පොල් ප්‍රශ්නෙට පුංචි විසඳුමක්

ශ්‍රී ලංකාවේ බොහෝමයක ආහර පාන පිළියෙල කිරීමේදි පොල් කිරි භාවිතා කිරීම අවශ්‍යවේ. එනිසා පොල් ලංකීක ජන ජීවිතයේ ප්‍රධානතම අංගයක් බට පත්ව ඇත. විවිධ ගැටළු හේතුවෙන් වර්තමානයේ පොල් හිඟය වර්ධනය වී ඇති අතර පොල් මිල සීඝ්‍රෙයන් ඉහළ යමින් පවතී. එනිසා පොල් භාවිතය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතුවේ.

මේවන තෙක් පොල් වෙනුවට නිසි විකල්පයක් හඳුනාගෙන නොමැත. පොල් භාවිත කර සකස් කරන පිටි කළ පොල් කිරි  හා පොල්කිරි වෙළඳපලේ දක්නට ලැබුණ ද ඒවායෙහි ප්‍රමිතිය පිළිබඳව සෑහිමට පත්විට නොහැක. එසේම පොල් පර්යේෂණ ආයතනය කළ පර්යේෂණ වලට අනුව ගෘහාශ්‍රිත පොල් පරිභෝජනයේදී අතින් මිරිකා පොල් කිරි ලබා ගැනීමේදී ඉන් 40%ක පමණ ප්‍රමාණයක් අපතේ යන බව හෙළිව ඇත.

එනිසා ගෙදරදී පොල් පරිභෝජනය කිරීමේ දී පොල් ගා වියළා පොල් පමණක් යොදා බ්ලෙන්ඩර් කරගැනීමෙන් අනතුරුව සෑදෙන පොල් තලපය/ පොල් ක්‍රීම් පැකට් කර හෝ බෝතල්වල අසුරා පසුව අවශ්‍ය පරිදි වතුර එක්කර පොල් කිරි සකසා ගත හැක.

මෙසේ පොල් ක්‍රීම් සකසා ගැනීමේ දි පොල් ගා වියළා ගත යුතු අතර පොල් අතින් ඇල්ලූවිට කැඩෙන සුළු ගතියක් දැනෙන තෙක් හොඳින් වියළාගත යුතුයි. පැය හතරක් පමණ අව්වේ වියළා ගැනීම, මයික්‍රොවේව් උදුනක් හෝ අවන් එකක් භාවිතයෙන් වියළා ගැනීම සිදුකල හැක. හොඳින් වියළාගත් පොල් බ්ලෙන්ඩර් එකක් මඟින් විනාඩි කිහිපයක් හොදින් අඹරා ගන්න. මෙයට ජලය එක් නොකළ යුතුයි. මේ සඳහා පොල් තෝරා ගැනීමේදී ඉතා හොඳින් පැසුණු පොල් තෝරා ගන්නට වග බලා ගන්න. මෙසේ සාදාගත් පොල් ක්‍රීම් පසුව භාවිතා කිරීම සදහා වියළි අසුරනයක හෝ සෝදා වියළා ජීවානුහරණය කර ගත් බෝතල් වල දමා සීල් කරගන්න. ශීතකරණයක තැබීමෙන් වැඩි කාලයක් පුරා භාවිතා කල හැක. මේ අකාරයට අරපරෙස්සමින් පොල් පරිභෝජනය කලහොත් ඔබේ පසුම්බියට සහනයක් වේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles