ගෙදර ඇතුලේ ඇඳුම් වේලන්නේ පරිස්සමින්

අපි හැමෝම කරන මේ වැරදි පුරුද්ද නිසා ඇතිවන අහිතකර තත්ත්වය ගැන බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඔබ අසා ඇති නිවස තුලදී රෙදි වියළීම නොසුදුසුයි කියා. නමුත් හදිසියට, වේලාවක් නොමැතිකම නිසා නිවස තුලදී රෙදි වියළීම සිදුකරනවාවිය හැකියි.

නමුත් මෙය දිගින් දිගටම සිදු කිරීමේදී රෙදි වියළීම මගින් සිදුවන වාෂ්පීකරණයෙන් ඇතිවන අහිතකර තත්ත්වය නිසා විවිධ රෝග කාරක තත්ත්වයන් ඇති වෙන්නට පුළුවනි. මේ ආකාරයට නිවස තුලදී රෙදි වියළීම මගින් ජලය ලීටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් නිවස තුල වාෂ්පීකරණය වීම සිදුවෙනවා. මෙමඟින් ඇතිවන තෙත් ගතිය නිසා ඇතිවන පුස් සහ ක්ෂුද්‍ර ජීවීන් හේතුවෙන් ප්‍රතිශක්තීකරන පද්ධතිය ආසාදනය වෙන්න පුළුවන්. ඇඳුම රෝගීන්ට මෙම තත්වය මගින් සෑම විටම කැස්ස ඇතිවෙන්න පුළුවන් නැත්නම් හුස්ම ගැනීමේ අපහසුව ඇතිවන්නටත් පුළුවනි. එසේම දරුණු පෙණහළු ආබාධ පවා ඇතිවෙන්න පුළුවන් වන බවත් මතක තබා ගන්න.

මෙම හේතුන් නිසා ඔබත් වහාම ඇදූම් ඔබගේ නිවස තුල වියළීමෙන් වළකින්න. එපමණක් නොව සෑම විටම උදේ කාලයේ හෝ දහවල් කාලයේ ස්වාභාවික හිරු එළිය යටතේ රෙදි වියළීම සිදු කරන්නට අනිවාර්යයෙන්ම මතක තබාගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...