වෙනස් විදිහෙ Facial එකක් කරල බලමුද?

ලංකාවේ අපේ ප්‍රධාන ආහාරය වන සහල් නැතිනම් බත්  වසර දහස් ගණනක සිට ලොව පුරාම රුව වර්ධනය කරගන්න යොදා ගැනෙන බව ඔබ දන්නවාද?

අනෙක් ධාන්‍ය වර්ග මෙන්ම සහල් යනු ස්වාභාවිකව තෙල් උරාගැනීමේ හැකියාව තිබෙන ධාන්‍ය වර්ගයක්. සම ලස්සන කරන්ගන්නට සහල් සාරය ඉතාම හොඳ රූපලාවණ්‍ය සත්කාරයක්. එය රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා බෙහෙවින් යොදා ගැනෙන්නක්. වයසට යෑම ප්‍රමාද කරන්න පමණක් නොව ඔබගේ කෙස් කළඹ ශක්තිමත් සහ ලස්සන කරන්නත් සහල් සාරයට හැකියාව තිබෙනවා.

සහල් සාරය cleanser එකක් වගේම toner එකක් විදයටත් නිතර පාවිච්චි කරන්න පුළුවන්. මෙම හොඳ රූපලාවණ්‍ය සත්කාරය සාදා ගන්නට ඔබට අවශ්‍ය වෙන්නේ කැකුළු සහල්, වතුර, පුළුන් ස්වල්පයක් සහ පියන සහිත භාජන දෙකක් පමණයි. මෙහිදී සහල් ස්වල්පයක් භාජනයකට දමා හොඳින් සෝදා පිරිසිදු කරගෙන පිරිසිදු ජලය සහල් වැසෙන සේ සහල් වලට වඩා අඟලක් පමණ උඩට පුරවාගන්න. භාජනයේ පියන වසා සෙමින් සොලවා විනාඩි 10ක් පමණ තබා එහි කිරි පැහැයට හැරී ඇති ජලය පෙරා වෙන් කරගන්න. පුළුන් වලින් මෙම කිරි පැහැති ජලය සමේ මෘදුව ආලේප කර විනාඩි දහයක් පමණ තබා සෝදා හරින්න.

මෙම රූපලාවණ්‍ය සත්කාරය මෙම ආකාරයට ටික කලක් සිදුකල විට ඔබේ සමේ දිදුලන වෙනසක් දැක ගත හැකි වනු ඇත.  ඔබගේ සම ලස්සන කර ගන්නට මෙම අඩු වියදම්, ඉතා පහසු සත්කාරය කරලා බලන්න අමතක කරන්න නම් එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles