නත්තල් මේසය රස කරන නත්තල් බත් වර්ග.

සීතල දෙසම්බරයේ උදාවෙන නත්තල කියන්නේ පවුල තුළ ආදරය සහ සහයෝගය වර්ධනය කරන උත්සවයක්.නත්තලට වෙනදා වගේ මිතුරන් එකතු වෙලා සාද පැවැත්වීම දැන් ටිකක් සීමා සහිත වුණත් සමීපතමයන්ට සංග්‍රහ කරන ඔබට රසම රස රෙසිපි අරන් එන්න Smartlady අපි හිතුවා.

නත්තල් කෑම වෙනදාට හදන කෑම වලට වඩා වෙනස්.ඒ නිසා මේ වෙනස් රෙසිපි ඔබේ ගෙදර රසයෙන් සහ ආදරෙන් පුරවාවි.

සැල්දිරි චිකන් බතක්

නත්තල් කෑම මේසයට අපූරු මේ ආහාරය හය දෙනෙකුට සෑහෙන තරමට හදන්න අවශ්‍ය මිනුම් තමයි මේ.විනාඩි විස්සකින් ඔබට මෙය පිස ගන්නට පුලුවන්.

අවශ්‍ය දේවල්

  • චොප් කරගත් ළූණු කෝප්ප බාගයයි.
  • චොප් කරගත් සැල්දිරි
  • කපා ගත් රතු බෙල් පෙපර්
  • කපා ගත් කොළ බෙල් පෙපර් හෝ අමු මිරිස්
  • බටර් තේ හැඳි
  • චිකන් තම්බා ගත් සුප් ලෙස කෝප්ප 1
  • පිස ගත් බත් කෝප්ප 2
  • ගම්මිරිස් තේ හැඳි 1/4
  • ලුණු තේ හැඳි බාගයයි.

පිස ගන්නා ආකාරය.

  • පෑන් එකක් ලිප තබා එයට ළූණු ,සැල්දිරි සහ මිරිස් දමා ගන්න.
  • බටර් ද එකතු කරන්න
  • සාමාන්‍ය උෂ්ණත්වයේ විනාඩි දෙකක් පමණ බැද ගන්න.
  • එය සෝස් පෑන් එකෙන් ඉවත් කරන්න.
  • භාජනයකට චිකන් සුප් දමා උණු කරගන්න.
  • බත්,මුලින්ම බැදගත් සැල්දිරි මිශ්‍රණය එකතු කරන්න
  • ගම්මිරිස් සහ ලුණු ද එකතු කරන්න
  • විනාඩි හතක් පමණ පිස ගන්න.

රසවත් බතක් වන මෙය ඕනෑම කරීස් කිහිපයක් සමඟ පිළිගන්වන්න පුලුවන්.

ස්පාඤ්ඤ නත්තල් බතක්

මෙය විනාඩි තිස් පහකින් පමණ ඔබට පිස ගන්නට පුළුවන්.හතරදෙනෙකුට ප්‍රමාණවත් බතක් තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • බත් කෝප්ප 1
  • කපාගත් ළූණු කෝප්ප 1
  • ගම්මිරිස් තේ හැදි බාගයයි
  • චොප් කළ සුදු ළූණු
  • Pimento pepers(නයි මිරිස් ද ගන්න පුලුවන්) 2
  • කපාගත් කොත්තමල්ලි කොළ 2
  • කපාගත් සැල්දිරි කෝප්ප 1/4
  • කපා ගත් බෙල් පෙපර් කෝප්ප 1
  • කපාගත් තක්කාලි ගෙඩි 2
  • ලුණු තේ හැඳි
  • පාම්සන් චීස් ග්‍රේට් කරගත් කෝප්ප බාගයක්

සාදා ගන්නා ආකාරය

  • බත් පිසගෙන මඳක් වියළා ගන්න
  • ළූණු,සුදු ළූණු,බෙල් පෙපර්,නයි මිරිස්,සැල්දිරි හොඳින් බැදගන්න.
  • ළූණු රන්පැහැ වූ පසු එයට තක්කාලි ද ලුණු ද ගම්මිරිස් ද එකතු කරන්න
  • අඩු ගින්දරේ විනාඩි තුනක් පිස ගන්න.
  • බත් එකතු කර කලවම් කරන්න.
  • ලිප නිවාගෙන උඩින් චීස් ඉස ගන්න.
  • පිළිගන්වන්න.

Related Articles

Don't Miss


Latest Articles