ලෙඩ දුක් රැසකට මා හැඟී දිව ඔසුව -අක්කපාන

අක්කපාන නාගරිකව සුලභ නොවුණත් ග්‍රාමීය පරිසරයේ නිතර හමුවන පැළෑටියක්. Kalanchoe pinnata යන උද්භිද විද්‍යා නාමයෙන් හැඳින්වෙන අක්කපාන වර්තමානයේ නොයෙකුත් ලෙඩ රෝග සඳහා ඖෂධයකට වඩා ආහාරයක් ලෙස භාවිතා කරනවා.අක්කපාන වසර දහස් ගණනක් තිස්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකුලව රෝග ගණනාවක් සුව කළ ඔසුවක්.

විශේෂයෙන්ම මුත්‍රා පද්ධතිය සම්බන්ධ රෝග,අධික රුධිර පීඩනය,රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම,මුත්‍රා පිට නොවී තිබීම,වේදනා සහිතව මුත්‍රා පිටවීම,සියලු කල්ගිය තුවාල මෙන්ම අලුත් තුවාල,සියලුම සන්ධි රෝග,සුද යාමේ රෝග,කොලරාව,පාචනය,අර්සස්, ආදී රෝග සඳහා වසර දහස් ගණනක් තිස්සේ අක්කපාන ඖෂධයක් ලෙස භාවිතා කළ බවට සාක්ෂි හමුවනවා.

වත්මන වකුගඩු සහ මුත්‍රා පද්ධති ආශ්‍රිත මුත්‍රා ගල් සඳහා ඉතා ගුණදායක ඖෂධයක් ලෙසින් අක්කපාන ප්‍රචලිත වී තිබෙනවා.නමුත් වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කිරීමට වග බලා ගතයුතු බව මතක තබා ගතයුතුයි.

ඒ වගේම තුවාල සුව කිරීම් සඳහා බාහිර ආලේපයක් හා අභ්‍යන්තර ලෙසටද යොදා ගත හැකියි.ආහාර නොදිරවිම,ඉරුවාරදය වැනි රෝග සඳහා අක්මාවට ඉතා හොඳ ආරක්ෂාකාරී ඖෂධයක් ලෙසින් වැදගත් වනවා.වේදනා නාශක ගුණ ඇත.තිත්ත රස නිසා රුධිර කැටි ගැසීම වළකයි.මෙහි ඇති විෂ නාශක නිසා පිළිකා වලට ඉතා ගුණයි. ක්ෂය රෝගය,ඇදුම,ස්වසන පද්ධතියේ බොහෝ රෝග වලට ඉතාමත්ම ගුණදායකයි.

අක්කපාන ඉස්ම පොල්තෙල් සමඟ මිශ්‍ර කර ගෑමෙන් ඉස්හොරි නැතිවෙනවාඇස්යට කලුවිමට අඹරා ගත් අක්කපාන ආලේප කල හැකියි.

ගර්භනී අයට කෑමට අහිතකර වන අතර නිතර නිතර ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිය හීන විය හැකියි.

ඉතින් බොහෝවිට අප එදිනෙදා දිවියේ මුහුණ දෙන සෞඛ්‍ය ගැටළු රැසක් සඳහා අක්කපාන හොඳ පිළිතුරක් නේද ?

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles