හොර ලෙඩ

චාමලී ගෙදර ආවේ හරිම මහන්සියකින්.බස් එකේ හිටගෙන ඇවිල්ලා ඇඟ තලලා දාලා වගේ.තාම බස් එකේ ආසනයක් චාමීනිට ලැබෙන්නේ නෑ.ගිහාන්ගේ අම්මා කියනවා වගේ මැටිනිටි ඇඳුම් අඳින්න හිතෙන්නේ අන්න ඒ වෙලාවට තමයි.ඒ වුණත් තාම බඩත් නොපෙනෙන එකේ ඒ ඇඳුම් අඳින්න හදිස්සි වෙන්නත් චාමිනිට හිතක් නෑ.

“මාස තුනක් වෙන්න කලින් ඕවා කාටවත් කියන්න ඕනත් නෑ එක අතකට.ඊට කලින් දෙකෙන් එක්ක වෙන්නත් පුලුවන්..”

ඒ කතාව කිව්වෙත් ගිහාන්ගේ අම්මාමයි.එහෙම කිව්වාම හිත රිදුණත් චාමිනි මොකුත් කියන්න ගියේ නෑ.කිව්වා කියලා ඇති වැඩකුත් නෑ.ගිහාන්ගේ අම්මා එක්ක රණ්ඩු කරනවාට වඩා හරකෙකුට අකුරු උගන්වනවා ලේසි කියලා ගිහාන්ගේ මල්ලිගේ නෝනා ජයනි නම් කියන්නේ.ඒත් ජයනි ඉන්නේ ලංකාවෙ නෙවෙයි හින්දා ජයනිටනම් ඒ පීඩනය නොඑන තරම්.

“පුදුම බස් එකේ ආවම තියෙන්නේ..”

චාමලී එහෙම කියාගෙන ගෙට ගියාට නැන්දම්මා නම් හැරිලාවත් බැලුවේ නෑ.චාමලී ඉක්මනින්ම නාන කාමරේට වැදුණේ පිරිසිදු වෙන්න හිතාගෙන.තාම වසංගත ඉවර නැති නිසා ලෙඩ කොහොම ඇඟට රිංග ගනීද කියලා චාමලී ට බයයි.

“ගෙයක් දොරක් අස්කරන්න එපා ආපු ගමන්ම නාලා පිරුවට ඇඳ ගත්තම ඇති..”

චාමලී ආපහු එද්දිම නෝක්කාඩුවක්.අපිරිසිදුකම ලෙඩ බෝ කරනවයි කියලා කොච්චර කීවත් පලක් නොවෙන හන්දාම චාමලී මොකුත් නොකියා ඉන්න තීරණය කළා.හොඳටම බඩගිනි දැනෙන හන්දා චාමලී කෑම මේසය පැත්තට ගියේ ඊයේ ගෙනාපු කෙසෙල් ඇවරිය හොයාගෙන.බිස්කට් එකක් දෙකක් එක්ක කෙසෙල් ගෙඩියක් බඩගින්න නිවන බව චාමලී දන්නවා.ඒත් කෙසෙල් ඇවරිය ඉතුරු වෙලා තිබුණෙ නැහැ.

“කෝ අම්මා මේ කෙසෙල් වගයක් තිබුණේ..”

චාමලී එහෙම කියනකොට අක්කාගේ පොඩි උන්ට ඒ ටික දුන්න බව ගිහාන්ගේ අම්මා කියන්නේ මුහුණත් නරක් කරගෙන.බිස්කට් ටින් එකේ එකම බිස්කට් එකක්වත් නෑ.

“මේ ගෙවල් වල එහෙම හංගගෙන කෑම කන්න බෑ.බෙදාහදාගෙන කන්න ඕනේ ..”

චාමලීට ඒ වචන වලට බොහොම තද වේදනාවක් ආවා.කඳුළු ඉනුවත් ඇය ඒ කඳුළු ඉක්මනින්ම පිසදාගෙන එතැනින් යන්න ගියේ බඩගින්නට තේ ටිකක් බොන්න හිතමින්.

“උයනවානම් අක්කලටත් එක්ක උයන්න.අද අක්කා එනකොට රෑ වෙනවලු.”

