පෙනහළු පිළිකා වළකන සුපිරි ආහාර 14ක්

පෙනහලු අපේ ශරීරයේ වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි. නමුත් එය කාලයත් සමඟ ම ක්‍රමානුකූල ව ක්‍රියා කරන්නේ නැතිවේ. ඒ නිසා ඒවායෙහි සෞඛ්‍යය ගැන හොඳින් සැලකිලිමත් විය යුතු යි. වයස්ගත වීමට අමතරව, දුම්පානය, රෝගාබාධ, රසායනික හෝ දූෂකවලට නිරාවරණය වීම සහ දුර්වල ආහාර පුරුදු වැනි වෙනත් සාධක ද ​​පෙනහළු සෞඛ්‍යයට බලපෑම් කරයි. පලතුරු, එළවලු සහ ඇට වර්ග අඩුවෙන් ආහාරයට ගන්නා අයගේ පෙනහළු ක්‍රියාකාරීත්වයේ ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙන බව පර්‍යේෂකයන් පවසනවා. මෙම ආහාර නිෂ්පාදනවල ප්‍රතිඔක්සිකාරක, ශාක පදනම් වූ ශාක රසායන අඩංගු වන අතර එමඟින් අපගේ පෙනහළු වල දාහය අඩු කර පෙනහළු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.

විවිධ අධ්‍යයනයන්ට අනුව, පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ආහාර වේලක් සමඟ ජීවන රටාව වෙනස් කිරීම නිදන්ගත රෝගයන්ගෙන් පෙනහළු ආරක්ෂා කිරීමට සහ රෝග ලක්ෂණ අඩු කිරීමට උපකාරී වේ.

කහ

කහ වල ජෛව සක්‍රීය සංයෝගයක් වන Curcuminවල ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් වන අතර ප්‍රතිබැක්ටීරීය, ප්‍රතිවෛරස්  සහ පිළිකා නාශක ගුණ ඇත. ඇස්, සම, හදවත, මොළය සහ පෙනහළු රෝග වැනි විවිධ රෝග තත්ත්වයන්ගෙන් අපව ආරක්ෂා කිරීමට එය උපකාරී වේ. Curcumin ශ්වසන සෞඛ්‍යය වැඩි දියුණු කරන අතර පෙනහළුවලට සිදුව ඇති හානි අලුත්වැඩියා කරයි.

තක්කාලි

තක්කාලි සහ තක්කාලි නිෂ්පාදනවල ලයිකොපීන් (කැරොටිනොයිඩ් ප්‍රතිඔක්සිකාරකයක්) අඩංගු වන අතර එය නිදන්ගත පෙනහලු රෝග ඇති අය, දුම් පානය කරන්නන් හා ඇදුම ඇති පුද්ගලයින්ගේ ශ්වසන මාර්ගයේ දැවිල්ල අඩු කරයි. තක්කාලි වල විටමින් සී ද අඩංගු වන අතර එය ද දැවිල්ල අඩු කරන අතර මුක්ත ඛණ්ඩකවලට එරෙහිව සටන් කරයි. පිසින ලද තක්කාලි පරිභෝජනය කරන විට අපගේ ශරීරය ලයිකොපීන් වඩා හොඳින් අවශෝෂණය කරයි.

බීට්රූට්

බීට්රූට් සහ කොළ නයිට්රේට්වලින් පොහොසත් වන අතර, රුධිරවාහිනී ලිහිල් කර රුධිර පීඩන මට්ටම අඩු කරයි.  අධි රුධිර පීඩනය සහ පෙනහළු ආබාධ සහිත පුද්ගලයින්ගේ පෙනහළු ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි. නයිට්රේට් වලට අමතරව, බීට්රූට් සහ කොළ විටමින් C, මැග්නීසියම්, පොටෑසියම් සහ කැරොටිනොයිඩ් ප්‍රතිඔක්සිකාරක වලින් ද් පොහොසත් නිසා සමස්ත ශරීර සෞඛ්‍යයටම බලපායි.

කොළ පැහැති පලා වර්ග

ගෝවා කොළ, නිවිති කොළ වැනි කොළ පැහැති පලා වර්ග වල විවිධ විටමින්, ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් පෙනහළුවල දාහය අඩු කරන අතර පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි.

ඇපල්

නිතිපතා ඇපල් පරිභෝජනය වෛද්‍යවරයෙකුගෙන් ඈත් වන බව ප්‍රසිද්ධ කියමනකි. ඇපල් පරිභෝජනය කිරීමෙන් ඇදුම අවදානම සහ සංකූලතා අඩු කරයි. මේවායෙහි ඔක්සිකාරක ඇති නිසා පෙනහළුවල ආතතිය අඩු කරයි. ඇපල් ලෙලිවල ඇති සමහර සංඝටක රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

දොඩම්

දොඩම් වල විටමින් C සහ කැල්සියම් බහුලයි. මෙය පෙනහලු රෝග නිසා අහිමි වූ පෝෂක මට්ටම් නැවත පුරවා දෙන අතර,  පිළිකා වලින් පෙනහළු ආරක්ෂා කිරීම සිදු කරයි. 

ගම්මිරිස්

ගම්මිරිස්, විටමින් C වලින් පොහොසත් වන අතර, ඇදුම වැනි විවිධ පෙනහළුවලට බලපාන රෝගවලින් අපගේ පෙනහළු ආරක්ෂා කිරීමට උපකාරී වේ. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බහුල ගම්මිරිස් අපගේ පෙනහළු අභ්‍යන්තර හානිවලින් ආරක්ෂා කර පෙනහළු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.

වට්ටක්කා

වට්ටක්කා වල කැරොටින් සහ ලුටීන් වැනි කැරොටිනොයිඩ් අඩංගු වන අතර ඒවා පෙනහළු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි. වට්ටක්කා වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.

බ්‍රොකොලි

බ්‍රොකොලි වල සල්ෆෝරාපේන් සංයෝගය අඩංගු වන අතර එය දුම්පානයෙන් හෝ පරිසර දූෂණයෙන් මෙන් ම විෂ ද්‍රව්‍ය ආඝ්‍රාණය වීම නිසා ඇතිවන හානිවලින් පෙනහළු ආරක්ෂා කරයි. බ්‍රොකොලි වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් සී ද අඩංගු වන අතර එය නිදන්ගත පෙනහළු ආසාදන සහ පිළිකා වැළැක්වීමට උපකාරී වෙයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමට ද බ්‍රොකොලිවලට හැකියාව තිබේ.

හතු

හතු විටමින් ඩී සහ බීටා-ග්ලූකන්ස්වලින් පොහොසත් වන අතර එය ශ්වසන මාර්ගයේ දැවිල්ල අඩු කිරීමට සහ පෙනහළු සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

යෝගට්

යෝගට් වල සෙලේනියම්, කැල්සියම්, පොස්පරස් සහ පොටෑසියම් ඇතුළු බොහෝ ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ පෙනහළු ක්‍රියාකාරිත්වය වැඩි කරන අතර ඇදුම අවදානම අඩු කරයි.

සැමන් මාලු සහ බෙල්ලන්

බෙල්ලන් සහ සැමන් වැනි සමහර මුහුදු ආහාර වල ඔමේගා-3 මේද අම්ල, විටමින් D සහ සින්ක්, තඹ සහ සෙලේනියම් වැනි විවිධ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ පෙනහළු ක්‍රියාකාරිත්වය සහ ශ්වසන මාංශ පේශිවල ශක්තිය වැඩි දියුණු කරන අතර දුම් පානය කරන්නන්ට මෙන්ම ඇදුම රෝග සහිත අයට ද වඩා ගුණදායක වේ. 

බිත්තර

බිත්තර ප්‍රෝටීන්, ඔමේගා-3 මේද අම්ල සහ විටමින් A වලින් පොහොසත් වන අතර එමඟින් ශ්වසන මාර්ගයේ මාංශ පේශිවල ශක්තිය වැඩි දියුණු කරයි. හානියට පත් පෙනහළු සෛල අලුත්වැඩියා කිරීමට සහ සාමාන්‍ය සෛල වර්ධනයට උපකාරී වේ.

කොකෝවා සහ කොකෝවා නිෂ්පාදන

ඩාක් චොකලට් වැනි කොකෝවා සහ කොකෝවා නිෂ්පාදන ෆ්ලේවනොයිඩ් ප්‍රතිඔක්සිකාරක සහ තියෝබ්‍රොමින් සංයෝගවලින් පොහොසත් වන අතර එමඟින් අසාත්මික ශ්වසන රෝග සහ පෙනහළුවල දැවිල්ල අඩු කරයි, ශ්වසන මාර්ගය ලිහිල් කරයි. නිදන්ගත පෙනහළු රෝග සහ පිළිකා වලින් ආරක්ෂා කිරීමට ද කොකෝවා උපකාරී වේ.

වැඩිපුර ශාක ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් ද, සැකසූ ආහාර සහ රතු මස් හැකිතාක් අඩුවෙන් පරිභෝජනය කිරීමෙන් ද ඔබේ පෙනහළුවල සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකිය. ආහාර රටාව වෙනස් කිරීම සමඟ ම සුව ජීවන රටාවක් පවත්වා ගනිමින් නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් පෙනහළු සෞඛ්‍යය වැඩි දියුණු කරන අතර බොහෝ නිදන්ගත පෙනහළු රෝග වළක්වයි.

Related Articles

Don't Miss


Latest Articles