රෙස්ටුරන්ට් ස්ටයිල් එකට ක්‍රිස්පි චිකන් ගෙදරදී හදමු.

ක්‍රිස්පි චිකන් කියන්නේ අපි හැමෝම බොහොම කැමති ආහාරයක්. ක්‍රිස්පි චිකන් කන්න මීට පස්සේ ජනප්‍රිය අවන්හල් වලට ම යන්න ඕනෑ නෑ.අපිට ගෙදරදී ම හදා ගන්න මෙන්න මෙහෙම පුලුවන්. මේ ක්‍රිස්පි චිකන් හදන විවිධ ක්‍රමවලින් පහසුම ක්‍රමයක්.

අවශ්‍ය කරන දේවල්

  • Chicken breast 2
  • බිත්තර දෙකක්
  • තක්කාලි
  • ලුණු
  • කෝන් පිටි
  • කෝන් ෆ්ලෙක්ස්
  • ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි.

  • චිකන් සිහින් තීරුවලට කපා ගන්න.
  • එයට ගම්මිරිස්, ලුණු, කරපිංචා, දෙහි හෝ විනාකිරි, කරි පවුඩර් ටිකක් එකතු කරන්න.
  • ශීතකරණයේ මඳ වෙලාවක් තබන්න.
  • බිත්තරයක් එකතු කරගන්න.
  • කෝන්පිටි ටිකක් එකතු කර මිශ්‍රණය ඝන කරගන්න.
  • කෝන් ෆ්ලෙක්ස් වලට කෝන් පිටි ඉස ගන්න.
  • එයට චිකන් මිශ්‍රණය එකතු කරන්න.
  • චිකන් වල කෝන් ෆ්ලෙක්ස් මිශ්‍රණය හොඳින් තවරා ගන්න
  • ගැඹුරු තෙලේ හොඳින් බැද ගන්න.
  • කැමති සෝස් එකක් එක්ක පිළි ගන්වන්න.

මේ ක්‍රිස්පි චිකන් හදනකොට ඔයාලා අනුගමනය කරන්න ඕන පුංචි පුංචි ට්‍රික්ස් ගැන පැහැදිලිව දැන ගන්න මේ වීඩියෝ එකෙන් පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles