කටට රසට ඇපල් සලාදයක් හදමු

ඇපල් ඉතාමත් රසවත් පලතුරක්. අපි බොහෝ විට ඇපල් එකතු කරන්නට පුරුදු වී සිටින්නේ පලතුරු සලාද වලටයි. නමුත් බොහෝ රටවල් ඇපල් එළවළුවක් ලෙස භාවිතා කරනවා. හැමදාම හදන එළවළු සලාදය වෙනුවට රසවත් Spicy Apple Salad හදමු.

අවශ්‍ය දේවල් :

  • ඇපල් ගෙඩි 4ක්
  • කුඩා බී ලූණු ගෙඩියක්
  • කොළ, රතු, කහ බෙල්පෙපර්
  • ළූණු කොළ කිහිපයක්
  • මිරිස් කුඩු තේ හැදි 1
  • කුරුඳු පවුඩර් ස්වල්පයක්
  • අන්නාසි යුෂ මේස හැඳි
  • ඔලිව් ඔයිල් තේ හැදි 1
  • ලුණු අවශ්‍ය පමණට
  • ගම්මිරිස් කුඩු රස අනුව
  • සරසා ගැනීමට පාස්ලි ස්වල්පයක්

සාදන ආකාරය :

ඇපල්, බී ලූණූ, බෙල්පෙපර්, ළූණු කොළ ආදී සියල්ල සිහින්ව දිගටියට කපා ගෙන සලාදය සකසා ගන්නා භාජනයට දමා ගන්න. වෙනත් බඳුනක මිරිස් කුඩු, අන්නාසි යුෂ, ඔලිව් තෙල්, කුරුඳු පවුඩර්, ගම්මිරිස් කුඩු හා ලුණු දමා කලවම් කරන්න. සකසා ගත් මිශ්‍රණය එළවළු වලට එක් කර ගන්න. පාස්ලි යොදා සරසා ගැන්න. ශීතකරණයේ මද වේලාවක් තබා පිළිගන්වන්න.

කොළ ඇපල් සහ රතු ඇපල් දෙවර්ගයම එකතු කර ගැනීමෙන් වැඩි රසයක් එකතු කර ගත හැකියි. උත්සව අවස්තාවන් සඳහා ඉතාමත් සුදුසු මෙම සළාදය සකසා බලන්න අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles