නිරෝගී දිගු කෙස් කළඹක් ලබා දෙන අලිගැටපේර හෙයා මාස්ක්

කෙස් කළඹ කියන්නෙ ඔබට ලස්සන පෙනුමක් ලබා දෙන්න අත්‍යවශ්‍යම දෙයක්. දිගු කෙස් කළඹක් ලබා ගන්න  වගේම කෙස් කළඹ ලස්සනට තියාගන්නත් අපි නොයෙකුත් දේවල් අත්හදා බලනවා. විවිධ තෙල් සත්කාර , හෙයා මාස්ක් සත්කාර ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඉතිං අද අපි කියලා දෙන්න යන්නේ විශ්මිත ප්‍රථිපල තියෙන ඔයාගේ කොණ්ඩය ඉක්මනින් වවා ගන්න පුළුවන් අලිගැටපේරවලින්  hair mask එකක් හදාගන්න විදිය.

අලිගැටපේර මාස්ක්  හිසකෙස් සඳහා හොඳ සත්කාරයක් වන්නේ කොහොමද ?

හිස කෙස්වල වියළි ගතිය නැති කිරීම

අලිගැටපේරවල  ස්වාභාවික තෙල් සහ බහු අසංතෘප්ත මේද අම්ල අඩංගු වනවා .ඉතා හොඳ මොයිස්චරයිසින් ගුණයකින්  සහ පෝෂ්‍යදායී ගුණයෙන් ද යුක්ත වනවා .ඒ නිසා  සියලුම හිසකෙස් ගැටළුවලට අලිගැටපේර හරහා හොඳ  සත්කාරයක් ලැබෙනවා. විශේෂයෙන් වියළි අපිළිවෙල හිස කෙස් සඳහා මෙය ඉතාමත් යෝග්‍ය වනවා.

හිසකෙස් පෝෂණය කිරීම

මෙම පළතුරෙහි විටමින් බහුල වන නිසා  එය හිස්කබල පෝෂණය කරමින්  නිරෝගී, දිළිසෙන කෙස්කළඹක් ලබා දෙනවා. අලිගැට පේර යනු බයෝටින් වල විශිෂ්ට ප්‍රභවයක් වන අතර, මෙම ඇති Bවිටමින් හිසකෙස් වඩාත් සෞඛ්‍ය සම්පන්නව වර්ධනය වීමට උපකාරී වනවා.

හිසකෙස්වලට සිනිඳු හා දිළිසෙන පෙනුමක් ලබා දීම

අලිගැටපේරවල ඇති පොටෑසියම් සහ මැග්නීසියම් ඇතුළු ඛනිජ වර්ග නිසා  හිසකෙස්වලට  සිනිඳු හා දිළිසෙන පෙනුමක් ලබා  දෙමින්  එය කැඩීම වළක්වා ගත හැකියි.හිස කෙස්වල  ශක්තිමත් භාවය වැඩිදියුණු කරයි.


අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩි 1යි
  • ඔලිව් තෙල් මේස හැඳි 2යි
  • මී පැණි තේ හැඳි 2යි
  • පොල් කිරි කෝප්ප භාගයක්

සකසා ගන්නා ආකාරය

පළමුව හොදින් ඉදුණු අලිගැටපේර ගෙඩිය බ්ලෙන්ඩර් කර ගන්න

පසුව එයට ඔලිව් තෙල් මේස හැඳි 2, මී පැණි තේ හැඳි 2 සහ පොල් කිරි කෝප්ප භාගය එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න

පාවිච්චි කරනේ කොහොමද ?

සකසා ගත් අලිගැටපේර මිශ්‍රණය හොඳින් පීරා ගත් කොණ්ඩයේ ගාන්න.(හිස්කබලට සහ හිස කෙස්වලට හොඳින් කාවදින පරිදි)

පසුව shaver cap එකකින් හොඳින් හිස ආවරණය කර පැයක්  පමණ තබා ගන්න.

පැයකට පසුව කොණ්ඩය හොඳින් සෝදා  කන්ඩිෂනර් කර ස්වභාවිකව වේලෙන්න ඉඩ හරින්න .

Young woman with long straight hair – at studio. Portrait of an attractive brunette girl. Fashion model wears black shirt anf jeans. beautiful female model

සැලකිලිමත් විය යුතු කරුණු

මෙම සත්කාරය ඔබ සතියකට සැරයක් සිදු කරන්න

උදෑසන කාලයේ මෙම සත්කාරය සිදු කිරීම වඩාත් යෝග්‍යයි

මෙම සත්කාරය ඔබත් සිදු කර දිදුළන නිරෝගී දිගු කෙස් කළඹක හිමිකාරිනියක් වන්න

Related Articles

Don't Miss


Latest Articles