දක්ශ නිර්මාණශීලී දරුවෙකු බිහි කරන්න නම් මවක් ගර්භණී සමයේ කල යුතුම දේවල්

නිර්මාණශීලි දරුවෙකු කියන්නේ අවබෝධයකින් යුතුව දරුවන් බිහි කරන සෑම දෙමාපියෙකුගේම සිහිනයක් බව අප දන්නවා.නිර්මාණශීලී දරුවකු ඔහු නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක අති දක්ෂයෙක් වනවා වගේම සුවිශේෂී වැඩිහිටියකු ලෙසද සිය අනන්‍යතාවය සිනිටුහන් කිරීමට සමත් වනවා.
ඉතින් මවුකුසේ සිටම නිර්මාණශීලී දරුවකු ගොඩනගා ගැනීම කෙරෙහි දෙමාපියන් වෙත ඇත්තේ ඉතාමත් සුවිසල් කාර්යභාරයක්.

නිර්මාණශීලී දරුවෙකු බිහිකිරීමේ කාර්‍යයට උරදිය යුතුවන්නේ කවදා සිටද?

ඔබ ළමයෙක් වී වැඩිහිටියෙකු ලෙස ගත කරන ජීවිතය පසුකලෙක ඔබගේ දරුවන්ගේද ජීවිත වලට බලපවත්වන බව ඔබ දන්නවාද? ළමයෙකු ලෙස,වැඩිහිටියෙකු ලෙස ඔබගේ ඉහල රසාස්වාදය පසු කලෙක නිතැතින්ම ඔබේ දරුවන් වෙනුවෙන් තිළිණ වනු ඇති.
ඊට අමතරව දරුවෙකු ඔබ කුස තුළ වර්ධනය වන අවධියේදී ඔහුගේ හෝ ඇයගේ නිර්මාණශීලීත්වය වෙනුවෙන් විශේෂයෙන් කටයුතු කිරීම හරිම වැදගත්.මව් කුසේ සිටින කළලයේ වර්ධනය වීමේදී විවිධ අවධීන් පසු කරනවා.මෙහිදී මව විසින් සිදුකරන සියලුම කටයුතු මවගේ මානසික සුවයට වගේම කලලයේ වර්ධනයට ද බෙහෙවින් බලපානවා.

මව්කුසේ සිටින දරුවාගේ නිර්මාණශීලිත්වය වැඩි කිරීමට මෙවැනි දෑ අපට සිදුකරන්නට පුලුවනි.

සංගීතයට සවන් දෙන්න

මෙහිදී සමාජයේ මතයක් තියෙනවා කලලයේ ශ්‍රවන ඉන්ද්‍රීයන් වැඩෙන්නේ පසුව පමණ වන නිසා ඔහුට හෝ ඇයට අපි කතා කරන දේවල් ශ්‍රවණය නොවන බව.නමුත් අප හඬෙහි රිද්මය තරංග ආකාරයෙන් ඔවුන්ට ශ්‍රවණය වන බව සොයාගෙන තියෙනවා.කළලයට ශ්‍රවණය කළ හැකි වයිබ්‍රේශන් මියුසික් අන්තර්ජාලයෙන් සොයා ගන්නට පුළුවන්.එය දරුවන්ට විශාල බලපෑමක් කරන්නට සමත් වෙනවා.මොලය වර්ධනය වන වෙමින් පවතින නිසා එහි ක්‍රියාකාරිත්වය ද මනාව සිදුවීමට එය බලපානවා.
මෙහිදී ඝෝෂාකාරි නොවන,සංගීතය ශ්‍රවණය කිරීම ගැන සැලකිලිමත් විය යුතුයි.

දරුවා වෙනුවෙන් කතා පොත් කියවන්න.

වෙන්කර ගත් සුවිශේෂී වේලාවකදී ඔහු හෝ ඇය වෙනුවෙන් රසවත් පුංචි කතන්දර කියා දෙන්න.ඒවා කුඩා ළමුන්ට ගැලපෙන රසවත් ඒවා විය යුතු බවට වග බලා ගන්න.දරුවා ඉපදීමෙන් පසු ඔබගේ ඒ ආයෝජනයේ වෙනස වටහා ගන්න.

ඔහු හෝ ඇය වෙනුවෙන් ගයන්න.කතා කරන්න.

කුස තුළ සිටින දරුවා සමග නිරතුරුවම කතා කරන්න.ඔහු/ඇය වෙනුවෙන් ගයන්න.පර්‍යේශකයන් පවසන්නේ දරුවාගේ සිතිවිලි,පරිකල්පනය ඒ ඔස්සේ සවිමත්ව වර්ධනය වන බවයි.ඒ වගේම දරුවාගේ නිරෝගී බවටත් එය බෙහෙවින්ම බලපානවා.

අම්මාගේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් කුසයෙහි සිටින දරුවාට ඉතාමත් ඉහළින් බලපෑම් කිරීමට සමත් වෙනවා.ඉතින් ගැබිනි කාලයේදී මෙවැනි නිර්මාණාත්මක ක්‍රියා ඔබගේ මානසික සුවයට වගේම දරුවාගේ නිර්මාණශීලී වැඩීමටද බෙහෙවින් ඉවහල් වේවි.

සංසුන් මනසක් ලැබෙන දේ කරන්න

විශේෂයෙන් මෙහිදී ඔබේ මනස සංසුන් කරන රිලැක්ස් මියුසික් වලට සවන් දෙන්න.
ආතතියෙන් තොරවීම සඳහා විශේෂයෙන් නිපදවා ඇති මෙවැනි සංගීතය කණ්ඩ ඔබට අන්තර්ජාලය තුල හොයා ගන්න පුලුවන් .ඒවාට සවන් දෙන්න. classical music රස විඳින්න. කැමති නම් relaxation සහ meditation කරන්න ඔබට පුලුවන්

චිත්‍ර අඳින්න

මනස නිදහස්ව පවත්වාගැනීම සඳහා මෙය ඉතාම වැදගත්.පින්තූර පාට කරන පොත් වගේම නිදහසෙ විවිධ මාධ්‍ය උපයෝගී කරගෙන කරන නිර්මාණ ද ඔබට බෙහෙවින් සාමකාමී,සතුටින් පිරුණු ගර්භණී කාලයකට ඉඩ හසර සාදා දෙනු ඇති.

සංචාරය කරන්න

සංචාරය කරන තැන් ඡායාරූපයට නගන්න.
ආරක්ෂිත ස්ථානවල සංචාරය කරමින් ඔබ කැමතිම ස්ථාන ඡායාරූප ගත කරන්න.

පොත් කියවන්න

දුක්බර නොවන,කැමතිම තෝරාගත් පොත් රැසක් කියවන්න.එය දරුවාගේ පරිකල්පනයද අවදි කරවනු ඇති

එදිනෙදා රාජකාරියෙන් ඔබ්බේ නිර්මාණශීලී වටපිටාවක් නිර්මාණය කරගන්න.දරුවා වැඩෙන විට එහි වෙනස අත් විදින්න.

Related Articles

Don't Miss


Latest Articles