ආදරයට ආදරය කරන්නට නම්…

ආදරය, යහපත් සබඳතාවක පදනමයි. එම ආදරය බෙදාහදාගන්නා අනෙක් පාර්ශ්වය හොද සහකරුවෙක් හෝ සහකාරියක් වීමටනම් ඔහු හෝ ඇය තුල හොද ගුණාංග තිබිය යුතුයි. හොද සහකරුවෙක් හෝ සහකාරියක් වීමට නම් නොකරන්නට වගබලාගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් සිටීම කාටත් හොඳයි. හොද සහකරුවෙක් හෝ සහකාරියක් වීමටනම් ඔහු හෝ ඇය නොකල යුතු මේ දේවල් ගැන නැවත වරක් සිතා බලන්න-

  • ඔබ නරකයි යන හැගීම ඔබට නොදිය යුතුය.
  • සහකරුවාගේ හෝ සහකාරියගේ සිහින අවතක්සේරු නොකල යුතුය.
  • ඔවුන් විසින් ඔබගේ අඩුපාඩු මතක් නොකල යුතුය.
  • ප්‍රසිද්ධියේ ඔබව විවේචනය නොකල යුතුය.
  • ඔබට වඩා ඔහු හෝ ඇය අංගසම්පුර්ණයි යන හැගීම නොතිබිය යුතුය.
  • ඔබව අවිශ්වාස නොකල යුතුය.
  • ඔබගේ ලෝකය පාලනය නොකල යුතුය.
  • ඔබගේ නිදහසට බලපෑම් නොකල යුතුය.
  • ඔබගේ හැගීම් වලට තැකීමක් නොදැක්වීම නොකල යුතුය.
  • ඔබව අවාසනාවන්ත තත්වයකට පත් නොකල යුතුය.
  • ඔබව අනාරක්ෂිතයි යන හැගීම ඔබට ලබා නොදිය යුතුය.
  • ඔබගේ ක්‍රියාවන්ට විරුද්ධ නොවිය යුතුය.
  • ඔබ දෙදෙනාගේම රහස් පිටතට නොදිය යුතුය.
  • ඔබට අනවශ්‍ය ආකාරයෙන් විහිළු නොකල යුතුය.
  • ඔබ දෙදෙනාගේම ප්‍රශ්ණ වෙනුවෙන් ඔබට බැන නොවැදිය යුතුය.
  • ඔබගේ සිත රිද්දවීම නැවැත්විය යුතුය.
  • ඔබගේ ආදරය ඔප්පු කිරීමට බල නොකල යුතුය
  • ඔබගෙන් පළිගැනීමේ චේතනාවක් නොතිබිය යුතුය.

ඔබත් ඔබගේ සහකරුවා හෝ සහකාරියත් අතර සබඳතාව වැඩිදියුණුකරගැනීමට මෙවැනි කරුණු පිළිබඳව අවධානයෙන් සහ අවබෝධයෙන් සිටීමෙන් හැකිවනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles