සෞඛ්‍ය ආරක්ෂිතව නිවසේදීම Virgin Coconut Oil හෙවත් පිරිසිදු පොල් තෙල් හදමු

ආහාර පිසීමේදී නැතිවම බැරි දෙයක්නේ පොල් තෙල් කියන්නේ. කඩෙන් පොල් තෙල් ගන්න හුඟ දෙනෙක් දැන් බයයිනේ. ඒ පිළිකාකාරක තියෙන නිසා, පාම් ඔයිල් තියෙන නිසා ඒ වගේම තමයි කලින් පාවිච්චි කරපු තෙල් මිශ්‍ර කරපු වෙළඳපොළේ ඇති බවටද සමාජයේ මතයක් තියෙනවා.ඒ නිසාම වෙළඳපොලේ තිබෙන තෙල් දරුවන්ට ආහාර පිසීමේදී භාවිතා කරන්න හුඟක් දෙනෙක් බියක් දක්වනවා.ඉතිං ඒ නිසාම අපි හිතුවා ගුණදායි විදිහට අඩු වියදමකින් පිරිසිදු පොල් තෙල් ගෙදරදීම සාදා ගන්නා විදිහක් ගැන ඔබට කියලා දෙන්න.

නිවසේදීම පොල් තෙල් සකසා ගැනීමේ වාසි

1.අඩු මහන්සියකින් අඩු කාලයකින් සාදා ගන්න පුලුවන්

2.පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු නොවන බැවින් ආහාර පීසීම සදහා වඩාත් යෝග්‍ය වෙනවා

3.පුංචි බබාලගේ ආහාර පිසිමට වුණත් යොදා ගන්න පුලුවන්

4.හිසකෙස් වේගෙයෙන් වර්ධනය කරනවා

5.රූපලාවණ්‍යය කටයුතු සදහා යොදා ගන්න පුලුවන්

6.අඩු මුදලක් වැය වීම

කොහොමද හදාගන්නේ?

මුලින්ම පොල් ගෙඩියක් අරගෙන කටුව ඉවත් කර එම පොල් සිහින්ව කපා ගන්න ඕන.

මෙහිදී පොල්වල කුරුටු කොටසත් එක්කම කපාගන්න හින්දා තෙල් වැඩි ප්‍රමාණයක් ගන්න පුලුවන්.

මෙලෙස කපාගත් පොල් ටික මද උණුසුම් ජලය යොදාගෙන බ්ලේන්ඩරයකින් අඹරගන්න ඕන.මෙහිදි පොල් ගෙඩියකටනම් වතුර 500ml ප්‍රමාණවත්.

ඉන්පසුව අඹරාගත් පොල් ටික හොදින් මිරිකාගන්න ඕන.

මිරිකාගත් පොල් ටික පෙරණයක් අදාරයෙන් පෙරාගන්න ඕන.

අවශ්‍යනම් දෙවෙනි වතාවටත් පොල් ටික මිරිකලා කිරි ටික පෙරාගන්න පුලුවන්.එලෙස ලබාගන්නා පොල් කිරි ටික වෙනම බාජනයකට දමාගන්න ඕන.

මෙලෙස පෙරාගත් පොල් කිරි ශීතකරණයේ යට කොටසේ රැයක් පුරාවට තියන්න ඕන.අවශ්‍ය නම් දවස් දෙකක් වුනත් තියාගන්න පුලුවන්.

ශීතකරණයේ තැබීමෙන් පොල්වල තියෙන Creamy ගතිය උඩට මතුවෙලා වතුර යට යනවා.සිදුරු තියෙන හැන්දකින් පොල් Cream එක වතුරෙන් වෙන් කරලා ගන්න පුලුවන්. මේ පොල් Cream එක අපිට පොල් Ice Cream හදද්දී Cake Icing කරද්දි වටලප්පන් හදද්දී වුනත් ගන්න පුලුවන්.

අපි මෙහම වෙන් කරලා ගන්න පොල් ක්‍රීම් එක ෆෑන් එකකට දාගෙන ගින්දර වඩාත් අඩු ප්‍රමාණයක් යොදා ගෙන විනාඩි 20ක් විතර හිදගන්න ඕන.ලිපෙ තියෙද්දි දිගින් දිගටම ඉවසීමෙන් කලවම් කරමින් තෙල් ටික රන්වන් පාට වෙද්දි ලිපෙන් අයින් කරන්න ඕන.

මෙය ඇසුරුම් කිරීමේදී ඉතා සැලකිලිමත් විය යුතුයි.ජීවානුහරණය කළ තෙත නැති විදුරු බෝතලේක මෙය ඇසුරුම් කර ගැනීමෙන් දිගු කාලයක් භාවිතා කරන්න ඔබට පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles