අවුරුදු නෑගම් එන හිත මිතුරන්ට රස වෑහෙන බත් වර්ග

අලුත් අවුරුදු කෑම මේසයට වෙනස් රසට අලුත් තාලේ බත් වර්ග හදන්න පුලුවන් නම් අපූරුයි නේද? වෙනස් රසකට බත් වර්ග කිහිපයක් හදන හැටි අද අපි කියන්නේ ඒ නිසා.

ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය දේවල්: 

බත් කප් 2 (පමණට ලුණු දමා තම්බාගත්)

ඉස්සන් 200g (පිරිසිදු කර ලුණු සහ ගම්මිරිස් තැවරූ)

කැරට් කප් 1 (සිහින්ව දිගට කූරු කපාගත්)

ලීක්ස් කප් 1/2 (රවුමට කපාගත්)

සුදුළුුනු මේස හැන්දක් (තලාගත්)

ලූනු කප් 1/4 (පෙති කපාගත්)

බිත්තර 1 (බීට් කරගත්)

ලුණු තේ හැන්දක්

ගම්මිරිස් තේ හැඳි 1/2

කෑලි මිරිස් හැන්දක්

තෙල් කප් 1/4

සාදාගන්නා ආකාරය:

සාස්පානක් (පෑන් එකක්) ලිප තබා තෙල් එක්කරන්න.

එයට ඉස්සන් එකතු කර හොඳින් දෙපසම බැදගන්න.

බැදුනු ඉස්සන් පිඟානකට ඉවත් කරගන්න.

නැවත්තන් එම සාස්පානම ලිප තබා, එයට සුදුළුුනු එකතු කරන්න.

සුදුළුුනු විනාඩියක් පමණ බැදෙන විට ලූනු එකතු කර තවත් විනාඩියක් බැදගන්න.

ඉන්පසු එයට බීට් කරගත් බිත්තරය එකතු කර ස්ක්‍රැම්බල් කරගන්න. (

ස්ක්‍රැම්බල් කළ බිත්තරය ලූනු හා සුදුළුුනු වලට එකතු කර කළවම් කරගන්න.

එයට කැරට්, ලුණු, ගම්මිරිස් සහ කෑලි මිරිස් එකතු කර කළවම් කර විනාඩි 2,3ක් තෙම්පරාදු කරගන්න.

ඉන්පසු එයට ලීක්ස් එකතු කර කළවම් කරගන්න.

දැන් බත් එකතු කර හොඳින් හැඳි ගාමින් විනාඩි 5ක් පමණ හොඳින් බත බැදගන්න.

අවසානයේ බැදගත් ඉස්සන් එකතු කර ලිපෙන් ඉවත්කරගන්න.

ලිපෙන් ඉවත් කරගත් ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් උණු උණුවේ පවුලේ අයට පිළිගන්වන්න.

මෙක්සිකන් රයිස්

අවශ්‍ය දේවල්:

සෝදා දිය බේරාගත් හාල් කප් 4

කපාගත් තක්කලි ගෙඩි 4

කපාගත් රතු පාට බෙල් පෙපර් 2

හීනියට ගා ගත්ත කැරට් ගෙඩි 4 (සාමන්‍ය ප්‍රමාණයේ)

කපාගත් ලූනු ගෙඩි 2ක්

වියලි මිරිස් කරල් 4

තලාගත් සුදු ලූනු බික් 8

තෙල් හෝ බටර්

එලවලු තම්බා ගත් වතුර අවශ්‍ය පමණ

ලුණු

සාදාගන්නා ආකාරය:

තෙල් හෝ බටර් රත් වෙන්න තබා එයට බෙල් පෙපර්, සුදු ලූනු, තක්කලි සහ වියලි මිරිස් එක් කර මිශ්‍ර කරගන්න.

මෙම මිශ්‍රණය නිවෙන්නට හැර බ්ලෙන්ඩරයක දමා අඹරාගන්න.

වෙනම බඳුනක බටර් ටිකක් රත් වෙන්න තබා එයට ලූනු එක් කර රන්වන් පැහැ වන තෙක් බැද එයට සහල් එක් කර තෙම්පරාදු කරගන්න.

අඹරාගත් මිශ්‍රණය සහල් වලට එක් කර එයට කැරට් සහ එලවලු තම්බාගත් වතුර එක් කර අවශ්‍ය පමණට ලුණු එක් කර බත් පිසගන්න

Related Articles

Don't Miss


Latest Articles