සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ගේ අලුත උපන් පුතුට අත් වූ අවාසනාවන්ත ඉරණම

දරුවෙකුගේ අහිමි වීම තරම් මිනිසෙකුට මෙලොව ලැබිය හැකි දුකක් තව නැති තරම්.නූපන් කළලයක් ගබ්සා වූ තැන එහි වයස තවමත් ගණනය කරමින් වැළපෙන මව්වරුන් අපිට කාන්තා සමූහ අතර ඕනෑතරම් මුණ ගැහෙනවා.රෝගී වී මිය ගිය ළදරුවන්,අනතුරකට ලක්ව මිය ගිය දරුවන් නිසා මියන තෙක්ම වේදනා විඳින මව්පියන් ඕනෑ තරම්.රොනාල්ඩෝ ද ඒ වේදනාව ජීවිතයේ අවසන් මොහොත දක්වාම ගෙවාවි.

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ අලුත උපන් දරුවා මිය ගිය බව ඔහු තම ප්‍රේක්ෂකයින් වෙත දන්වා තිබෙනවා.

රොනාල්ඩෝ සහ ඇගේ බිරිඳ පැවසුවේ, “අපගේ දරුවා මිය ගිය බව අපගේ බලවත් කණගාටුව සමඟ ප්‍රකාශ කිරීමට සිදු වනවා. එය ඕනෑම දෙමව්පියන්ට දැනෙන ලොකුම වේදනාව බවයි.

Ronaldo

මෙම යුවළ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී නිවුන් දරුවන් අපේක්ෂා කරන බවට නිවේදනය කර තිබුණා. පසුව එම දෙසැම්බරයේදී ඔවුන් පිරිමි ළමයෙකු හා ගැහැණු ළමයෙකු අපේක්ෂා කරන බවත් පැවසුවා.

ඒ අනුව මෙම නිවුන් දරුවන්ගෙන් පිරිමි දරුවා මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති අතර ගැහැණු දරුවා පමණක් නිරෝගී සුවයෙන් පසුවනවා.

Ronaldo

තම දරුවාගේ මිය යෑම සම්බන්දයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ රොනාල්ඩෝ පවසන්නේ මෙය තමන්ට දරාගැනීමට ඉතාමත් අපහසු නමුත් තම ගැහැණු දරුවා මේ මොහොතේ යම් බලාපොරොත්තුවක් සහ එය තමන්ට සතුටින් ජීවත් වීමට ශක්තිය ලබා දෙන බවයි .

සම් මස් ඇට නහර තුළට වැද දුක් දෙන දාරක ස්නේහයක අහිමිවීමේ වේදනාව ලොව කිසිම මව්පිය යුවළකට හිමි නොවේවා යන්න SmartLady අපේ පැතුමයි!

Related Articles

Don't Miss


Latest Articles