මංගල ඡායාරූප ගැනීම පසෙකලා ජීවිතයක් බේරූ මනමාලයා

මේ වසර කිහිපයකට ඉහත කතාවක්.නමුත් මනුෂ්‍යත්වය ගැන වටිනා පාඩමක් හෙළි කරන කතාවක්.ජිවිතයේ වැදගත්ම දවසක පවා වෙනත් කෙනෙකු ගැන කැප වෙන්නට තරම්  තිබු මිනිසෙකුගේ කතාවක්.

ඒ විවාහ ඡායාරුප ගන්නා අවස්ථාවක වූ සිදුවීමක්.කැනේඩියානු මනාලයෙකු ඔහුගේ විවාහ චායාරුප ගන්නා මොහොතේ ඒ ඇඳුම් පැළදුම් ගැන හෝ අවස්ථාව ගැන නොහිතා දියට පනින්නේ කුඩා පිරිමි දරුවෙකු වෙනුවෙන්.

ක්ලේටන් සහ බ්‍රිටනි කුක් ඔන්ටාරියෝ හි කේම්බ්‍රිජ් හි උද්‍යාන පාලමක් මත ඔවුන්ගේ මංගල ඡායාරූප වෙනුවෙන් පෙනී සිටින විට මනාලයා පහළ ජලාශයේ  
ගිලෙන දරුවෙකු දකිනවා.

“විනාඩි කිහිපයක් තිස්සේ  මේ ළමයි අපිව අනුගමනය කරමින් සිටියා. ඔවුන් වතුරට කිට්ටුව සිටි නිසා මම ඔවුන් දිහා බලාගෙන හිටියා.බ්‍රිට්නිගේ තනි චායරුප ගන්නා අවස්ථාවේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු පමණක් පෙනෙන්නට ඉන්නා බව මට පෙනුණා ” ක්ලේටන් කුක් ඒ ගැන එසේ පැවසුවා.

ක්ලේටන් කුඩා දරුවාගේ ගිලෙන හිස දැක ක්ෂණයෙන් වතුරට පනින්නේ දවසේ වැදගත්කම බිඳුවක්වත් මායිම් නොකර.එය ඔහුගේ විහිළුවක් බව මනාලිය හිතුවත් ඇය ඉතා ඉක්මනින් සිදුවීම ගැන දැන ගන්නවා.එය ඇයට පුදුමයක් නොවන්නේ ඔහු ඉතා පරාර්ථකාමී බවත් ඉක්මන් තීරණ නිවැරදිව ගන්නට හපනෙකු බවත් ය දන්නා නිසා.

දිවි බේරා ගැනීමෙන් පසු කුඩා කොලුවා වචනයක්වත් කතා නොකලත් ඔහු හොඳින් පසුව තිබෙනවා.ඔහුගේ වැඩිමල් සහෝදරයා පැමිණ ඔහුව ඉවතට ගෙන ගිය බවයි පැවසෙන්නේ.ක්ලේටන් මේ වීර ක්‍රියාව සිදු කරන ඡායාරූප ගන්නට ඡායාරුප ශිල්පියා වූ ඩැරල් හට සමත්ව නැහැ.ක්ලේටන් එතරමටම ඉක්මනින් ක්‍රියාත්මක වීම එයට හේතුවයි. කොහොම නමුත් ලෝකය පුරා  ජනප්‍රිය වුණේ සම්පුර්ණ යුරෝපා ඇඳුමින් සැරසී තෙතබරිතව  හිඳින  ක්ලේටන්වත් එතනින් ඉවතට යන කුඩා දරුවාගේත් ඡායාරුප.

“His quick action saved the little guy who was struggling to swim. Well done sir!”

ඩැරල් තම instagram  ගිණුමේ එලෙස ලියා  පල කළ ඡායාරුප තවම ලෝකය පුරා සංසරණය වෙනවා.

මිනිසත්කම් කිසිම ආකාරයකට පරණ වන්නේ නැහැ.එදා ක්ලේටන් ඒ සිදුවීම නුදුටුවා සේ තමන්ගේ කටයුත්තේ නිරතව සිටියා නම් කුඩා දරුවා ස්වර්ගයට නික්ම ගොස් පස් වසරක් ම ගෙවී අවසන්.නමුත් ක්ලේටන් නිසා එය එසේ සිදු වුණේ නැහැ.ඔහු කොහේ හෝ සුවෙන් වැඩෙනවා  ඇති.

ජිවිතයේ අත්‍යවශ්‍යම මොහොතක පවා අනුන් වෙනුවෙන් කැප වෙන මිනිසුන් සමාජයේ එතරම් දකින්නට ලැබෙන්නේ නැහැ.නමුත් අපේ වටිනාම මොහොතක වෙනත් කෙනෙකු ඉතා අසීරු මොහොතක් පසු කරන බව දුටුවොත් ඉවත හැරිය යුතු නැහැ.

වටිනා මොහොතක් සේම අත්‍යවශ්‍යම මොහොතක් ජිවිතයට ලැබෙන්නේ එක වරක් වන්නට පුළුවන්. අපි එවිට තෝරා ගත යුත්තේ අත්‍යවශ්‍ය මොහොතයි.

Related Articles

Don't Miss


Latest Articles