මේ කෑම ගැන තදින් අප්පිරියාව දැනෙන දවස්.එච්චර පිරිසකට උයන්නේ කොහොමද කියලා චාමලී කල්පනා කරා.ඒත් ඒක ගිහාන්ගේ අම්මාට කියන එකම තවත් රණ්ඩුවකට කාරණාවක්.ඒත් තමන් වෙනුවෙන් කතා නොකර තව කොච්චර කාලයක් ඉන්නද කියලා චාමලී ආයෙමත් හිතුවා.

“එච්චර ගොඩකට උයන්න අමාරුයි අම්මේ.මට හරිම අප්පිරියයි..”

ගෑණු හොර ලෙඩ ගන්න හැටි ගැන නැන්දම්මගෙ ලොකු දේශනයක් අහන්න චාමලීට සිද්ධ වුණේ ඊට පස්සේ.ඒ කාලේ නම් එහෙම නැති බවත් උයා පිහාගෙන ළමයි බලාගෙන වත්ත පිටියේ වැඩ කරන්න පවා ගර්භණී අම්මලා පසුනොබාපු බවත් ගිහාන්ගේ අම්මා කියන්නේ පුදුම තරම් කේන්තියකින්.චාමනීගේ මේ බොරු ලෙඩ ගැන ඇය කතා කළේ හරිම අප්‍රසාදයකින්.

“අක්කා ඉන්නෙත් බබෙක් හම්බ වෙන්නනෙ.ඒ කෙල්ලටත් අමාරුකම් තියනවා.”

අන්තිමට බළලා මල්ලෙන් එළියට පැන්නා.අක්කට දැනෙන හැම අමාරුකමම අමාරු කමක් වුණත් චාමලී ගේ වේදනාවන් වේදනාවන් විදියට පිළිගන්න ගිහාන්ගේ අම්මා ලෑස්ති නෑ.ලේලියක් කියන්න ගෙදර සේවිකාවක් කියන එක දැන් බොහෝ දුරට වෙනස් වෙලා තිබුනට සමහර නැන්දම්මලා තාමත්  ඒක බාර ගන්න ලෑස්ති නැහැ.ගිහාන්ගෙ අම්මත් එහෙම කෙනෙක්.කොහොම වුණත් චාමලී කියන්නේ මේ ගෙදර හැම වැඩක්ම කරගෙන ඉන්න ඕන කෙනා කියලයි ගිහාන්ගේ අම්මා හිතන්නේ.තමන් තමන් වෙනුවෙන් ඉදිරිපත් නොවන තාක් කිසිම විදියකින් ගැලවීමක් නැති බව චාමලී ට තේරුම් ගියේ නැන්දම්මාගේ නවතින්නේ ම නැති හින්දා.තවත් කෙනෙකුගේ අසීරුතාවක් තේරුම් ගන්න බැරි කෙනෙක් එක්ක රැඳීම පවා විහිළුවක් කියලා චාමලි ට හිතුණා.

“අම්මේ..අනේ ඇත්තටම මටනම් අද උයන්න බැහැ.මට හරිම අමාරුයි. කකුලුත් ඉදිමිලා.ඕනෙනම් අමාරුවෙන් අපි තුන්දෙනාට මොනවා හරි හදන්න පුළුවන්.අක්කලාටත් එකම කරන්න පුළුවන්නේ. නැත්තං අම්මා අපි දෙන්නටම උයලා දෙන්න..”

දුව සහ ලේලිය දෙදෙනෙක් කියලා හිතෙන ගිහාන්ගේ අම්මට ඊට වඩා කියන්න  දෙයක් චාමලී ට මතක් වුණේ නැහැ.චාමලී එහෙම කියලා වතුර වීදුරුවක් බීලා ලොකු හුස්මක් ගත්තෙ හිතේ වේදනාව නිවෙන්නත් එක්ක.

ගිහාන්ගේ අම්මා මොනවදෝ කියමින් බනින හඬ ඇහෙනවා.ඒත් චාමලීට පසුතැවීමක් නෑ.අනුන්ගේ වේදනාවක් ගැන,අපහසුතාවයක් ගැන තේරුම් ගන්න එයාලට බැරිනම් මට මං වෙනුවෙන් කතා කරන්න පුලුවන් වෙන්න ඕන.චාමලී හිතුවේ සැනසීමෙන්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...