අවුරුදු මේසෙට රස උතුරන පැස්ටා

සාම්ප්‍රදායික ආහාර වර්ග විතරක්ම නෙවෙයි. අවුරුදු වලට ගෙදරට එන නෑදෑයන්ට රසම රස ඩිනර් එකක් හදන්න ස්මාර්ට් ගෘහණියක් හැටියට සැලකිලිමත් වෙන්න. අපි නූඩ්ල්ස් සහ පැස්ටා වර්ග කිහිපයක් මෙහෙම හදමුද?

Chicken Alfredo Pasta

අවශ්‍ය දේවල්:

හොඳින් හැපෙන තරමට තම්බා ගත් ඕනෑම හැඩයක පාස්තා 250g

කුඩා කැබලි වලට කපා ගත් චිකන්

කුඩාවට කපාගත් හතු ටිකක් (කැමති නම් පමණක්)

කුඩාවට කපා ගන් ලූනු ගෙඩියක්

කුඩාවට කපාගත් තක්කාලි ගෙඩියක්

ක්‍රීම් චීස් වෙජස් 4ක් 

පාමෙසාන් චීස් කප් 1/4 ක් පමණ 

නැවුම් එළකිරි කෝප්පයක්

බටර් මේස හැඳි 2

ලුණු සහ ගම්මිරිස්

සාදාගන්නා ආකාරය:

චිකන් කැබලි වලට ලුණු සහ ගම්මිරිස් අතගාන්න.

සාස්පානක් ලිප තබා එයට බටර් දමන්න.

බටර් දිය වී ගෙන එන විට එයට චිකන් දමා හොඳින් බැදගන්න.

චිකන් බැදීගෙන එන විට එයට හතු සහ ලූනු දමා හොඳින් කළවම් කර විනාඩි 2ක් පමණ බැදගන්න.

දැන් එයට තක්කාලි සහ කිරි එකතු කරන්න.

ඉන්පසු එයට ක්‍රීම් චීස් සහ පාමෙසාන් චීස් එකතු කර හොඳින් කළවම් කරන්න.

මිශ්‍රණය සෝස් එකක් ලෙස ඝනකම් වන තෙක් හැඳි ගාමින් පිසගන්න

අවසානයේදී තම්බාගත් පාස්තා ටික සෝස් මිශ්‍රණයට එකතු කර හොඳින් කළවම් කරගන්න

Spicy Spaghetti Bolognese

අවශ්‍ය දේවල්:

අඹරා ගත් කුකුල් මස් හෝ හරක් මස් 500g

තම්බා ගත් ස්පැගටි (Spaghetti) 500g

සිහින්ව කපා ගත් තක්කාලි 250g

තක්කාලි පේස්ට් 50g

තක්කාලි සෝස් මේස හැදි 1 ½  ක් පමණ

ග්‍රේට් කර ගත් ගා ගත් පාමසන් චීස් 75g ක් පමණ

සිහින්ව කපා ගත් කැරට් 75g ක් පමණ

සිහින්ව ලියා ගත් රට ලූණු 40g ක් පමණ

අඹරා ගත් හෝ චොප් කර ගත් සුදු ලූණු බික් 5 ක් පමණ

අඹරා ගත් හෝ චොප් කර ගත් ඉඟුරු 2cm ක පමණ කැබැල්ලක්

චිකන් ස්ටොක් හෝ බීෆ් ස්ටොක් අඬු කෝප්ප 3ක් පමණ

එළවළු තෙල් 40ml පමණ මේස හැදි 2-3ක්

ලුණු (රස අනුව)

ගම්මිරිස් (රස අනුව)

කෑලි මිරිස් (රස අනුව)

සාදා ගන්නා ආකාරය:

මුලින්ම භාජනයක් ලිප තබා එයට තෙල් ටික දා ගෙන රත් කර ගන්න.

තෙල් රත් වූ විට සුදු ලූණු, ඉඟුරු සහ රට ලූණු එකතු කර යන්තමින් බැදෙන්න හරින්න.

පසුව එයටම කැරට් ටික දමා ගෙන යන්තමින් පිස ගන්න.

දැන් ගින්දර වැඩි කර එයටම මස් ටික එකතු කර හොඳින් කලවම් කර ගන්න.

මස් ටික යන්තමින් රන්වන් පැහැ වී ගෙන එන විට එයට කපා ගත් තක්කාලි එකතු කර ගෙන පිස ගන්න.

තක්කාලි වල වතුර ගතිය හිදී ගෙන එන විට එයට තක්කාලි පේස්ට් සමඟ චිකන් ස්ටොක් දමා ගෙන නටන තුරු පිස ගන්න.

එය බුබුළු දමා නටා ගෙන එන විට ලිප ගින්දර අඩු කර මද වේලාවක් පිස ගන්න.

ඉන් පසුව රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කර තවත් ටික වේලාවක් පිස ගන්න.

එයටම තක්කාලි සෝස් හා රස අනුව කෑලි මිරිස් එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න.

මෙය හොඳින් උකු ගතියට එන විට එයට තම්බා ගත් ස්පැගටි එකතු කර හොඳින් කලවම් කර ගන්න.

පිළිගන් වන විට පාමසන් චීස් උඩින් ඉස ගෙන උණුවෙන්ම රස විදින්න.

Related Articles

Don't Miss


Latest Articles