ගෙදර තියෙන දේවල් වලින් ලස්සන වෙමු..

සැලෝන් යාම කියන්නෙත් සමහර වෙලාවට අධික වියදම් ඇති කරන වැඩක්. සරල රූපලාවණ්‍ය කටයුතු ඔබට ගෙදරදී කරගන්න පුලුවන්. මේ ඒ වෙනුවෙන් අපෙන් උදව්වක්.

1. මුහුණේ අනවශ්‍ය රෝම සහ බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීම.

බිත්තර සුදු මදය  beat කර මුහුණේ ගාන්න. ඉන්පසු ඒ ආලේපය උඩ පුළුන් කැබලි තබන්න.
එය හොඳින් වේලුණු පසු හෙමින් ඉවසීමෙන් පුළුන් කෑලි ගලවන්න. සම පැහැපත් වෙන්නත් රෝම සහ බ්ලැක් හෙඩ්ස් ඉවත් වෙන්නත් හොඳ ක්‍රමයක්.

2. මුහුණේ සම එල්ලා වැටීමට ප්‍රතිකාර.

බිත්තර සුදු මදයක් ,මී පැණි තේ හැන්දක් සහ ලෙමන් ගෙඩි බාගයක යුෂ එක්ක හොඳින් මිශ්‍ර කරන්න.
එය makeup brush එකක් ආධාරයෙන් මුහුණ මත ආලේප කරන්න.  ඇස් වටා, තොල් මත ආලේප කරන්න එපා. මෙය සමට හොඳින් ඇලෙන තුරු  විනාඩි විස්සක් තියන්න.මිශ්‍රණය සම මත හොඳින් වේළුණු පසු සීතල වතුර යොදා ඉවත් කරන්න.

3. හිසකෙස් වල දීප්තිය වැඩි කර ගැනීම

ස්වභාවික පොල්තෙල් මිලි ලීටර 50කට ලෙමන් යුෂ මේස හැඳි 3ක් මිශ්‍ර කරන්න.මේ මිශ්‍රණය හිස්කබල මත හොඳින් ආලේප කරන්න. පැයක පමණ කාලයක් තබා ස්නානය කරන්න.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles