පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන් තමන්ගේ ගුරුවරියන්ට සහ ගුරුවරුන්ට වඩාත් සමීප වන්නේ ඔවුන් දරුවන්ගේ හැඟීම් හරියටම කියවා ගන්නා නිසා.
මේ කතාව ඇසෙන්නේ ඇමරිකාවේ ප්‍රාන්තයකින්.ගුරු ගෞරවය දරුවන්ව රඳවන තැන මේ සංවේදී කතාව හරහා ඔබට දැන ගන්න පුලුවන්.
ජැක්, ඩස්ටින් සහ ඒප්‍රිල් කියන්නේ අවුරුදු දහසයක ළමයි තුන්දෙනෙක්.ඔවුන්ගේ ගුරුවරිය අසනීප වීම ඔවුන්ව විශාල මානසික කඩා වැටීමකට ලක් කළා.
ඇය ඉක්මනින් සුවපත් වෙන බව සිහිපත් කරමින් ඇය ඔවුන්ට ඉගැන්වූ පාඩම් සිහි කරමින් ඔවුන් ඇය අසලම රැඳුණා.
” මිස් ක්‍රේන්. ඔයා තව ටික දවසකින් නැගිටලා ක්‍රියාශීලී වෙන්නයි යන්නේ. අපිට තවම රොබට් ෆ්‍රොස්ට් කවිය ඉවර කරන්න තියෙනවා, මතකද?”
ඔව්, ඔයා වගේ අපිට උගන්වන්න වෙන කාටවත් බෑ…”
නිහඬවම කදුළු සලමින් ඔවුන් ගුරුවරියට එසේ පවසන්නට වුණා.
මිතුරන් තිදෙනා ඔවුන්ට ලෝකයක් වූ ගුරුවරිය වටා වාඩි වී සිටියේ ඇය පසුගිය වසරේ ඔවුන්ගේ ජීවිත වෙනස් කළ ආකාරය සිහිපත් කරමින්
ඩස්ටින්ගේ මව අසනීප වී පියා රැකියාව නිසා කාර්‍යබහුල වී සිටි මාස හතරක් පුරාවට ඩස්ටින් දිනපතාම දිවා ආහාරය සඳහා පාසලට සීතල මෙයොනීස් සැන්ඩ්විච් එකක් රැගෙන ආවා.පන්තියේ හැමෝම එය දැක ඇති අතර, බොහෝ ළමයින් ඩස්ටින්ට සමච්චල් කිරීමට පටන් ගත්තා. එහෙත් ඒ ගැන ඔහුගෙන් විමසීමට තරම් සැලකිල්ලක් දැක්වූයේ ක්රේන් මහත්මිය පමණයි.සිදු වූ දෙය ඇය දැනගත් විට, ක්‍රේන් මහත්මිය සෑම දිනකම ඔහුට පෝෂ්‍යදායී දිවා ආහාරයක් රැගෙන ආවා
ඒප්‍රිල් පන්තියේ සිටි නිහඬ ගැහැණු ළමයෙකු වූ අතර කිසිදා සිනහවක් පළ නොකල ශිෂ්‍යාවක්. ඇගේ හැසිරීම් නිරීක්ෂණය කළ ක්‍රේන් මහත්මිය පෙන්වා දුන්නේ ඒප්‍රිල් භීතිකාවකට ගොදුරු වී ඇති බවත් ඇයට ප්‍රතිකාර ආරම්භ කළ යුතු බවක්.
ජැක් ඔහු පන්තියේ මැරයා වූ අතර වෙනත් දරුවන්ගේ බඩු බාහිරාදිය සොරකම් කරනවා.නැත්නම් මිතුරන්ට හිරිහැර කරනවා.
ඔහුට ලිපි ද්‍රව්‍ය හෝ පොත් කිසිවක් මිල දී නොගන්නේ ඔහුට තාත්තා නොමැති නිසා බව ගුරුවරියට වැටහුණු විට, ක්‍රේන් මහත්මිය ඔහුට වසර පුරාවටම පවත්වාගෙන යාමට පාසල් උපකරණ කට්ටලයක්ම ඔහුට මිල දී ගත්තා.
පන්තියේදී හදිසියේම ක්ලාන්ත වී ක්‍රේන් මහත්මිය එහි ඇතුළත් කළ මොහොතේ සිටම මේ දරුවන්සිටියේ රෝහලේ.ක්‍රේන් මහත්මියට පවුලේ අය කියලා කියන්න කෙනෙක් නැතිකම ද එයට හේතුවක් වුණා.රාත්‍රී ආහාරය වෙනුවෙන් සැන්ඩ්විච් සහ මෆින් තුනකට බෙදා ආහාරයට ගන්නට ඔවුන් තීරණය කළා.
