පෝෂණීය high protein snacks

සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගන්න ප්‍රෝටීන මගින් ඉටු වන්නේ සුවිශේෂී කාර්යභාරයක්.ප්‍රෝටීන් මගින් සිරුරේ බර වැඩි නොකර සිරුරට අවශ්‍ය පෝෂණය ලබා ගන්න පුළුවන්.සංකීර්ණ ජීවන රටාවක් ඇති ඔබට කාබෝහයිඩ්‍රේට් අවම ආහාර ලබා ගැනීම සැබෑවටම සුදුසු වනවා.ස්ථුලතාවය සහ දියවැඩියාව වළක්වා නීරෝගීව ඉන්න ඔබට දිවා ආහාරය සඳහා ලබාගත හැකි High Protein Snacks කීපයක් තමයි මේ.ඒවා ඉතා පහසුවෙන් සකසා ගැනීමට හැකිවීමත් රසවත් වීමත් නිසා මේ රෙසිපි ඔබට අනිවාර්යයෙන් අත්හදා බලන්නට පුළුවන

Indian Chicken Protein pots

අවශ්‍ය ද්‍රව්‍ය

පරිප්පු 90g

කුඩා තක්කාලි

හම ඉවත් කර කුඩා කැබලි වලට කැපූ කුකුළු මස්

කපා ගත් කොත්තමල්ලි කොළ

ලෙමන් යුෂ මිශ්‍ර කළ ග්‍රීක් යෝගට්

සාදා ගන්නා ආකාරය

පරිප්පු මඳක් පිස ගන්න.

චිකන් කැබලි තම්බා හෝ රෝස්ට් කර ගන්න.

කපා ගත් තක්කාලි සහ කොත්තමල්ලි කොළ මිශ්‍ර කර ගන්න

ග්‍රීක් යෝගට් උඩින් දමා ගන්න

කඩල සහ නිවිති සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

නිවිති කොළ කෝප්ප එකහමාරක්

තම්බා ගත් කඩල කෝප්ප බාගයක්

කැබලි කපා ගත් හෝ චොප් කරගත් අලිගැටපේර

ලෙමන් යුෂ ස්වල්පයක්

ආමන්ඩ් ඇට

කැමති නම් බිත්තර හෝ සකසා ගත් කුකුළු මස්

සාදා ගන්නා ආකාරය

තම්බාගත් කඩල සහ නිවිති කොල ලොකු භාජනයක හොඳින් මිශ්‍ර කරගන්න.

අලිගැට පේර ද එකතු කරන්න

ලෙමන් යුෂ සහ ආමන්ඩ් ඇට එකතු කරගන්න

බිත්තර හෝ කුකුළු මස් අවසානයට එකතුකර රස අනුව ලුණු සහ ගම්මිරිස් දමා ගන්න

Avacado Egg Salad Sandwiches

අවශ්‍ය ද්‍රව්‍ය

චොප් කරගත් අලිගැටපේර

ලෙමන් යුෂ තේ හැදි එකහමාරක්

බාගෙට තැම්බූ බිත්තර 3

සිහින්ව කපා ගත් සැල්දිරි

සිහින්ව ලියාගත් ළූණු

ලුණු

ගම්මිරිස් කුඩු

පරළු පාන්

සලාද කොළ

සාදා ගන්නා ආකාරය

අලිගැටපේර හොඳින් පොඩි කරගන්න

එයට ලෙමන් යුෂ එකතු කරන්න

හොඳින් තලපයක් වන සේ සකසන්න

බිත්තර කුඩා කැබලි කර එයට එකතු කරන්න

සැල්දිරි,ළූණු,ගම්මිරිස්,ලුණු ආදිය ද එකතු කරමින් මිශ්‍ර කරගන්න

පාන් පෙතිවල එම මිශ්‍රණය තවරා ගන්න

සලාද කොළ මැද තබා ආහාරයට ගන්න.

ඔබට බිත්තර වෙනුවට මස් වර්ගයක් හෝ ටූනා මාළුද යොදා ගන්න පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles