දමනවා.

පෑන් වල පිටත ආවරණය සාදා ඇති අමුද්‍රව්‍ය බැක්ටීරියා නාශක සංයෝගයකින් සාදා ඇති නිසා එහි පෘෂ්ඨය මතුපිට ගැටෙන බැක්ටීරියා 99.9% විනාශ කිරීමට සමත්.ඉතින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිරතුරුවම වද වෙන ඔබට මේ තොරතුර ඉතාමත් සතුටක් බව අප දන්නවා.ඉතින් මින්පසු අභ්‍යාස පොත් සහ පෑන් සමඟ විෂබීජ නිවසට පැමිණෙන්නේ නැති බවට ඔබට විශ්වාසයක් තිබෙනවා.

අධ්‍යාපන කටයුතු සඳහා නියමිත වේලාවක් පවත්වාගන්න.

මෙය ඉතාමත් වැදගත් කාරණාවක්.නියමිත වේලාව පිළිබඳ හැඟීමක් නොමැති වීම දීර්ඝ නිවාඩුවක දී සිදුවිය හැකි දෙයක්.ඒ නිසා දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නිසි වේලාවක් වෙන්කර ගැනීම හරිම වැදගත්.එම කටයුතු අතර විවේක කාලයක්,විවේක කාලයේ දී රසවත් කෑමක් ලබාදීම කාර්යය තවත් සාර්ථක කර ගැනීමට හැකි වෙනවා.

පිරිසුදුකම පවත්වා ගැනීම ගැන සැලකිලිමත් වෙන්න.

බැක්ටීරියා වලින් තොර ඇට්ලස් අභ්‍යාස පොත් සහ පෑන් විශේෂයෙන් නිපදවමින් විෂබීජ වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට ඇට්ලස් සමාගම,SLINTEC ආයතනයේ සහයෝගයද ලබා ගනිමින් නිරතුරුව කටයුතු කරනවා.නමුත් මේ සියලුම ආරක්ෂක ක්‍රම වේදයන් සමග නිසි ලෙස අත් සේදීම ඇතුලු සියලුම සෞඛ්‍ය පුරුදු ,නොකඩවා අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්.

Related Articles

Don't Miss


Latest Articles