සිරුරේ සිසිල් බව වැඩි කරන ඖෂධීය කැඳ වර්ග.

සිරුර සිසිල්ව තබා ගැනීම ගර්භනී වීම ඉක්මන් කිරීමට වගේම විවිධ උෂ්ණාධික රෝගවලින් ගැලවෙන්නට හේතුවක්.උෂ්ණාධික බව අඩු කරන බොහෝ ආහාරපාන අතර රසවත් කැඳ වර්ගවලට හිමි වන්නේ විශේෂ තැනක්.
බොහොම පහසුවෙන් පිළියෙළ කරගන්න පුලුවන් රසවත් කැඳ වර්ග කිහිපයක් තමයි මේ.

කිතුල්පිටි කැඳ

අවශ්‍ය දේවල්

  • කිතුල් පිටි ග්‍රෑම් 50 ක්
  • වතුර
  • මිටි කිරි කෝප්ප දෙකක්
  • ලුණු
  • සීනි

සාදන ක්‍රමය

  • කිතුල් පිටි වල ට වතුර මිශ්‍ර කර කැඳ පිස ගන්නා ආකාරයට හැඳි ගාමින් විනාඩි දහයක් පමණ තම්බා ගන්න.
  • ඉන්පසු එයට මිටි කිරි සහ සීනි එකතු කර බුබුළු දමන තෙක් මඳ ගින්නේ තබන්න.
  • අවශ්‍ය තරමට ලුණු එකතු කර හැඳි ගා ලිපෙන් ඉවතට ගන්න .

සව් කැඳ

  • සව් ග්‍රෑම් 100
  • පොල්කිරි කෝප්ප 2
  • සීනි
  • කජු ස්වල්පයක්
  • මුද්දරප්පලම් ස්වල්පයක්

සාදන ආකාරය

  • වතුර කෝප්ප 3ක් ලිප තබා උණු වෙද්දී සව් එකතු කර හොඳට ගැඳිගාන්න.
  • පොල් කිරි සහ සීනි එකතු කර හැඳි ගාන්න
  • රස අනුව ලුණු එකතු කරගන්න.
  • කජු හා මුද්දරස්පලම් එකතු කර ලිපෙන් බාගන්න.

මුං කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් මුං ඇට කෝප්ප 1
  • පොල්කිරි කෝප්ප 2
  • චොප්කරගත් සුදුළූණු බික් 2
  • ලුණු රස
  • චොප්කරගත් ඉඟුරු ටිකක්

සාදන ආකාරය

  • තම්බාගත් මුං ඇට භාජනයකට දමා හැන්දකින් පොඩි කරගන්​න.
  • එයට සුදුළූණු හා ඉඟුරු එක් කර ලිපේ තියන්න.
  • පොල් කිරි එක් කර හොඳට හැඳි ගාන්න.
  • රස අනුව ලුණු එකතු කර ගන්න.

Related Articles

Don't Miss


Latest Articles