“ළමයෝ ගෙදර යන්න ඕනේ නැද්ද?” කරුණාවන්ත හෙදියක් ඔවුන්ගෙන් ඇසුවා. දවස පුරාම ඔවුන්ව නිරීක්ෂණය කළ ඇය ඊයේ රාත්‍රියේ ඔවුන් ආපන ශාලාවේ ඇති අපහසු ප්ලාස්ටික් පුටු මත නිදාගෙන සිටිනු දැක තිබුණා
“නෑ, අපි මෙතන නවතිනවා. ක්‍රේන් මහත්මිය එක්ක,” දරුවන්ගේ පිළිතුර එවැනි එකක් වූවා.ගුරුවරිය කෙරෙහි දරුවන්ගේ ආදරය තේරුම් ගත් හෙදිය ඔවුන්ට රසකවිලි පරිත්‍යාග කරන්නට පෙළඹුනා.මොනතරම් වෙහෙසට පත් වුනොත් ඔවුන්ව නිවසට රැගෙන යන්නට දෙමාපියන්ට පහසු වූයේ නැහැ.ක්‍රේන් මහත්මියට හිරිහැරයක් නොවන ලෙස ඇය අසල රැඳෙන්නට අවසානයේ දී දෙමව්පියන් ඔවුන්ට උපදෙස් ලබා දුන්නා
” පුළුවන් වෙලාවට පාඩම් කරන්න අමතක කරන්න එපා! සතියකටත් අඩු කාලයකින් විභාගෙ!”
විභාගයට ඉතිරිව තිබුණේ ඉතා සුළු කාලයක්. දෙමාපියන්ට වඩා පාසලේ විදුහල්පති සිංගර් මහතා දරුවන් තිදෙනා ගැන දැඩි කනස්සල්ලට පත්ව සිටියා.සිංගර් මහතා දරුවන් බැලීමට රෝහලට එවූ කාර්යාල නිලධාරියා ඔහුට දරුවන් සම්බන්ධ වාර්තාවක් ලබා දීමට වගබලා ගත්තා.
“මිස්ටර් සිංගර්. ජැක්, ඩස්ටින් සහ ඒප්‍රිල්. එයාලා ඔක්කොම මෙතන ඉන්නවා, ඉස්පිරිතාලෙ ස්ටාෆ් එක කියනවා මුලු කාලෙම මෙහෙ හිටියා කියලා. මිස් ක්‍රේන් සනීප වෙනකම් යන්නෙ නෑ කියලා.”
දරුවන් දකින්නට එන්නට විදුහල්පතිතුමා ක්‍රියාත්මක වන්නේ ඉන්පසුව.
ගුරුවරිය තමන්ටද සහෝදරියක බඳු නිසා දරුවන් සමග මෙතන හිඳින්නට තමන් තීරණය කළ බව විදුහල්පතිතුමා පවසනවා.ඉන්පසු ගුරුතුමියට සුව වන තුරු ආහාර ලබාගන්නටත් පාඩම් කරන්නටත් ඔවුන් එකඟ කරවා ගන්නට විදුහල්පතිතුමා ක්‍රියා කරනවා.දෙවියන් කෙරෙහි විශ්වාසය තබමින් ගුරුවරිය වෙනුවෙන් යාඥා කරන්නටත් දරුවන් වග බලා ගන්නවා.නමුත් ඔවුන් විදුහල්පතිතුමාගේ අණට කීකරු වෙමින් මීළඟ සතියේ ඇති විභාගයට සූදානම් වීම ආරම්භ කරනවා.
“මිස් ක්‍රේන් කොහොමත් සනීප වෙනවා.ඊට පස්සේ එයාට ඔයාලගේ රිසල්ට්ස් වලින් ආඩම්බර වෙන්න තියෙන්න ඕන.”
ගුරුවරිය ගේ ජීවිතය ගැන එතරම් විශ්වාසයක් නැතත් විදුහල්පතිතුමා දරුවන්ට එසේ පවසනවා.
“හොඳ ආරංචියක්, ක්‍රේන් මහත්මියට සිහිය ඇවිත්. ඇය ජැක්, ඩස්ටින් සහ ඒප්‍රිල්ව ඇය අසලට ඉල්ලනවා. මම අනුමාන කරන්නේ ඒ ඔයාලා කියලා?”
තුන්වැනි රාත්‍රිය ගෙවී යද්දී එවැනි ආරංචියක් රැගෙන හෙදිය ඔවුන් වෙත පැමිණෙනවා. දරුවන් කෑගසා සන්තෝෂ වෙමින් එකිනෙකා වැළඳ ගනිමින් උඩ පනින්නට පටන් ගන්නවා.
“තවමත් ප්‍රාතිහාර්ය සිදු වෙනවා” දරුවන්ව වැළඳගන්නා විදුහල්පතිතුමා පවසන්නේ එවැනි දෙයක්.
මේ ඉතා මෑතකදී සිදු වූ සිදුවූ සත්‍ය කතාවක්.කාත් කවුරුත් නොමැති ව රෝහලේ අසරණ වන්නට ඉඩ තිබූ වයෝවෘද්ධ කාන්තාවක වටා ඔවුන් දරුවන් තිදෙනකු රැඳී සිටීමේ කිසිදු ප්‍රාතිහාර්යයක් නැහැ.දරුවන්ට පිරිසුදු ආදරයක් ලබා දීම ඔවුන්ගේ ආදරය නැවත ලබා ගැනීමට හේතුවක්. ලෝකයෙ නරක ගුරුවරු මිසක නරක ළමයි ඇත්තේ නැහැ.වඩාත් යහපත් ගුරුවරියක වූ ක්‍රේන් මහත්මිය ජීවිතයත් මරණයත් අතර සටන් කරද්දී ඇය විසින් ජීවිතය ඉගැන්වූ දරු තිදෙනෙක් ඇගේ ජීවිතය අයදිමින් බලා සිටියේ ඒ නිසා.
දරුවන්ට ආදරය පමණක් ලබා දෙන්න!