වෙනස් රසයකින් වෙනස්ම කෑමක් – චිකන් කිව්ස්

මිනි චිකන් කිව්ස්

මේ ආහාරය යුරෝපා රටවල ඉතාමත්ම ජනප්‍රිය ආහාරයක්.ඒ වගේම ඉතාමත්ම පහසුවෙන් සකස් කරගත හැකි ආහාරයක්.ඉතින් ප්‍රධාන ආහාර වේල් අතර කෙටි කෑම වේලකට මේ ස්නැක් එක ඉතාමත්ම පහසුවෙන් සකසා ගන්න පුළුවන් .පොඩිත්තන් නම් නැවත නැවත ඉල්ලමින් රස විඳීවි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කටු ඉවත් කළ කුකුළු මස් බ්‍රෙස්ට් ග්‍රෑම් 300 ක්
  • චීස් පෙති 2
  • බටර් ග්‍රෑම් 20
  • කුඩාවට කපා ගත් පාස්ලි තේ හැඳි බාගයක්
  • ගසා ගත් බිත්තර දෙකක්
  • පාන් කුඩු ග්රෑම් 100
  • ලුණු
  • ගම්මිරිස්
  • බැදීමට පොල්තෙල්

    සාදන ක්‍රමය:

කුකුළු මස් බ්‍රෙස්ට් අඟල් තුනක ප්‍රමාණයෙන් තුනියට කපා ගන්න. මෙසේ කපාගත් කුකුළු මස් බ්‍රෙස්ට් වලට ලුණු ගම්මිරිස් දමා අතින් කලවම් කරමින් හොඳින් සීසන් වීමට තබන්න.ඒ අතරතුර පාස්ලි හා බැටර් කවලම් කර කුකුළු මස් සීසන් වූ පසු බටර් මිශ්‍රණයෙන් කොටසක් ගෙන මෙහි මැදට දමන්න.තුනියට කපා ගත් කුකුළු මස් පෙත්ත මතට බටර් හා පාස්ලි මිශ්‍රණය දමා ඒ මතට නැවතත් ග්‍රේට් කරගත් චීස් දමන්න.දැන් මෙය හොඳින් ඔතා ගසාගත් බිත්තර වල තවරා පාන් කුඩු තවරා ගන්න .තෙල් හොඳින් රත් කර ගැඹුරු තෙලේ බැද ගන්න.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles