හැමදාම හදන පුඩින් වලට වඩා වෙනස් රසට පුඩින් හදන්න හොඳ අවස්ථාවක් තමයි නත්තල.නත්තලටම ආවේණික පුඩින් හදන්න කැමති ඔබට අපි සාම්ප්‍රදායික නත්තල් පුඩිමේ රෙසිපිය තමයි මේ ගෙනාවේ.
අවශ්‍ය දේ
- වියළි පළතුරු වර්ග වලින් කිහිපයක් – 450g
- (බෙරීස් වර්ග,චෙරි, වියළි මිදි)
- තම්බා පොතු හැර ගත් ඇපල් ගෙඩියක්
- දොඩම් ලෙල්ල සිහින්ව ලියා ගත් තේ හැන්දක්
- දෙහි ලෙල්ල සිහින්ව ලියා ගත් තේ හැන්දක්
- දොඩම් යුෂ තේ හැදි 2
- දෙහි යුෂ තේ හැන්දක්
- බ්‍රැන්ඩි කෝප්ප කාලක්
- පිටි කෝප්ප බාගයක්
- කුරුඳු,කොත්තමල්ලි,ඉඟුරු,කරාබුනැටි ආදිය එකට කුඩු කරගෙන තේ හැන්දක්
- කුරුඳු තේ හැදි එකහමාරක්
- රතු සීනි ග්‍රෑම් 100
- අලුත් පාන් කුඩු ග්‍රෑම් 100
- තලා ගත් ආමන්ඩ් ග්‍රෑම් 25
- බිත්තර 2
සාදන ආකාරය
- වියළි පළතුරු,ඇපල් කැබලි,දෙහි සහ දොඩම් ලෙලි සහ යුෂ ලොකු වීදුරු භාජනයකට දමා ගන්න
- බ්‍රැන්ඩි එකතු කර කලවම් කරන්න
- කිචන් ටවල් එකක් තෙත් කර පැය කිහිපයක් මැරිනේට් කරන්න.
- බටර් කැබැල්ලක් භාජනයකට දමා ගන්න
- පැය කිහිපයක් මැරිනේට් කළ භාජනයට පිටි,කුළුබඩු මිශ්‍රණය,කුරුඳු එකතු කරන්න
- සත්ව තෙල්,සීනි,පාන් කුඩු,ආමන්ඩ් එකතු කර කලවම් කර මැරිනේට් කරන්න
- කුඩා බෝල් එකක බිත්තර බීට් කර ගන්න
- මිශ්‍රණය එයට එකතු කරන්න
- ඉන්පසු එය තෙල් කඩදාසියකින් ආවරණය කරන්න
- ඇලුමිනියම් ෆොයිල් එකකින් ආවරණය කරන්න
- එය ස්ටීමරයක තබා හොඳින් ස්ටීම් කරන්න
- පිටතට ගෙන සිසිල් වීමට තබා තැනින් තැන සිදුරු කර බ්‍රැන්ඩි එක් කර ගන්න
- තෙල් කඩදාසියකින් ආවරණය කර සිසිල් සහ වියළි තැනක තබන්න.
- නත්තල් කෑම මේසයට පිළි ගන්වන්න.