රුව ගුණ වැඩුමට දෙව් ලොව රස ඇති මී පැණි

මරණාසන්න රෝගියකු හට මී පැණි බිංදුවක් දිව ගැල්වුවහොත් ජීවිතය දිගුවන බවට පැරැණ්නන් විශ්වාස කලහ. ඒ මී පැණිවල ඇති අමිල ගුණය හේතුවෙනි. විවිධ මල් පැණි වර්ග එකතු කර මී මැස්සන් නිර්මාණය කරන මි පැණි විශ්මිත ඖෂධයකි.

මී පැණි සුලු මාත්‍රාවක් ගන්නා නිසා එහි පවතින සීනි ප්‍රමාණය සිරුරට  ලැබෙන්නේ අඩු ප්‍රමාණයක් නිසාත් රුධිරයේ සීනි සාන්ද්‍රණයට බලපැමක් ඇති නොවේ. දිවට දැනෙන සෞම්‍ය ගතිය එහි පවතින විශේෂිත වුවක්.

මී පැණිවලින් ලැබෙන වාසි ලෙස සිරුරේ පවතින සෙම් කොටස්  සහ අධික මේද තට්ටු ගලවා ඉවත් කර දැමිම පෙන්වා දිය හැකියි.  වැඩිහිටියන්ට වැළඳෙන දියවැඩියාවට හා රුධිරයේ නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට යොදා ගත හැකි ඖෂධයක් ලෙස මී පැණි සැලකේ. තුවාලවලින් සම රැක ගැනීමට මෙන්ම සමෙහි නීරෝගීකම පවත්වාගෙන යාමට ද මී පැණි උපකාරී වෙයි.

මි පැණි ඉතා හොද විෂ නාශකයකි. මෙහි තුවාල සුව කිරීමේ ගුණයක් ද පවතී. සියවස් ගණනක සිට මී පැණි තුවාල, පිළිස්සුම් සඳහා ප‍්‍රතිකාර කිරීමට යොදා ගනී.

ඖෂධයක්  මි පැණි  සමග දිමෙන් ඖෂධය සමග එකට එකතු වි එක් තැනක සිට තවත් තැනකට ක්‍රියාත්මක වි ඉතා ඉක්මණින් ගෙනයාමේ සුවිශේෂ ගුණය වූ යෝගවාහිනි ගුණය මි පැණිවලට ඇත. දේශිය වෙදකමේ බොහෝ  ඖෂධ  මි පැණියෙන් දියකර මුඛය මාර්ගයෙන් ප්‍රවේශ කිරිමට දෙන්නේ ඒ නිසායි. තුන්දොස් සමනයට මි පැණිවලින් ලැබෙන්නේ ඉහළ උපකාරයකි. මි පැණි  වාතය සමනය කිරිම නිසා වේදනාව දුරු කරනු ලබයි. පිත සමනය කරන බැවින් ශිත මේ අනුව සිරුරේ වේදනාව, දාහය ,සෙම සමනය කිරිම සිදුවේ.

කෙසේ වුවත් රත් වු  මි පැණි   සිරුරට විෂ ගෙන දේ. රස්නයේ  පවතින කිසිම ඖෂධයක් සමග මි පැණි  මිශ්‍ර නොකරයි. හේතුව රත් වු පසු  මි පැණි වල ඇති ගුණ හානිවන අතර මි පැණි විෂක් ලෙස ක්‍රියා කරන බැවිනි.

මී පැණි, හදිසි රෝග අවස්ථාවකදි ප්‍රයෝජනයට ගැනිම සදහා නිවසේ තබා ගත යුතුම බෙහෙතකි. ලොව ඖෂධ අතරින් මිහිරිතම ඖෂධය වන මි පැණි ඔබේ නිවසේ ද තබා ගන්නට අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles