නත්තල් කෑම මේසය රහ වැටෙන්න වගේම නත්තලේ වර්ණය එක් වෙන්නත් කොක්ටේල් ලොකු මෙහෙයක් ඉටු කරනවා.රසම රස කොක්ටේල් වර්ග කිහිපයක් පහසුවෙන් හදා ගන්න රෙසිපීස් තමයි මේ.
Pomegranate Cosmo
අවශ්‍ය දේවල්
- වොඩ්කා කෝප්ප 1
- දෙළුම් සහ බෙරි වර්ගයක යුෂ කෝප්ප 1
- දොඩම් යුෂ කෝප්ප බාගයයි
- නැවුම් දෙහි යුෂ තේ හැඳි තුනයි
- Lime twists
සාදා ගන්නා ආකාරය
- වොඩ්කා,දෙළුම් යුෂ,දොඩම් යුෂ හා දෙහි යුෂ එකට එකතු කරන්න
- අයිස් එකතු කර කලවම් කරන්න
- වීදුරුවලට දමා ගන්න
- ලයිම් ට්විස්ට් වලින් ගානිෂ් කර ගන්න
Vannila Citrus Honey Sangrila
අවශ්‍ය දේවල්
- නැවුම් දොඩම් යුෂ කෝප්ප 2
- පෙති කපා ගත් දොඩම් ගෙඩි 2
- මී පැණි තේ හැඳි 2
- වැනිලා කරලක් දෙකට කපා ගෙන
- වයින් 750ml
සාදා ගන්නා අන්දම
- දොඩම් යුෂ සහ මී පැණි කලවම් කර ගන්න
- වැනිලා ද එකතු කරන්න
- දොඩම් පෙති එකතු කරගන්න
- අවසානයට වයින් එකතු කරන්න
Christmosas
අවශ්‍ය ද්‍රව්‍ය
- චොප් කරගත් ඇපල් 2
- බෙරි වර්ගයකින් කෝප්ප 1
- දෙකට පැලූ කොළ මිදි කෝප්පයක්
- දෙළුම් ඇට කෝප්පයක්
- මිදි යුෂ කෝප්ප 1
- ෂැම්පේන් හෝ Cava 750ml
සාදා ගන්නා ආකාරය
- භාජනයකට මුලින්ම පළතුරු වර්ග එකතු කර කලවම් කරන්න
- ඉන්පසු එයට උඩින් මිදි යුෂ දමා ගන්න
- ෂැම්පේන් එකතු කර කලවම් කරන්න.