1984 අගෝස්තු විසි අට වෙනිදා එලිසබෙත් ප්‍රිට්ස්ල් අතුරුදහන් වෙනවා.ඇගේ මව ඒ ගැන බොහෝ ශෝකයෙන් පොලිසියට පැමිණිලි කරනවා.නමුත් එලිසබෙත් ගැන කිසිම ආරංචියක් ලැබෙන්නේ නැහැ.ටික දවසකට පසු ඇගේ ලිපියක් සොයා ගැනෙනවා.ඇයට පවුල එපා වී ඇති නිසා පලා යන බවයි ඉන් කියවෙන්නේ.නමුත් පියා කට උත්තරයට ලබා දුන්නේ වෙනත් කතාවක්.
“එලිසබෙත්ට ආගමික නිකායකට සහභාගී වෙන අදහසක් තිබුණා.”
ලෝකය මොනතරම් බියජනක සහ අසත්‍යයෙන් පිරුණු එකක් ද කියනවා නම් එලිසබෙත් ඒ වනවිටත් සිටියේ ඒ නිවස තුළ.පොලිස් නිලධාරියා සිටි තැනට අඩි විස්සක් පහළින්.
ඒ මහත් අපරාධයකට බඳුන් වෙමින්!
ඒ අගෝස්තු විසි අට වැනිදා එලිසබෙත්ගේ පියා වූ ජෝසප් දියණිය නිවසේ පහළ මාලයට කැඳවා ගන්නවා.අලුත් දොරක් සවි කරන තුරු එය අල්ලා සිටීමට එලිසබෙත්ට පියාගෙන් අණ ලැබෙනවා.එය රහස් කුටියක් බව එලිසබෙත් දන්නේ නැහැ.මේ කෲරතර මිනිසා දියණියව එය තුළට තල්ලු කර දොර වසා දමනවා .ඊතර් පෙඟවූ රෙදි කඩකට නාසයට අල්ලා සිහි නැති කරන්නටත් වග බලා ගන්නවා.
මෙය ක්ෂනික ආශාවක් නොවේ.ජෝසප් මෙය වසර දෙකක් පමණ තිස්සේ සැලසුම් කළ එකක්.ජීවිත කාලයම පුරා දියණිය සමඟ ලිංගිකව හැසිරීමට ආශාවක් තිබූ ඔහු ඒ වෙනුවෙන් සැකසූ සැලසුම තමයි ඒ.අසභ්‍ය ලිංගික චිත්‍රපටිවල දුටු සියලුම ඉරියව් ඔහු දියණිය සමඟ අත්හදා බලනවා.ප්‍රතික්ෂේප කිරීම පහර කෑමට හේතුවක් වෙනවා.
වසර දෙකක් පමණ ගෙවී යද්දී එලිසබෙත් සෙවීම මව අතැර දමනවා.ඇය ගැන ලෝකයට ද අමතකව යනවා.එලිසබෙත් ගැබිණියක් වන අතර දියණිය බිහි කරන්නේ තමන්ට තමන්ගේම උදව් ලබා දෙමින්.තවත් වසර දෙකකට පසු ඇයට පුතෙකු බිහි වුණා.අර කුඩා කුටිය එලිසබෙත්ටත් දරු දෙදෙනාටත් ප්‍රමාණවත් වුණේ නෑ.
“ආදරණීය අම්මේ,තාත්තේ,”
මම වෙනුවෙන් මගේ දරුවා බලා ගන්න.මට ඔහු බලා ගන්නට සල්ලි නැහැ.”
රෙදිකඩකින් එතූ දරුවෙකු සහ එලිසබෙත්ගේ අත් අකුරු සහිත ලිපියක් අම්මාට ලැබෙනවා.ඛේදවාචකය මොනතරම් ද කියනවානම් තවත් දරු දෙදෙනෙක් ද එසේ මුණ ගැසෙන්නට තරම් එලිසබෙත්ගේ අම්මා වූ රෝස්මරී අවාසනාවන්ත වෙනවා.දියණිය හිඳින නරාවල ගැන ඒ අම්මා කිසිත් දන්නේ නැහැ.
ජෝසප් ඔහුගේ රාජකාරි කටයුතු සඳහා පහළ මාලයේ කාමරයේ වැඩි වශයෙන් රැඳී සිටියා.ඇතැම් රාත්‍රීන් පවා ඔහු ගෙවූයේ ඒ කාර්යාල කාමරයේ.මෙය කිසිම විදියකට රෝස්මරීට සැකයක් වූයේ නැහැ.ඔහු රාජකාරියට කැප වූ කෙනෙක් බවයි ඔහු සිතුවේ.ඔහු දිගින් දිගටම එලිසබෙත් දූෂණය කරන බව රෝස්මරී දන්නේ නැහැ.
