සිඟිති දියණියගේ අපයෝජකයා මරා දැමූ අම්මා

0
9910

දරුවෙක් වෙනුවෙන් මවක් ඉතා තදබල තීරණ ගන්නට පුලුවන්. ලෝක ඉතිහාසයේ කඳුලින් ලියැවුණු එවැනි කතාවක් අදටත් හැම කෙනෙකුම සංවේගයට පත් කරන්නට සමත්.

ඇනා බැච්මියර් 1972 නොවැම්බර් 14 වන දින ජර්මනියේ ලුබෙක් හි උපත ලැබුවා.ඇනාගේ පියා ඇනාගේ හැදී වැඩීමට සම්බන්ධ නොවී සිටීමට තීරණය කළ නිසා ඇගේ මව වූ Marianne සින්ගල් මාම් කෙනෙක් ලෙස ඇනා ඇති දැඩි කළා. Marianne වේටර්වරියක් ලෙස සේවය කළ අතර ඇනා ප්‍රාථමික පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලැබුවා.

1980 මැයි 5 වැනිදා උදේ ඇනා තම මව සමඟ ආරවුලක් ඇති කර ගත්තා.ඇගේ මිතුරෙකු හමුවීමට අවශ්‍ය වූ නිසා ඇනා එදින පාසල මඟ හැරීමට තීරණය කළා. පාසැලට යන ලෙස මවාපාමින් නිවසින් පිටව ගොස් ටික වේලාවකට පසු, ඇනාට ඔහුගේ බළලුන් සමඟ සෙල්ලම් කළ හැකි බවට පොරොන්දුවක් දී අසල්වැසියෙකු වන 35 හැවිරිදි මස් වෙළෙන්දෙකු වන ක්ලවුස් ග්‍රබොව්ස්කි විසින් මහල් නිවාසයකට රැගෙන ගොස් තිබුණා.ග්‍රබොව්ස්කි පැය කිහිපයක් ඇනාට ලිංගික අතවර කළ අතර ඔහුගේ පෙම්වතියගේ ඇඳුමකින් ඇයව ගෙල සිරකර මරා දැමුවා.ඔහු තම වෘත්තියෙන් උගත් කුසලතා උපයෝගී කරගනිමින් ඇයගේ සිරුර බැඳ තැබුවා. ග්‍රබොව්ස්කි ඇනාගේ දේහය පෙට්ටියක තබා ප්‍රාදේශීය ඇළ ඉවුරේ නොගැඹුරු සොහොනක තැන්පත් කළා.ඔහුගේ පෙම්වතිය එදින දහවල් වැඩ නිමවී නිවසට පැමිණ ඔහු කළ දේ දැනගත් විට ඇය වහාම පොලිසියට කතා කළා. විමර්ශකයින් ඇනාගේ දේහය සොයා ගත් අතර ඇය පැහැරගෙන යාම, දූෂණය කිරීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ග්‍රබොව්ස්කිව අත්අඩංගුවට ගත්තා.

ක්ලවුස් ග්‍රබොව්ස්කිට මීට පෙරද ළමා දූෂණ සම්බන්ධ චෝදනා වූ අතර ඔහුට සිරදඬුවමක් ලැබී තිබුණා.නමුත් ඔහු නිවැරදි පුද්ගලයෙකු වී තිබුණේ නෑ.

ග්‍රබොව්ස්කිට එරෙහි නඩු විභාගය 1981 මාර්තු 3 වැනිදා ආරම්භ වුණා.සත් හැවිරිදි ඇනා ඔහුව පොළඹවා ගැනීමට උත්සාහ කළ බවත්, මුදල් නොදුන්නොත් දූෂණය ගැන ඇගේ මවට පවසන බවට ඇය තර්ජනය කළ නිසා ඔහු ඇයව මරා දැමූ බවත් ග්‍රබොව්ස්කි සාක්ෂි දී තිබුණා. Marianne Bachmeier තම දියණිය සම්බන්ධයෙන් Grabowski කළ චෝදනා සම්බන්ධයෙන් දැඩි කෝපයට පත් වුණා. 1981 මාර්තු 6 වන දින,ඇය  පිස්තෝලයක් ඇගේ පසුම්බියේ තබාගෙන මිනිසුන් පිරී ගිය උසාවියට ​​ගෙන ගියා. උසාවියේ ඉදිරිපස සිටින ග්‍රබොව්ස්කිට ඇය වෙඩි පහර 8ක් එල්ල කළා. සමහර වාර්තා පවසන්නේ ඔහු උසාවි බිමේදී ක්ෂණිකව  මිය ගිය බවයි. ඔහු රෝහලට ගෙන යන අතරමගදී මිය ගොස් ඇති බව අනෙකුත් වාර්තා සඳහන් කරනවා.

Marianne Bachmeier කිසිදු ප්‍රතිරෝධයක් හෝ ප්‍රශ්නයක් නොමැතිව වහාම අත්අඩංගුවට පත් වුණා. ඇය පැමිණ සිටි උසාවි විනිසුරුවරයාට පැවසුවේ, “මට එයාව මරන්න ඕන වුණා. මට ඔහුගේ මුහුණට වෙඩි තැබීමට අවශ්‍ය වුණා, නමුත් මම ඔහුට පිටුපසට වෙඩි තැබුවා. ඔහු මිය ගොස් ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”ඇගේ නිල ප්‍රකාශයේ, “මම එය ඔබ වෙනුවෙන් කළා, ඇනා.” ලෙස ලියූ අම්මා ඇනාගේ ජීවිතයේ අවුරුදු හතක් නිරූපණය කිරීමට හදවත් හතක් ඇතුළත් කළා.

1983 දී Marianne Bachmeier හට සැලසුම් සහගත මනුෂ්‍ය ඝාතනයක් සඳහා වසර හයක සිර දඬුවමක් නියම වූ අතර, ඇය කිසිදු විරුද්ධත්වයක් නැතිව එය පිළි ගත්තා.නමුත් 1985 ජූනි මාසයේදී ඇය නිදහස් කරනු ලැබුවා.

බැච්මියර් මහත්මිය නැවත විවාහ වුණත් එය සාර්ථක විවාහයක් වූයේ නෑ.1996 සැප්තැම්බර් 17 ඇය අග්න්‍යාශ පිළිකාවකින් ජීවිතයෙන් සමු ගත්තා.

තමන්ගේ දරුවෙක් විනාශ කර දමන පාපතරයෙකු විනාශ කරන්නට අම්මා කෙනෙකු දෙවතාවක් සිතන්නේ නෑ.ඇගේ කතාවෙන් අපට පැහැදිලි වන කාරණාව එය මිස අන් කුමක්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here