අලුත් අවුරුද්දේ ස්මාර්ට් යුවතියක් වෙන්නේ මෙහෙමයි.

අලුත් අවුරුද්දක් එන්නේ අලුත් වෙන්න. ඇත්තටම ඔබ අලුත් අවුරුද්දේ ස්මාට් ගැහැනු ළමයෙක් විදිහට වෙනස් වෙන්න කැමති ඇති.කොහොමද මේක කරන්නේ? අපි ලෑස්තියි ඔබට උදව් කරන්න. මෙන්න මේ tips යොදාගෙන ඔබේ පෙනුම වගේම හැසිරීමත් වෙනස් කරගෙන ඔබට අලුත් අවුරුද්ද ස්මාට් යුවතියක් වෙන්න පුළුවන්

  1. පරිපූර්ණ විදියට අඳින්න  

ඔහේ ඇඳුම් කෑලි එල්ලගෙන ඉන්නවා වෙනුවට ඔබට ගැලපෙන විදිහට ලස්සනට අඳින්න.විවිධ විලාසිතා සම්බන්ධයෙන් උත්සාහ කර බලන්න.ගැලපීමක් නැති හෝ කිසිම පිළිවෙලක් නැති ඇඳුම් වෙනුවට අඩු මුදලට හෝ  පිළිවලට සහ ලස්සනට පෙනෙන ඇඳුම් තෝර ගන්න.

  1. ගැළපෙන ලෙස ආභරණ පළඳින්න

සමහර වෙලාවට ඔබට හොඳ පෙනුමක් එන්න හොඳ ආභරණවලින් ඉටු වෙන්නේ විශාල කාර්යභාරයක්. ෆැන්සි ජුවලරීස් වගේම රන් ආභරණ හෝ රිදී ආභරණ ඒ වගේම ඔරලෝසුවක් ඇදුමට ගැලපෙන ලෙස පළඳින්න 

  1. පාවහන් ගැන සැලකිලිමත් වෙන්න

ඔබට ඕනෑම ඇඳුමක් සමඟ පැළඳිය හැකි සරල මෝස්තර සහ වර්ණ සහිත සොයා ගැනීමට උත්සාහ කරන්න.

  1. හොඳ සනීපාරක්ෂාව පුරුදු කරන්න. 

මෙය ඔබට වැඩ කිරීමට නැවුම් සහ පිරිසිදු පදනමක් ලබා දෙනු ඇත, එවිට ඔබට ඔබේ හොඳම පෙනුම සහ දැනිය හැක. ඔබේ සනීපාරක්ෂාව යනු අන් අය ඔබ ගැන දකින පළමු දෙයයි, එබැවින් පිරිසිදු ජීවන රටාවක් පවත්වා ගැනීම වැදගත් . ඔබේ දෛනික චර්යාවට මෙම පියවරයන් කිරීමට උත්සාහ කරන්න:

සෑම දිනකම  නා පිරිසිදු වෙන්න. සෑම දිනකම ඔබේ හිසකෙස් සෝදා ගැනීම අනවශ්‍ය වුණත් ඇඟපත සෝදා ගැනීම වැදගත්. 

සෑම උදෑසනකම ඩියෝඩ්රන්ට් භාවිතා කරන්න. හොඳ සුවඳ විලවුන් වර්ගයක් භාවිතා කරන්න.සෑම උදෑසනකම සහ සෑම රාත්‍රියකම නින්දට පෙර විනාඩි දෙකක් දත් මදින්න. මුඛ සනීපාරක්ෂාව ඔබට හොඳම පෙනුම ලබා ගැනීමට පමණක් නොව, එය ඔබේ සමස්ත සෞඛ්‍යයටද අතිශයින් වැදගත්.

  1. ඔබේ රූපය ගැන සැලකිලිමත් වෙන්න

ඔබේ සම මත ඇති කුරුලෑ සහ කැළැල් ආදියට ප්‍රතිකාර කරන්න. ඒ වගේම පිටතට යද්දී අනිවාර්යයෙන් සන් ක්‍රීම් එකක් භාවිතා කරන්න. හොඳ Skin Care  Routine එකක් පවත්වා ගැනීමත් හරිම වැදගත් . ඔබේ මුහුණට ගැලපෙන  කොණ්ඩා විලාසිතා කරන්න. ඔබේ සමට ගැලපෙන අන්දමට මේකප් කරන්න. නිය ආලේපන සහ තොල් ආලේපන තෝරාගන්න 

  1. හොඳ ආහාර රටාවක් තබා ගන්න.

හොදින් වතුර බොන අතර නිතරම යහපත් ආහාර රටාවකට පුරුදු වෙන්න. මේ බොහෝ බෝ නොවන රෝග තදින් ව්‍යාප්ත වන තරුණ අය ඊට ගොදුරු වන කාලයක් බැවින් ඔබේ ශරීර සෞඛ්‍ය වඩාත් යහපත් කරන ආහාර රටාවට පුරුදු වෙන්න

  1. තවත් ඉගෙන ගන්න 

ඔබේ අධ්‍යාපන මට්ටම ගැන සැලකිලිමත් වෙන්න. රැකියාවෙන් ඉහලට යාමට පමණක් නොවේ,ඔබේ ආත්ම තෘප්තිය වෙනුවෙන් ද ඔබ කැමති දේවල් ගැන ඉගෙනගන්න.

  1. මනුෂ්‍යත්වයෙන් ජීවත් වන්න

මේ ගැන නිතරම සැලකිලිමත් විය යුතු කාලයක්. සෑම කෙනෙකුම දැඩි මානසික පීඩාවලට නිතරම ලක් වන කාලයක් බැවින් ඔබේ සමීපතමයින් ගැන මෙන්ම  දන්නා නොදන්නා අය ගැන සැලකිලිමත් වන්න. ඔබ සමාජ මාධ්‍ය වුණු දමන කමෙන්ට් එකකින් පවා වෙන කිසිවකුගේ හිත් නොරිදවන්නට ප්‍රවේසම්වන්න.

  1. ආත්ම අභිමානයෙන් ජීවත් වෙන්න

ඔබ සතු දක්ෂතා හඳුනා ගන්න. කතා කිරීමේදී සහ රාජකාරි කටයුතු කිරීමේදී පසුගාමී වන්නට එපා. හැම මොහොතකම ඔබ සමග ඔබ සිටින බව සිතා ආත්මාභිමානය ඇතිකරගන්න.සමහර විට මේ වසරේදී ඔබට දැඩි ජීවිත අභියෝගයට මුහුණ දෙන්නට අවස්ථාව ලැබෙන්නට පුළුවන්. ඒ සියල්ලට සියල්ලට ම ස්මාට් කාන්තාවක් ලෙස මුහුණ දෙන්න  

Related Articles

Don't Miss


Latest Articles