ජෑම් කුකීස්

කුකීස් වර්ග කියන්නේ ඔබට නිවසේදීම පහසුවෙන් සහ අඩු වියදමකින් සකස් කර ගන්න පුළුවන් රස කැවිලි වර්ගයක්. අද අපි ඔබට කියන්නේ ඔබට පහසුවෙන්ම සකස් කර ගත හැකි එවැනි ජෑම් කුකීස් රෙසිපි එකක් ගැනයි.

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

පාන් පිටි 350g

බිත්තර 2 

සීනි 80g

ස්ට්‍රෝබෙරි ජෑම් මේස හැඳි 5

ග්‍රේට් කරගත් ලෙමන් පොතු 

ලුණු ස්වල්පයක්

යෝගට් මේස හැඳි 2 

බේකින් පව්ඩර් මේස හැඳි 1

බටර් 100g

සිහින් පෙති කපන ලද ආමන්ඩ්ස් 

හදන්නේ මෙහෙමයි

මුලින්ම භාජනයක් ගෙන එයට බිත්තර දෙක කඩා ගන්න

අනතුරුව එයට ලුණු ස්වල්පයක් , සීනි සහ යෝගට් එකතු කර විස්ක් එකක් ආධාරයෙන් සීනි දිය වෙන තුරු හොඳින් මිශ්‍ර කර ගන්න

තවත් භාජනයක් ගෙන එයට පිටි සහ බේකින් පව්ඩර් එකතු කර මිශ්‍ර කරන්න

එයට බටර් එකතු කර බටර් සම්පූර්ණයෙන් දිය වන තුරු නැවත මිශ්‍ර කරන්න

ඉන්පසුව කලින් සකස් කර ගත් බිත්තර මිශ්‍රණය එම පිටි මිශ්‍රණයට එකතු කර සොෆ්ට් ඩෝ එකක් ආකාරයට සකස් කර ගන්න

ඩෝ එක ලෑල්ලක් මත තබා රෝලින් පින් එකක් ගෙන එම ඩෝ එක තුනී කර ගන්න 

තුනී කර ගත් ඩෝ එක හරි මැදින් දෙකට කපා ඒ මතට ජෑම් අතුරා ගෙන කෙලවරේ සිට මැදට නවා ගන්න

අනතුරුව එහි මතුපිටට ද ජෑම් තවරා ඒ මතට සිහින්ව කපා ගත් ආමන්ඩ් පෙති අතුරා ගන්න

සකස් කරගත් කුකී ඩෝ එක සෙල්සියස් අංශක 180 ට රත් කර ගත් අවන් එකක විනාඩි 25 ක් බේක් කර ගන්න

නිවුනු පසු එය මතට අයිසින් සීනි ඉස ගෙන කුඩා කොටස් වලට කපා පිලිගන්වන්න

Related Articles

Don't Miss


Latest Articles