කුණු පිරුණු කුඩා කාමරයක එලිසබෙත් සහ ඇගේ දියණිය කර්ස්ටන් ජීවත් වුණා.ඔවුන් දකින්නේ ඒ කුඩා ලෝකය පමණයි.එලිසබෙත්ට ගබ්සාවීමක් පවා සිදු වූ අතර එක දරුවෙක් ඉපදී පැය කිහිපයකින් මිය යනවා.ඒ මලකඳ ජෝසප් රහසේම පුළුස්සා දමනවා.මේ වෙනකොට එලිසබෙත් කාමරයේ හිරව අවුරුදු විසි පහක් ගෙවී අවසන්.දහනව හැවිරිදි කර්ස්ටන් දැඩිව රෝගාතුර වෙන්නේ ඒ කාලයේදී.එලිසබෙත් බොහෝ හඬා වැලපීම්වලින් අනතුරුව දියණිය හොර රහසේ රෝහල් ගත කරන්නට පියාගෙන් අවසර ගන්නවා.රෝහල් පොලිසියට කර්ස්ටන්ගේ ප්‍රකාශ ගැන සැක ඇති වෙන්නේ ඒ අතර.පොලිසිය මේ යුවතියගේ මව්පියන් ගැන සොයන්නට මහ ජනතාවගේ පවා සහය පතනවා.දැරිය රෝහල් ගත කරන්නේ ජෝසප් නිසාම කාලයකට පෙර අතුරුදහන් වූ එලිසබෙත් ගැන නැවත විමර්ශනය කරන්නට පොලිසිය ක්‍රියා කරනවා
දෛවය බොහෝ කාලයකට පසු හෝ නිවැරදි දෙයක් කරන්නට තීරණය කරනවා.
එලිසබෙත් මිය යමින් සිටින දියණිය බලන්නට රෝහලට එනවා.පොලිසිය ඇය අත්අඩංගුවට ගන්නවා.ඉන්පසු ඇගේ ප්‍රකාශ අනුව ජෝසප් පොලිස් භාරයට පත් වෙනවා.රහස් කුටියේ සිර වෙන්නට පෙර අවුරුදු එකොළහක දැරියක කාලයේ පටන් ඇය පියාගේ අපයෝජනයට ලක් වූ බවත් ඉන්පසු හෙළි වෙනවා.
උසාවිය ජෝසප්ට විසිපස් වසරක සිර දඬුවම් නියම කරනවා.ඔහු උසාවියේ දී නිර්භයව පවසන්නේ මෙවැනි කතාවක්.
“මම යක්ෂයෙක් නෙවෙයි.යක්ෂයෙක් වුණානම් මට උන් සේරම මරන්න තිබුණා..”
මේ කිසිවක් නොදැන සිටීම නිසා ඇති වූ ලැජ්ජාවත් පීඩනයත් දරා ගන්න බැරුව රෝස්මරී ගමෙන් පලා යනවා.වෙනකක් තබා ඒ නිවසේ පහළ මාලයේ කුලී නිවැසියන්වත් මේ ගැන යන්තම් හෝ සැකයක් කර නැහැ.ඉහළ මාලයෙන් ආ ඇතැම් ශබ්ද දෝෂ සහිත ජලනළ සහ කැඩුණු හීටරයක් නිසා බව ජෝසප් පවසා තිබෙනවා.
එලිසබෙත් මේ වන විට රහසිගත ඔස්ට්‍රියානු ගම්මානයක ජීවත් වෙනවා.ඔවුන්ගේ නිවසේ CCTV සවි කර ඇති අතර නිතරම ඒ ප්‍රදේශය අවට පොලිසිය මුර සංචාර කරනවා.ඒ නිවසේ කිසිම සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්නට කිසිම මාධ්‍යයකට අවසර නැහැ.එලිසබෙත් අවුරුදු දහසයෙන් පසු ඡායාරූප ගෙන නැහැ.ඇයට අතීතයෙන් සැඟවී ජීවත් වීමට ඉඩ දීමයි රජයේ ඒකායන අරමුණ වන්නේ.
මේ කතාව ඇසුරින් පසුකාලීනව The room නමින් චිත්‍රපටියක් සහ බෙස්ට් සෙලර් නවකතාවක් ද නිර්මාණය වුණා
දියණියකගේ හොඳම රැකවරණය වන්නේ ඇගේ පියා.තාත්තා අතින් අපයෝජනය වෙන දියණියන් ගැන අනන්ත කදුළු කතා අපේ රටේ ද නැතිවා නොවේ.නමුත් පිය පදවියට නිගා දුන් ජෝසප් තරම් නරුමයෙකු ලෝකයේ කිසිම දරුවෙකුට ලැබිය යුතු නැහැ.
පිය ගුණය උතුරා යන පියවරු ලෝකයේ හැම දරුවෙකුටම ලැබේවා!